ඕර්වෙලියානු ඩිස්ටෝපියාව ගැන ලියා යන්තම් සති දෙකක් ගත වුනා විතර යි! යහපාලන ආන්ඩුව රටේ අනාගත පරපුර ගැන ඔත්තු බලන, ඔවුන් යන යන තැන ලුහු බඳින ඊනියා ආරක්ශක උපකරනයක් (tracking device – ට්‍රැකිං ඩිවයිස් එකක්) හඳුන්වා දීමට අදහස් කරන බව විදුලි සන්නිවේදන හා ඩිජිටල් යටිතල ඇමති හරීන් ප්‍රනාන්දු ඊයේ නිවේදනය කර සිටියා. මේ කටයුත්ත සාධාරනීකරනය සඳහා ඔහු ඉදිරිපත් කල හේතුවට මුලින් අවධානය යොමු කරමු:
ඔහුට අනුව පාසැල් ගමනේ දී, කෙලිසෙල්ලම් කිරීමේ දී, ටියුශන් පන්තිවලට සහභාගී වීමේ දී ආදී වසයෙන් දවස පුරා සිය දරුවන් යන-එන-සිටින-ගැවසෙන ස්ථාන දැනගැනීම වනාහි දෙමාපියන්ට තිබෙන දැවෙන අවශ්‍යතාවක්. පසුගිය සති ගනනාව තුල හටගත් ආන්දෝලනාත්මක ලමා මරන සමගත් මේ අවශ්‍යතාව සම්බන්ධ කරන්න ඔහු අමතක කලේ නෑ: “දෙමව්පියෝ මොන තරම් කලබල වෙනව ද තමන්ගෙ දරුවා පාසැල්වලට ඇරලපුවම, ඒ වගේ ම දෙමව්පියො මොන තරම් කලබල වෙනව ද ටියුශන් පන්තිවලට දරුවන් ගියාම, ඒ වගේ ම දෙමව්පියන් මොන තරම් කලබල වෙනව ද දරුවා දහම් පාසැලට ගිහිල්ලා ගෙදර එනකං….” මේ ඇමතිවරයාගේ වචන. ඔහුට අනුව දෙමාපියන් අද ඉන්නේ දරුවන්ගේ “ආරක්ශාව හා අනාගතය” ගැන “කලබලයෙන්”. මේ වාතාවරනය තුල දෙමාපියන්ට දරුවන්ගේ “ආරක්ශාව හා ඉදිරි අනාගතය” සුරක්ශිත කර දීම යහපාලන ආන්ඩුවේ වගකීම බවත් ඔහු කෙලින් ම ප්‍රකාශ කෙරුවා. මේ “සේවාව” ඉටු කිරීමට දැනට මත් උපකරන නිශ්පාදකයින් සමග සාකච්ඡා පවත්වා මිලගනන් කැඳවීම ද අරඹා ඇති බව ඔහු කියන දෙයින් පෙනී යනවා.
ආන්ඩුවත් එහි ඇමති හරීන් ප්‍රනාන්දුත් අපේ දූදරුවන් ආරක්ශා කරගැනීමේ පරම පිවිතුරු චේතනාවෙන් ම පමනක් මේ වැඩපිලිවෙල දියත් කරන බව මොහොතකට පිලිගෙන බලමු. එවිට වුනත් අපට පෙනෙන්නේ හරීන් ප්‍රනාන්දු යනු මැතිවරන වේදිකා සටන්වල මුඛරි කථිකයකු ලෙස ඉස්මතු වී ජනප්‍රිය වුනත්, විරුද්ධවාදීන්ට තකට තක ඔරොත්තු දී තෙම්පරාදු වී සිටියත්, නූතන ලෝකයට ගැලපෙන දැනුමකින් හෝ සංවේදීතාවන්ගෙන් සමන්විත නොවන, “ඩිජිටල් යටිතල පහසුකම්” වැනි තීරනාත්මක වැදගත්කමකින් යුතු ක්ශේත්‍ර හැසිරවීමෙහි නොසමත්, නොදැනවත් හා දේශපාලනික ව නොමේරූ තැනැත්තෙකු බව යි. ඔහු පෙරට දමාගෙන මේ ක්ශේත්‍ර හසුරුවන ආන්ඩුව ගැනත් නිගමනය කරන්න වෙන්නේ එය ම යි. ඒත් එවැනි නිගමනයකින් නැවතිය හැක්කේ යහපාලන ආන්ඩුව තුල හුදෙක් සද්චේතනාව පමනක් තියෙන බවට උපකල්පනය කලොත් විතර යි! මම හිතන්නේ ඔවුන් ඊට වඩා සූක්ශ්ම යි. ඔවුන්ට ඊට වඩා දුරදිග යන අරමුනු තියෙනවා. ඒ කාරනයට ලිපියේ අග දී නැවත යොමු වෙමු.
ප්‍රශ්නයේ ස්වභාවය
පාසැල් දරුවන් යනු ගොවිපොල සතුන් මෙන් යන යන තැන ලුහුබැඳ තබාගත යුතු සත්ව කොට්ඨාසයක් ද? ඇමති ප්‍රනාන්දුගේ සාධාරනීකරනයට අනුව මෙය වනාහි “ඩිජිටල් – තාක්ශනික” යුගයේ පහසුකමක්! නමුත් සිහිබුද්ධිය ඇති සියලු දෙමාපියන් මේ වැඩපිලිවෙලට තරයේ විරෝධය පල කොට සිය දරුවන්ගේත් තමන්ගේත් නිදහස හා පුද්ගලිකත්වය (privacy) ආරක්ශා කරගන්න පෙරට ආ යුතු අවස්ථාවක් මේක. දේශපාලන පක්ශ, ගුරු සංගම්, විදුහල්පති සංගම් හා ශිශ්‍ය සංගම් මේ පිලිබඳ යථා තතු දැනගෙන ඉක්මනින් මැදිහත් වීමේ අවශ්‍යතාව මතු ව තිබෙනවා.
ප්‍රනාන්දු ඇමතිවරයා ඉදිරිපත් කරන ලාමක පුහු තර්ක ටික අවිවේචනාත්මක ව වාර්තා කිරීම හැර වැඩි යමක් බොහෝ සාම්ප්‍රදායික ජනමාධ්‍යවලින් බලාපොරොත්තු වෙන්න අමාරු යි. ඒත් බ්ලොග් අවකාශය ඇතුලු නව මාධ්‍ය අවකාශ තුලත් තාක්ශනය පිලිබඳ උත්සුකයක් දක්වන විවිධ වෘත්තිකයින් හා නිදහස් මෘදුකාංග ක්‍රියාධරයින් අතරත් මේ ගැන වඩා ගැඹුරු සාකච්ඡාවක් ඇති වේ ය යි මම කල්පනා කරනවා.
එවැනි සාකච්ඡාවකට මුලපිරීමක් හැටියට ඉහත මතු කල නිදහස හා පෞද්ගලිකත්වය පිලිබඳ ප්‍රශ්නයට යා වුනු අනිවාර්ය තාක්ශනික ප්‍රශ්න කීපයක් ඉදිරිපත් කරන්න මම කැමති යි:
1) ලමුන්ගේ සාක්කුව තුල රුවා (හෝ බෙල්ලේ එල්ලා) ඔවුන් සමග ඔබ මොබ යැවීමට අදහස් කරන මේ උපකරනය තුල ධාවනය වන මෘදුකාංග (software) මොනවා ද?
2) එම මෘදුකාංගවල මූල කේත (source code) පරීක්ශා කර බලා ඒවා නිපදවා ඇති ආකාරයත්, ඒවායේ ක්‍රියාකාරීත්වයත් ගැන සෑහීමකට පත් වීමේ අවස්ථාවක් ලමුන්ගේ දෙමාපියන්ට ලබා දෙන්නේ ද?
3) මේ උපකරනයේ දෘඪාංග පිලිබඳ විස්තර (hardware specifications) මොනවා ද?
4) මේ උපකරන මගින් ලමුන් පිලිබඳ හා උපකරනය තිබෙන ස්ථානය පිලිබඳ ලබාගන්නේ කෙබඳු තොරතුරු ද? GPS උපකරන මගින් රැස් කරන ආකාරයේ තොරතුරු – එනම් ගෝලීය ස්ථානගතවීම් පිලිබඳ තොරතුරු එමගින් ලබාගත හැකි ද? හඬ, වීඩියෝ ආදිය එයට ලබාගත හැකි ද? මේ කරුනු සැක නැති ව දැනගැනීමට නම් මීට පෙර ප්‍රශ්න තුනට උත්තර දැනගන්න වෙනවා.
5) උපකරනය ලමුන් පිලිබඳ දත්ත සම්ප්‍රේශනය සඳහා යොදාගනු ලබන මාධ්‍යය කුමක් ද? එය අන්තර්ජාලයට සම්බන්ධ වන්නේ ද, නැතහොත් ගුවන් විදුලි තරංග හෝ චන්ද්‍රිකා සබැඳුම් යොදාගන්නේ ද? එසේත් නැතහොත් එය ජංගම දුරකථන කුලුනු ඔස්සේ දුරකථන සේවා සම්පාදකයින්ගේ සහාය ලබමින් එම සංඥා පද්ධතිය මගින් දත්ත සංසරනය කරන්නේ ද?
6) මේ දත්ත සම්ප්‍රේශනය, සංසරනය හා ගබඩා කර තැබීම යන කාර්යයන් සඳහා යොදාගැනෙන ආකේතන ක්‍රම (encryption) හා ආරක්ශන විධි තිබේ ද? තිබේ නම් ඒ මොනවා ද?
7) මේ උපකරන ලමුන්ගේ සාක්කුවේ සිට දත්ත සම්ප්‍රේශනය කරන්නේ කා වෙත ද? දරුවාගේ සිට දෙමාපියන් දක්වා ගමන් කරන දත්ත ඒ අතරවාරයේ තවත් ස්ථාන කීයකට ගමන් කරනවා ද? එම දත්ත වෙත ප්‍රවේශය ඇත්තේ කාට ද? එම දත්තවල පිටපත් ලබාගත හැක්කේ කාට ද? මේ දත්ත ස්ථාන කීයක ගබඩා කර තැබේ ද? ඒවාට ප්‍රවේශය ඇත්තේ කාට ද?
8) මෙතෙක් දරුවන් යන-එන-සිටින තැන් පිලිබඳ දැන සිටියේත් දැනගැනීමට වෑයම් කලේත් පාසැලේ දී නම් ගුරුවරුනුත්, ඉන් පිටත දී දෙමාපියනුත් තමයි. මේ උපකරනය යොදාගැනෙන විට කී දෙනෙක්, ආයතන කීයක්, පාර්ශ්ව කීයක් මේ වැඩේට සම්බන්ධ වෙනවා ද? එයින් කී දෙනෙකුට එවැනි වැඩකට අතගැසීමේ සුදුසුකම් හා සදාචාරාත්මක අයිතිය තිබේ ද?
9) මේ උපකරන අවශ්‍ය විටක සක්‍රිය කිරීමේ හා අක්‍රීය කිරීමේ හැකියාව ඇත්තේ කාට ද? දරුවා දෙමාපියන් ලඟ හෝ නිවෙස තුල සිටින විට උපකරනය තොරතුරු සංසරනය කරන්නේ නැද්ද?
10) උපකරනය ව්‍යාපාරික අරමුනකින්, ලාභ ලැබීම සඳහා නිපදවන්නක්. ඒ බව ඇමතිවරයාත් පිලිගන්නවා. උපකරනය මගින් ඒකරාශී කරන ලමුන්ගේ ගමන්බිමන් පිලිබඳ දත්ත (සහ දැනට හෙලි කර නැති සියලු ආකාරයේ දත්ත) තවදුරටත් ලාභ ලැබීම සඳහා යොදා නොගන්නා බවට, තෙවැනි සිව් වැනි පාර්ශ්වයන්ට නොවිකුනන බවට තියෙන සහතිකය කුමක් ද?
11) මෙලෙස ඒකරාශී කරනු ලබන දත්ත සමුදාය රටේ ජනගහනයෙන් සැලකිය යුතු කොටසක් මානනය හා පාලනය (manipulate and control) කිරීම සඳහා අපයෝජනය කිරීමේ හැකියාව රාජ්‍ය බලය හිමි පිරිසට – ආන්ඩුවට හා  දත්තවලට ප්‍රවිශ්ටය ඇති රාජ්‍ය අංශයේ විවිධ කොටස්වලට – නැද්ද?
මේ උපකරනයේ දෘඪාංග හා මෘදුකාංග පක්ශය පිලිබඳ සවිස්තර තොරතුරු හෙලි නොකර ලමුන්ගේ ආරක්ශාව පිලිබඳ උන්මාදනීය කලබලයක් ඇති කොට එමගින් නොසන්සුන් වන දෙමාපියන්ගේ අනුකූලතාව ලබාගනිමින් මේ කරන්න යන්නේ විශාල ජනකායක් පිලිබඳ දැවැන්ත පරිමාන ඔත්තු බැලීමක් මිස අනෙකක් නෙමෙයි! දැනට පේන්න තියෙන්නේ හුදෙක් කැමැත්තක් දක්වන දෙමාපියන්ට විකුනන අටියෙන් කෙරෙන “සයිඩ් බිස්නස් එකක්” හැටියට විතරක් වුනත් මෙවැන්නක් අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය ඇති ව සියලු සිසුන්ට අනිවාර්ය දෙයක් හැටියට නිල වසයෙන් ම ක්‍රියාත්මක වුනොත් එහි භයානකකම තවත් වැඩි වෙනවා! සමහර විදුහල්පතිවරුන් හා දෙමාපියන්, පාසැල් සංවර්ධන සමිති, දෙමාපිය-ආදිශිශ්‍ය යනාදී සංගම් ඒ ඒ මට්ටමෙන් එකඟ වී මෙය තමතමන්ගේ පාසැල් මට්ටමින් ක්‍රියාවට නඟන්නත් ඉඩ තියෙනවා නේද? කමකට නැති යාන්ත්‍රනයක් බවට පත් වෙමින් ඇති අපේ පාසැල් පද්ධතිය තුල මෙයින් ඕනෑ ම දෙයක් සිදු වීමේ අවදානම තියෙනවා. එනිසා සියලු දෙනා වහා සිහි එලවා ගෙන කල්පනාකාරී හා දැනුවත් තීරනයක් ගත යුතු යි!
ලමුන්ගේ පෞරුශ වර්ධනය හා මනෝවිද්‍යාත්මක සාධක
ගමන් යන එන තැන්, කරන කියන දේ, ඉරියවු යනාදී සියල්ල සෑම මොහොතක ම අන්‍යයින්ගේ නිරීක්ශනයට හා සුපරීක්ශනයට ලක් වන බව දන්නා දරුවකුගේ පෞරුශ වර්ධනයට එයින් සිදු වන හානිය ඉතා තීරනාත්මක විය හැකි බව යෝජනා කරන්න මම කැමති යි. ඕර්වෙලියානු ඩිස්ටෝපියාව පිලිබඳ ලිපියේ සඳහන් කල පරිදි “සෑම මොහොතක ම තමන් දෙස කවුරුන් හෝ බලා සිටින බව – බලාධිකාරයේ සුපරීක්ශාකාරී ඇස තමන් වෙත යොමු ව ඇති බව – දන්නා ජීවිතයක් නිදහසේ විකසිත වෙන්නේ නෑ. ඒ වෙනුවට නරඹන්නාගේ පාලනයට ඍජු ව හා වක්‍ර ව අනුගත ජීවිතයක් නිර්මානය වෙනවා. හුදෙක් නැරඹීම ම පාලනයේ කොටසක්.” මෙය වැඩිදුර ගැඹුරින් සාකච්ඡාවට ගැනීම ලමා මනෝවිද්‍යාව, අධ්‍යාපන විද්‍යාව ඇතුලු විශයයන් පිලිබඳ ප්‍රවීනයින්ගේ ද දායකත්වය සහිත ව පුලුල් අන්දමින් කල යුතු දෙයක් වුනත් දැනට අප්‍රමාද ව මේ ප්‍රශ්න මතු කිරීම අප කාගේත් වගකීමක්.
ලමා අයිතීන් පිලිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ 16 වැනි වගන්තිය දරුවන්ගේ පෞද්ගලිකත්වය (privacy) සම්බන්ධයෙන් අදහස් දක්වනවා. සෑම ලමයකුට ම පෞද්ගලිකත්වයට අයිතියක් ඇති බවත්, තම පෞද්ගලිකත්වය, පවුල, හා සන්නිවේදන කටයුතු සම්බන්ධ ව අන් අයගේ මැදිහත් වීමෙන් තොර ව කටයුතු කිරීමේ නිදහස ඔවුන්ට හිමි විය යුතු බවත් එම වගන්තියෙන් කියැවෙනවා. පවත්නා ක්‍රමය තුල ආර්ථික, දේශපාලනික හා සංස්කෘතික බාධක නිසා සර්වසම්පූර්න නිදහසක් දරුවාට උදා කර නොදුන්නත් මේ ප්‍රඥප්තිය ලමුන් පිලිබඳ දැනුවත්, විද්‍යාත්මක ප්‍රවිශ්ටයකින් හා සංවේදීතාවකින් යුතු ව සම්පාදිත ලියවිල්ලක්. එම ප්‍රඥප්තියේ 40 වැනි වගන්තියේ vii වැනි උපවගන්තිය දරුවකු අතින් නීතිය උල්ලංඝනය වන වරදක් සිදු වූ විට පවා ඊට අදාල නෛතික ක්‍රියාවලියේ සියලු අදියරවල දී දරුවාගේ පුද්ගලිකත්වයට සම්පූර්නයෙන් ගරු කොට තහවුරු කිරීම සම්බන්ධයෙන් රාජ්‍යය සතු භූමිකාව ද පෙන්වා දෙනවා. යහපාලන ආන්ඩුව හදන්නේ ශ්‍රී ලංකා රාජ්‍යය දැනට එකඟ වී පිලිගෙන තිබෙන මෙවැනි ප්‍රඥප්තීන් ද කසල ගොඩට දමන්න යි!
ලමා විය හා පාසැල් විය
පාසැල් ජීවිතය හා ලමා විය ඊට ම ආවේනික රසමුසු, අවදානමෙන් ද තොර නැති, සුන්දර අත්දැකීමක් බවට පත් කර දීම ලොව හසුරුවන වැඩිහිටියන්ගේ වගකීම යි, යුතුකම යි. පාසැල් දරුවකුගේ ජීවිතය සෑම විටක ම දෙමාපිය ගුරුවර අනුදැනුම හා සුපරීක්ශාව යටතේ, පරිපාලිත අවකාශ තුල පමනක් ගත විය යුතු අවධියක් හැටියට හිතන කෙනෙක් මාපිය පදවි හෝ ගුරු තනතුරු ලැබීමට තරම් සෞඛ්‍ය සම්පන්න මානසික තත්වයක නෑ කියලයි මට හිතෙන්නේ.
මා ඉහත මතු කල තාක්ශනික ගැටලුවලට පිලිගත හැකි මට්ටමේ සාධාරන පිලිතුරු දී සම්පූර්නයෙන් “විනිවිද පෙනෙන” උපකරනයක් කරලියට ගෙන ආවත් මිනිස් ප්‍රානියකු යන එන සිටින තැන් දැකගැනීම සඳහා එවැන්නක් යොදාගැනීම සදාචාරාත්මක නෑ. ආචාරධාර්මික නෑ. එය හැඳින්විය හැක්කේ මිනිස්කමින් තොර කටයුත්තක් හැටියට යි. දෙමාපියන් වීම හා ගුරුවරයකු වීම යන්නෙන් අදහස් වන්නේ කුමක් ද? එය කිසි සේත් මෙයාකාර ලුහුබැඳීම (tracking) පිලිබඳ කටයුත්තක් නෙමෙයි. කුඩා කල පටන් තමුන්ගේ සමස්ත පාසැල් ජීවිතයත්, සියලු ඔබ මොබ ගමන්බිමනුත් මෙවැනි ලුහුබැඳීමේ උපකරනයක් මඟින් (කොම්පැනියක් හා ආන්ඩුව එකතු වී) වාර්තාගත කරනු ලැබූ දරුවකු හැදී වැඩී පරිනත වී ලෝකයට ලබා දෙනු ඇත්තේ කෙබඳු දායකත්වයක් ද? ඔහු හෝ ඇය කෙබඳු වැඩිහිටියකු වේවි ද?  මට නම් ඒ ගැන හිතන විටත් ඇති වෙන්නේ විසාල කම්පනයක්, තැතිගැන්මක්. මෙය කියවන ඔබට එවැන්නක් දැනේ ද නැද්ද මොහොතක් හිතා බලන්න.
ලෝකය හා සමාජය ගැන ප්‍රමානවත් දැනුමක්, අවබෝධයක් දරුවාට ලබා දෙමින් දරුවාත් තමනුත් අතර තිබිය හැකි හිස් තැන් මානව සම්බන්ධතා පිලිබඳ ක්ශේත්‍රය තුල විසඳාගමින්, ජීවිතයට මඟ පෙන්වීමේ බැරෑරුම් කාර්යභාරය දෙමාපියන්ටත් ගුරුවරුන්ටත් පැවරෙනවා. සමාජයේ ජීවත් වෙන්න, ගමන් බිමන් යන්න, ප්‍රසිද්ධ ස්ථානවල දී ආරක්ශා වෙන්න දරුවන්ට මඟ පෙන්විය යුතු යි. “එලියේ සමාජය” ආරක්ශාකාරී නැත්නම්, එන්න එන්න ම “පාරේ බැහැලා යන්න බැරි තත්වයක්” උදා වෙමින් තිබේ නම් එහි වගකීම ගෙන ලෝකය වෙනස් කිරීමට බැහීම වැඩිහිටි භූමිකාවේ තවත් වැදගත් අංශයක්. ඒ සමාජීය අර්බුදවලට විසඳුම අහිංසක දරුවන්ගේ සාක්කුවට ඔත්තු බැලීමේ උපකරන දැමීම නෙමෙයි!
දරුවන් ඇති, දරුවන් දැක ඇති හා දරුවකු ව සිට ඇති ඕනෑ ම කෙනෙක් දන්නා කරුනු ටිකක් මේ: දරුවන්ට පුද්ගලිකත්වය අවශ්‍ය යි. රාජ්‍යය හා කොම්පැනි තමුන් යන එන තැන් ගැන ඔත්තු බලන්න දඟලන බව දරුවෝ දන්නෙ නෑ වෙන්න පුලුවන්. ඒත් දෙමාපියන් හා ගුරුවරුන් ඒ ගැන හොයන්න තැත් කරන බවත් ඇතැම් අවස්ථාවල දෙමාපියන්ට පවා උල්ලංඝනය කිරීම නුසුදුසු පෞද්ගලික ජීවිතයක් තමන්ටත් තියෙන බවත් ලමුන් දන්නවා. ලමයි ඒ පෞද්ගලිකත්වය ඉල්ලා හිටිනවා. ඒ පෞද්ගලිකත්වය රැකගන්න ලමුන් දරන මහන්සිය නොදන්නේ කවුද? මෙකී පෞද්ගලිකත්වය, මෙකී නිදහස දරුවාගේ පරිපූර්න මනුශ්‍යත්වය සම්බන්ධයෙන් ගත් විට අනුල්ලංඝනීය වටිනාකමකින් යුතු අංශයක්. දරුවන් පිලිබඳ ඔත්තු බලන උපකරන නිපදවා එම ඔත්තු බැලීමේ යාන්ත්‍රනයට දෙමාපියනුත් හවුල් කරගැනීම මගින් මාපිය දූදරු සබඳතාවේ සෞඛ්‍ය සම්පන්න බවට සිදු වන්නේ විශාල හානියක්.
“ලමුන්ගේ ආරක්ශාව” පිලිබඳ ආන්දෝලනය හා යථාර්ථය අතර පරතරය
හරීන් ප්‍රනාන්දු ඇමතිවරයා පවසන ආකාරයට නම් දැන් සියලු දෙමාපියන් ඉන්නේ සිය දරුවා මේ දැන් කාම අපචාරයකට ලක් වේ ද, ඝාතනයට ලක් වේ ද, පැහැර ගැනේ ද යන බියෙන්. එය පසුගිය වකවානුවේ සිදු වූ  ඛේදජනක අපරාධ පිලිබඳ නිදසුන් මගින් සනාථ කරන්නත් ඔහු උත්සුක වෙනවා. ඒත් මේක අර්ධ සත්‍යයන් යොදාගෙන නිර්මානය කරන කලබගෑනියක්. වෙනත් වචනවලින් කිව්වොත් මේ කතාව ඇතැම් සැබෑ කරුනු හා බාගෙට ඇත්ත කරුනු යොදාගෙන තමන්ට අවශ්‍ය ආකාරයේ හැඟීමක් අසන්නන් තුල ජනිත කරන අරමුනින් සීරුමාරු කොට සිදු කරන අදහස් දැක්වීමක්. මේ දේශපාලකයිනුත්, පොලිසියත්, උද්වේගී ජනමාධ්‍යකරනයේ (yellow journalism) නිතර මාධ්‍යවේදීනුත් දරුවන්ගේ ආරක්ශාව පිලිබඳ “කලබලය” හා භීතිය පුබුදුවා අවුලුවාගන්න අවශ්‍ය සියලු දේ කරමින් ඉන්නවා. ඇත්ත, ලමුන් අපයෝජනයට ලක් වූ බවට වැඩි වැඩියෙන් වාර්තා වෙනවා. දෙමාපියන් තුල මේ අවදානම පිලිබඳ හැඟීම් හා කාංසාවන් එන්න එන්න ම ඉහල යනවා. හිටපු ලමා කටයුතු ඇමැතිනී රෝසි සේනානායක පසුගිය මැයි මාසයේ සඳහන් කලේ ශ්‍රී ලංකාව තුල දිනකට ලමුන්ට එරෙහි අපරාධ විසි දෙකක් වාර්තා වන බව යි. මෙය සැබෑ ගැටලුවක්! පන මෙන් දරුවන් සුරකින, දරුවන්ට ආදරය කරන දෙමාපියන්ට සිය දරුවාගේ ආරක්ශාව යනු ලොව වැදගත් ම ප්‍රශ්නය තමයි.
ඒත් දැන් ප්‍රමුඛත්වයට පැමින ඇති උද්වේගකර පුවත් වාර්තා මගින් නිරූපනය වෙන්නේ ලමුන් සම්බන්ධ සමස්ත චිත්‍රයෙන් ඉතා කුඩා කොටසක් පමන යි. 2015 වන විට පාසැල්වල පමනක් සිටින දරුවන් සංඛ්‍යාව 4,004,091ක්. මෙයින් සුවිශාල බහුතරයක් පුවත්පත්වල අාන්දෝලනාත්මක වාර්තාකරනයට ලක් නොවන අන්දමේ “සාමාන්‍ය” අත්දැකීම් ලබමින්, පන්ති යමින්, ක්‍රීඩා කරමින් දෛනික ජීවිත ගත කරනවා. “උදේ හයයි තිහට නිවසින් පිටත් වූ දරුවෙක් උදෑසන හතට පාසැල් ගේට්ටුවෙන් ඇතුලට!”, “පාසැල ඇරුනු පසු දරුවෝ ලක්ශ ගනනක් ටියුශන් පන්තිවල!”, “පාසැල් වේලාවේ දරුවෝ ඉගෙන ගනිති!” ඔය වගේ සිරස්තල පත්තරවල යන්නෙ නෑ නේ? රූපවාහිනියේ යන්නෙත් නෑ. ඒත් මේ මොහොතේත් එවැනි දරුවන් ලක්ශ ගනනක් පාසැල් යමින්, පාසැලේ ඉගෙනගනිමින්, විද්‍යාගාරවල වැඩ කරමින්, පුස්තකාලයේ කියවමින්, ගුරුවරුන්ගෙන් දඬුවම් ලබමින්, රචනා ලියමින්, චිත්‍ර අඳිමින්, ගී ගයමින්, පන්ති යමින් හෝ කෙලිසෙල්ලමින් කාලය ගත කරනවා. සමහරු විනෝදයෙන්, සමහරු සෝකයෙන්. මේ හැම මොහොතක ම අනාගත ලෝකය උපත ලබනවා. හැම මොහොතක ම දරුවෙක් අලුතින් යමක් ඉගෙන ගන්නවා. නොවැටී ඇවිදින හැටි, මිතුරන්ට, අමුත්තන්ට, ගුරුවරුන්ට කතාබහ කරන හැටි, ජීවිතයේ ලොකු කුඩා ගැටලුවලට මුහුන දෙන හැටි, පොදු අවකාශවල ප්‍රවේසමෙන් ගමන් කරන හැටි, බස් රථවල යන එන හැටි… වැටී තුවාල වෙන හැටි, තනි ව ම දුක සතුට විඳින හැටි, සාමූහික ව මිත්‍ර සමාගම් රසවිඳින හැටි….. මේක සුවිසල් ලෝකයක්.
සංඛ්‍යාලේඛනවලින් සනාථ වී ඇති වැදගත් කරුනක් මෙහි දී මතු කිරීම උචිත යි. ලමා අපයෝජන, ලිංගික අතවර ඇතුලු අඩන්තේට්ටම්වලින් වැඩි ප්‍රමානයක් දැනටත් සිදු වන්නේ ඒවාට ලක් වන දරුවන්ගේ ම පවුල තුලින්, ඥාතීන් අතරින්, ගෘහ සේවකයින්, ආසන්න වටාපිටාවෙන් ම හෝ ගුරුවරුන් අතරින් මතු වන පුද්ගලයින් අතින් බව. මේවායෙන් සියල්ල තව ම හරි හැටි වාර්තා වී එලිමහනට එනවා ද යන්න පවා සැක සහිත යි. මහ මඟ යන අත, හැරෙන හැරෙන හන්දියේ, බෝක්කුවේ රැක සිටින “විකෘත මානසිකත්වයෙන්” යුතු “පාපතරයන්” විසින් සිදු කරනු ලබන “තිරිසන් ක්‍රියා” හැටියට අතිසරලීකරනය කොට මේවා වාර්තා කරන්නේ ජනමාධ්‍ය යි. ඒත් මේ සම්බන්ධ යථාර්ථය ඊට වඩා බොහෝ පැති ගනනකින් යුක්ත යි, සංකීර්න යි. උපකරන එල්ලා සතුන් මෙන් දරුවන් ලුහු බැඳීමෙන් එවන් විපත් වලකා ගත හැකි ද? මෙහි දී නැවතත් අර කී දෙමාපිය ගුරුවර භූමිකාවන්ට වැදගත් කාර්ය කොටසක් පැවරෙනවා. ලෝකය සමග ගනුදෙනු කල යුතු බුද්ධිමත් හා ප්‍රඥාසම්පන්න ආකාර මොනවා ද? ලිංගික අතවරවලින් ආරක්ශා විය හැක්කේ කෙසේ ද? ලිංගික හෝ කායික අවදානමකට ලක් ව සිටින අවස්ථාවක තනි ව දරුවකුට ගත හැකි පියවර මොනවා ද? ජාතික ලමාරක්ශක අධිකාරිය ලමුන්ට ම ඇමතිය හැකි හදිසි දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා: “දුවේ පුතේ ඔබේ හොඳම මිතුරා 1929…” යනාදී වසයෙන් සඳහන් පත්‍රිකාවක් ඔවුන් බෙදාහරිනවා. දරුවන් අමතමින් ලියන ලද සරල හා ප්‍රායෝගික උපදෙස් එහි අන්තර්ගත යි. මෙවැනි මඟපෙන්වීමේ ලේඛන හා වීඩියෝ ආදිය ඉතා නිර්මානාත්මක ව ජීවිතයේ සියලු අංශ අලලා සම්පාදනය කිරීම දැවෙන අවශ්‍යතාවක්. පාසැල්, රෝහල් හා සෑම පොදු අවකාශයක් තුල ම පහසුවෙන් ලබාගත හැකි පරිදි මේ උපදෙස් සංසරනය වීම වැදගත්. පාසැලේ විශය නිර්දේශ තුලට මේවා ඉතා නිර්මානාත්මක ව ඇතුලත් කල හැකි යි. මට හිතෙන අන්දමට නම් හරීන් ප්‍රනාන්දුගේ ඔත්තු බැලීමට වඩා මේවා දහස් ගුනයකින් අර්ථවත් හා සාධාරන විසඳුම්! ඒත් එක ද ඇමතියෙක් වත් පුවත්පත් සාකච්ඡා පවත්වා මෙවැනි දේ ගැන දැනුවත් කරනු මා දැක නෑ. ලමා අපචාර ගැන, කාමාතුරයින් ගැන උද්වේගකරනයේ යෙදෙන ජනමාධ්‍ය මෙවැනි දෑ ගැන ප්‍රසිද්ධියක් ලබා නොදෙන්නේ මන්ද?
ඉතා සටකපට ආකාරයෙන් පුරවැසියන් පිලිබඳ ඔත්තු බැලීමේ යාන්ත්‍රනය නව තලයකට නැංවීමට කැසකවමින් – තලු මරමින් ඉන්නා පාලන තන්ත්‍රයක් මේක. මේ අතින් ඔවුන් පෙර පැවති රාජපක්ශ පාලනය ඉක්මවා යන්න වැඩි කලක් ගත වන බවක් පේන්න නැහැ. ඔවුන්ගේ ලෝක දේශපාලනික සගයින් හා ගුරුන් බවට පත් ව ඉන්නේත් මෙවැනි ඔත්තු බැලීම්වලට නම් දරා ඇති පාලන තන්ත්‍ර. ආන්ඩුවටත් ඔවුන්ගේ ව්‍යාපාරික සගයින්ටත් අපේ දූදරුවන්ගේ යන එන තැන් ලුහුබැඳීමේ වගකීම භාරදීම වනාහි නරියාට කුකුල් කූඩුව බාර දුන්නාක් වැනි අනිටු ප්‍රතිඵල දනවන වැඩක්.
දූදරුවන්ගේ ජීවිත සමග සෙල්ලම් එපා! දෙමාපියනි, ගුරුවරුනි, පුරවැසියනි, මේ පිලිබඳ හැකි තාක් දැනුවත් වීමත් දරුවන්ගේ පුද්ගලිකත්වය හා නිදහස උල්ලංඝනය කිරීමට එක හෙලා විරුද්ධ වීමත් ඔබේ වගකීම යි!
වැඩිදුර නැරඹීම හා කියැවීම සඳහා
හරීන් ප්‍රනාන්දු ලුහුබැඳීමේ උපකරනය ගැන මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ අයුරු
ලමා අයිතිවාසිකම් පිලිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය
A Free Digital Society – What Makes Digital Inclusion Good or Bad?
ජීවිතය ඩිජිටල්කරනය වීමේ විවිධ පැතිකඩ ගැන රිචර්ඩ් ස්ටෝල්මන් පැවැත්වූ දේශනයක්
ජෝර්ජ් ඕර්වෙල්ගේ නවකතාව Nineteen eighty-four
අදාල පාරිභාශික පද
මෙවැනි උපකරනවලට උචිත නියම නම සිංහලෙන් කීමට අප පුරුදු විය යුතු යි:
tracking device = ට්‍රැකිං ඩිවයිස් = ලුහුබැඳීමේ උපකරනය
surveillance device = ස’වේලන්ස් ඩිවයිස් = ඔත්තු බැලීමේ උපකරනය / ප්‍රවීක්ශන උපකරනය
ඔබේ දරුවාගේ සාක්කුවට මෙවැන්නක් දමන තත්වයකට ඔබ වැටුනොත් මේ නම් සිහිපත් කරගැනීම වටිනවා.
මේ පාට් විශේශයේ නම පොලිස් පාට් වුනාට, පොලිස් පාට් දමන්නේ පොලිසිය විතරක් නෙමෙයි. නිසි කල එලඹි විට හා නිසි බලය ඇති විට දේශපාලකයෝ, ව්‍යාපාරිකයෝ, ජනමාධ්‍යවේදියෝ පවා පොලිස් පාට් දමන්න ඉදිරිපත් වෙනවා. සමහර වෙලාවට ලංකා මාතාව තොමෝ ම පොලිස් පාට් දමන්න පටන් ගන්නවා. එතකොට ගරුසරු නැති සමහර දේශ ද්‍රෝහියෝ “පොලිස් රාජ්ජයක්, පොලිස් රාජ්ජයක්” කියලා කෑගහනවා. පහුගිය දිනවල ලමා අපචාර හා ඝාතන සම්බන්ධයෙන් පොලිස් පාට් දමන්න හුදී “මහජනතාවත්” ඉදිරිපත් වෙමින් සිටින බවක් පෙනී ගියා. ඊට නියම තල්ලුව ජනමාධ්‍යවේදීන් විසින් සපයනු ලැබුවේ පොලිසියේ උතුමන්ගේ ද සහයෝගය ඇතුව යි. හැම රටවැසියාට ම පොලිස් පාට් දැමීමේ හැකියාව ලබා දී ඔවුන් බලගැන්නීම ගැන මේ සියලු දෙනාට අපේ කෘතඥතාව හිමි විය යුතු යි. සමානාත්මතාව කියන්නේ මේකට නෙමෙයි ද?
මෙයින් එක් දරුවකුගේ ඝාතනය පිලිබඳ පරීක්ශනය පැවැත්වෙන අතර “මිනී මරුවා අපට බාර දෙන” මෙන් “ජනතාව” ගර්ජනා කරන අන්දම රූපවාහිනී පුවත් විකාශයක් තුලින් දැකගන්න ලැබුනා. “අපිත් ලමයි ඉන්න අම්මලා. අපි දන්නවා ඔය මිනී මරුවෝ අපට බාර දුන්නොත් කරන දේ. අපි ජනාධිපතිතුමාට කියන්නේ ඕකුන් අපට බාර දෙන්ඩ කියලයි” එක්තරා මාතාවක් තිර කොට කියා සිටියා. මනෝ භ්‍රාන්තියෙන් පෙලෙන මට රූප පෙට්ටිය පෙනුනේ මිනී කන කිඹුලන්ගෙන් පිරිනු ටැංකියක් වගෙයි. (නමුත් හොඳ සිහියෙන් ඉන්නා අයට එසේ නොපෙනෙන බව මම පිලිගන්නවා.)
මේ පොලිස් පාට් විමධ්‍යගත කිරීමේ ක්‍රියාවලියට පොලිසියේ ප්‍රවීනයින් ලබා දෙන දායකත්වය ඉතා වැදගත්. පලමු ව, ඝාතනයට ලක් වූ දැරියකගේ පියා පිලිබඳ සැකයක් පවතින බව දන්වා මඳ කලක් කතාව තම්බා පදම් කොට අනතුරු ව බාල වයස්කාර මිනීමරුවෙකුත්, ඔහුගේ පරිගනකයේ තිබුනු පුද්ගලික ගොනු පිලිබඳ තොරතුරුත් ජනමාධ්‍යවේදීන් හරහා ජනතාවට ලබා දෙන්න තරම් ඔවුන් ත්‍යාගශීලී යි, නිර්මානශීලී යි. දැරියගේ පියා සැකයට ලක් වීමට හේතුව සුපැහැදිලි යි: මේ ඛේදවාචක සම්බන්ධයෙන් පොලිස් පාට් දැමීමට ඉදිරිපත් වූ ජනතාවගේ මට්ටමට සරිලන පරිදි ශෝක වෙන්නත්, කෝප වෙන්නත්, මිනීමරුවා ඉල්ලා හඬතලන්නත් ඔහුට බැරි වුනු නිසා ඔහු ගැන සැකයක් උපදිනවා. නිවැරදිකාරයෙක් නම් ඒ හුස්මට ම දුවගෙන ගිහින් අඩු තරමේ මිනියක් දෙකක් වත් මැරිය යුතු යි නේද? අනිත් අතට, පරිගනකයක් තුල “නොමනා දේ” තිබීම ගැන කවර කතා ද? නොමනා දේ ඇති ව හෝ නැති ව පරිගනකයක් දෙස ඇහැක් ඇර නොබලන සිල්වත් දේශයක පරිගනකයක් භාවිත කරන දරුවකු සිටීම ම මහත් සැක උපදවන සුලු කරුනක් නෙමෙයි ද? මට නම් හිතෙන්නේ පරිගනක මාරයා ගැන කොටස් වසයෙන් පල වන අධ්‍යාපනික ලිපි පෙලක් සැකසීම අපේ මාධ්‍ය විශාරදයින් නොපමා ව ඇරඹිය යුතු යි.
මේ සියල්ල මධ්‍යයේ වැඩිහිටි මිනීමරුවෙක් ප්‍රාදුර්භූත වී පාපෝච්චාරනයක් ද කරන අතර කලින් මිනීමරු ලමයා (හිටපු/විශ්‍රාම ලත් ඝාතකයා?) හප කරමින් සිටි යුක්තිමත් කිඹුල් රෑන වහවහා අලුත් ගොදුර කරා ලඟා වෙනවා. පුවත්පත් සිරස්තල ද ඊට සරිලන තානය සපයනවා: “පාපතරයාට දෙන දඬුවම ඇප ද? ජීවිතාන්තය දක්වා සිර දඬුවම ද? මරන දඬුවම ද?” මුල් පිටුවේ මහ සිරස්තලය යුක්තිමත්භාවයෙන් සරසන එක් පුවත්පතක් එහෙම අහනවා. තව ම ඝාතකයා කවුදැයි අනාවරනය වී නැති බවත්, සැකකරුවන් ජාන පරීක්ශනයකට ලක් කෙරෙමින් පවතින බවත් තවත් දින කීපයකින් අනාවරනය වෙනවා. සැකකාර – පරිගනකකාර පාසැල් ලමයායි පාපෝච්චාරක වැඩිහිටියායි දෙන්නා ම උසාවි යන එන පින්තූර, සමීප රූප සහිත ව පල කරන්න පොලිසියේ අනුග්‍රහය ලැබෙනවා. අංග සම්පූර්න චිත්‍රයක් කියන්නේ මෙවැනි නිරූපනයකට තමයි.
මීට දින කීපයකට පෙර තිබුනු ප්‍රශ්නය මරන දඬුවම යලි ක්‍රියාත්මක කල යුතු ද නැද්ද යන්න පමන යි. දැන් මිනීමරුවන් “ජනතාවට” බාර දිය යුතු ද නැද්ද යන්න ගැන වුනත් සාකච්ඡාවක් ඇති කරන්න මේ ජනමාධ්‍යවලට බැරි නෑ නේද? සමහර විට “ජනතාව ඉන්නා ටැංකියකට දැමීම” අලුත් මරනීය දන්ඩන ක්‍රමයක් හැටියට හඳුන්වා දීම ගැන සලකා බැලීම වටිනවා. පරන වී භාවිතයෙන් හැලී යමින් ඇති “ජනතා අධිකරනය” නමැති පදයට නව ජීවයක් දෙන්නත් මෙවැනි ක්‍රමවේද උපකාරී වන බව, ඔන්න දැන් මට කල්පනා වෙනවා.
ප.ලි:
කෙලිසෙල්ලමේ යද්දී, තනියම ගෙදර ඉද්දී නො ව අත්අඩංගුවේ සිටිය දී මරා දැමුනු බවට සැක කෙරෙන වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ දෙමල දරුවා පිලිබඳ කටක් අරින්න බැරි වුන එකේ ඇරියස් පිරිමැහෙන්නත් එක්ක අපේ පත්තර ටික, සියල්ල ලැබුන සැනින එසැනින් ගෙන එන – පැත්ත ගියත් ඇත්ත කියන රූපවාහිනී නාලිකා ටික, මේ ලමුන් වෙනුවෙන්, මිනීමරු පාපතරයින්ට එරෙහි ව, මරන දඬුවම ඉල්ලා නඟන හඬ දැක්කාම කාගේ වුනත් හිතේ මේ මාධ්‍යවේදීන් ගැන අපමන ගෞරවයක් ඇති වෙනවා. මම හිතන්නේ ජනමාධ්‍ය ඔස්සේ මේ වැදගත් සාකච්ඡාවට දායක වන “ජනතාවගේ” මතකයේ වුනත් එහෙම ලමයෙක් යන්තමට, මැකී නොමැකී ඉන්නවා. මෙකී නොකී බොහෝ කරුනු කාරනා නිසා, මේ සාකච්ඡාව අතරවාරයේ දුවගෙන ගිහින් මිනීමරුවන්ට මරන දඬුවම දෙන්න කාට හරි අදහසක් පහල වුනත් ඒකත් පුදුමයක් නෙමෙයි.
UPDATE: සැප්තැම්බර් 30, 2.40ට:
ප.ලි 2: පාපෝච්චාරන සම්බන්ධයෙන් කතා කරනකොට බොහෝ ම අදාල අගනා කවියක් මේ දැන් බ්ලොග් අවකාශයෙන් හමු වුනා: කියවන්න කුරුටු ගෑ ගී පොතේ ගහන්න එපා සර්, මම තමයි සර් කොන්ඩයා!
මෘදුකාංග නිදහස් දිනය අද යි! සෑම වසරක ම සැප්තැම්බර් මස තුන්වැනි සෙනසුරාදා ලොව පුරා නිදහස් මෘදුකාංග ලෝලියෝ සහ ක්‍රියාධරයෝ විවිධාකාරයේ වැඩමුලු, සම්මන්ත්‍රන, ප්‍රිය සාද හා ස්ථාපන උලෙල යනාදිය පවත්වමින් මෘදුකාංග නිදහස සමරනවා; ඒ පිලිබඳ දැනුවත්භාවය පුලුල් කරන්න විශේශ වැඩකටයුතු සංවිධානය කරනවා. දැන් මෙය හුදෙක් පරිගනක ගීකයින්ට, තොරතුරු තාක්ශන වෘත්තිකයින්ට හෝ හැකර් සංස්කෘතියට අදාල සීමිත සහභාගීත්වයක් ඇති ක්‍රියාවක් නෙමෙයි. ක්‍රමයෙන් ප්‍රධාන ධාරාවට ඇතුලත් වෙමින් පවතින – ඇතුලත් විය යුතු – සැමරුමක්.
2013 ජූනි මස මුල සතියේ පටන් විවිධ ජනමාධ්‍ය ඔස්සේ පල වෙමින් පවතින එඩ්වඩ් ස්නෝඩන්ගේ හෙලිදරව් කිරීම්වලින් පසු මෘදුකාංග නිදහසේ අදාලත්වය අන් කවර දාකටත් වඩා සුපැහැදිලි ලෙස පෙනෙන්න පටන්ගෙන තිබෙනවා. දේශපාලන හා මානව හිමිකම් ක්‍රියාධරයන්ට, ජනමාධ්‍යවේදීන්ට, බ්ලොග්කරුවන්ට, පර්යේශකයින්ට, ලේඛකයින්ට, කලාකරුවන්ට, දරුවන්ට, ගුරුවරුන්ට, සිසුසිසුවියන්ට, පුස්තකාලවලට, සෞඛ්‍ය ක්ශේත්‍රයට, ප්‍රවාහනයට යනාදී වසයෙන් විවිධ තරාතිරම්වල පුද්ගලයින්ට හා ජන ජීවිතයේ සෑම පැතිකඩකට ම මෘදුකාංග නිදහස දැවෙන අවශ්‍යතාවක් බව එමගින් තහවුරු වුනා. ස්නෝඩන්ගේ එලිදරවුකිරීම්වලට ප්‍රධාන වසයෙන් ඇතුලත් වුනේ ඇමෙරිකා එක්සත් ජනපදයේ නැශනල් සිකියුරිටි ඒජන්සිය (NSA) සහ එහි සගයින් හැටියට ක්‍රියාත්මක වන සෙසු බලවත් රටවල සමාන ආයතන පවත්වාගෙන යමින් සිටින අතිදැවැන්ත වූ ද ක්‍රමානුකූල හා සංවිධිත වූ ද ඔත්තු බැලීමේ යාන්ත්‍රනයක් පිලිබඳ තොරතුරු.
ඒවා නිපදවා ඇත්තේ කෙසේ ද, ක්‍රියාත්මක වන්නේ කෙසේ ද යන්න සුපරීක්ශා කිරීමේ අයිතිය හෝ ඉඩකඩ පරිශීලකයින්ට ලබා නොදෙන බලපත්‍රධාරී මෘදුකාංග (proprietary software) සහ ඒවා නිපදවන සමාගම් අපේ ඇස්වලට වැලිගසමින්, අප නොමග යවමින් මිලියන සංඛ්‍යාත පරිශීලකයින් පිලිබඳ ඔත්තු බලන්න ඉහත විසකුරු සංවිධානවලට උදව් වී තිබෙන බව දැන් රහසක් නෙමෙයි. මයික්‍රොසොෆ්ට් සහ ඇපල් බඳු සමාගම් කවදත් සිය පාරිභෝගිකයින් පිලිබඳ ඔත්තු බැලුවා. ඔවුන් සිය මෙහෙයුම් පද්ධති නිපදවා ඇත්තේ ම ස්ථාපනය කර ඇති පරිගනක තුලට – ඒවා භාවිත කරන පුද්ගලයින්ගේ දැනුවත් බවින් තොර ව – ඇතුලු වෙන්නත්, එම පරිගනක තුල සිදු වන දෑ පිරික්සන්නත්, අනේක විධ තොරතුරු ආපසු සිය සමාගම වෙත ලබාගන්නත් අවශ්‍ය යාන්ත්‍රනය සහිත ව යි. මේ යාන්ත්‍රනයේ ඇතැම් පැති දැන් ප්‍රසිද්ධ වුනත්, එම මෙහෙයුම් පද්ධති සහ ඒවා මත ධාවනය වන විවිධ වූ නිදහස් නොවන මෘදුකාංග ක්‍රියාත්මක වන ආකාරය සපුරා දැනගත නොහැකි බැවින් ඔවුන් අප ගැන ඔත්තු බලන ආකාරය පිලිබඳ සම්පූර්න චිත්‍රයක් තව ම අප සතු බව කියන්න අමාරු යි. ස්නෝඩන් පෙන්වා දුන් ආකාරයට සිය මෘදුකාංග තුලත් මෙහෙයුම් පද්ධති තුලත් තිබෙන රහස් දොරටු භාවිතයෙන් පරිශීලකයින් පිලිබඳ ඔත්තු බැලීමේ අවස්ථාව NSA සහ ඔවුන්ගේ අනෙකුත් “සහෝදර” ඔත්තු බැලීමේ සංවිධානවලට ලබා දෙන්න මේ සමාගම් වැඩ කර තිබෙනවා.
මේ ඔත්තු බැලීම සරල සුලුපටු කාරියක් නෙමෙයි. මෙලෙස එක්රැස් කරගන්නා තොරතුරු මගින් පුද්ගලයකු පිලිබඳ ඉතා ගැඹුරට දිවෙන පැතිකඩ චිත්‍රයක් නිර්මානය කරගන්න පුලුවන්. මෙයින් කෙනෙකු පිලිබඳ ලැබෙන අවබෝධය බොහෝ විට තමන් ගැන එම පුද්ගලයාට ම තිබෙන අවබෝධයට වඩා පුලුල්! මෙය ම රටවල් තුල වෙසෙන ජාතීන් හා විවිධ ජනකන්ඩායම් සම්බන්ධයෙන් ද පැවසිය හැකි යි. එවැනි ඔත්තු බැලීමකින් සමස්ත ජනකායකගේ ම අනාගතය (හොඳට හෝ නරකට) වෙනස් කල හැකි අන්දමේ බලපෑමක්, ප්‍රකලනයක් (manipulation) පවා සිදු කල හැකි යි! පර්යේශනාගාරයක මීයන් දෙස බලන්නාක් මෙන් මුලුමහත් ජනකායක් දෙස බලමින් සමාජීය ක්‍රියාවලීන් දිශාගත කිරීමට මැදිහත් විය හැකි යි. සහෝදර මනුශ්‍ය වර්ගයා එවැනි මට්ටමකට හෙලීම ගැන කිසිදු කනගාටුවක් පිලිකුලක් නැති මේ බලවතුන් හා ඔවුන්ගේ ඒජන්සි දේශපාලනික, ආර්ථික හා මිලිටරිමය වාසි උපරිමයෙන් නෙලාගැනීමේ ඉඩ සලසන මෙවැනි ක්‍රමවේද ඉතසිතින් වැලඳගන්නවා. මෙලෙස ඔත්තු බැලීම මගින් කල් තබා දැනගන්නා තොරතුරු විවිධ රාජ තාන්ත්‍රික හා ව්‍යාපාරික ගනුදෙනුවලදී වාසි අත්පත් කරගන්න යොදාගනු ලැබ තිබෙන අවස්ථා ගනනාවක් ම පසුගිය කාලයේ වාර්තා වුනා. කොටින් ම ජනපති බැරැක් ඔබාමා, එක්සත් ජාතීන්ගේ මහලේකම් බැන් කී මුන් සමග සිරියානු රසායනික අවි, පලස්තීන-ඊශ්‍රායල සාම සාකච්ඡා සහ දේශගුන විපර්යාසය ආශ්‍රිත ගැටලු පිලිබඳ සාකච්ඡාවකට එලඹි එක් අවස්ථාවක මහලේකම්වරයා කතා කිරීමට අපේක්ශා කල කරුනු කල් තබා දැන සිටි බව පැවසෙන්නේ මෙවන් ඔත්තු බැලීමක ප්‍රතිඵලයක් හැටියට යි! මහ බලවතුන් අවස්ථාවාදී සන්ධානවලට එලඹ ලොව සියල්ලන් ගැන, විශේශයෙන් තම සතුරු ජාතීන් සේ සලකන රටවල් පිලිබඳ, ඊනියා ත්‍රස්තවාදීන් පිලිබඳ, එක්සත් ජාතීන්ගේ සංවිධානය අැතුලු තමන්ගේ ම ලෝක සංවිධාන පිලිබඳ හවුලේ ඔත්තු බැලූ අතර එකිනෙකාට එරෙහි ව ද ඔත්තු බැලීමේ යෙදුනා. මේ ඔත්තුකාර ජංජාලය මැද ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කෙල්ගේ සෙලියුලර් දුරකථනය ද “ටැප් කොට” තිබුනු බව වාර්තා වුනා!
වලාකුලු පරිගනනය හෙවත් Cloud Computing යන නොමඟ යවනසුලු ආකර්ශනීය නාමය යටතේ පැමිනෙන “සේවාවක් හැටියට සැපයෙන මෘදුකාංග” මෙන් ම කේන්ද්‍රගත සමාගම් මගින් පාලනය වන Facebook වැනි නිදහස් නොවන මධ්‍යගත සමාජ ජාල, GMail වැනි නොමිලේ සැපයෙන ඊමේල් සේවා හා ප්‍රකාශන මෙවලම් යනාදිය විසින් නිර්මානය කර ඇති අලුත් සිරමැඳිරි විශාල සංඛ්‍යාවක් ද මේ චිත්‍රයට අයිති යි. මේ සියල්ල, අවසාන විග්‍රහයේ දී “අනුන්ට අයිති” පරිගනක! ඒවා තුල ධාවනය වෙන්නේ අපේ පාලනයට නතු නැති මෘදුකාංග. ඉතින් දේශපාලනය කරන්න, උද්ඝෝශනය කරන්න, ආන්ඩු පෙරලන්න, ජනසන්නිවේදනයේ යෙදෙන්න, පර්යේශන කරන්න, ප්‍රේම කරන්න, ලිංගික ක්‍රියාකාරකම්වල යෙදෙන්න මිලියන සංඛ්‍යාත ජනයා අනුන්ගේ පරිගනක තුලට පිවිසෙනවා. ඒ පරිගනකවල අයිතිකරුවන්ටත්, ඒවායේ භාවිත මෘදුකාංගවල රචකයින්ටත් මනා ව දැකබලා, පිරික්සා, වාර්තා තබාගත හැකි ආකාරයට මේ සියලු වැඩවල යෙදෙන මහා සමාජයක් අද තියෙනවා. මේක හරියට ජෝර්ජ් ඕවෙල්ගේ Ninteen Eighty-Four නමැති නවකතාවේ දැක්වෙන ඩිස්ටෝපියානු රාජ්‍යය වගේ. සෑම මොහොතක ම තමන් දෙස කවුරුන් හෝ බලා සිටින බව – බලාධිකාරයේ සුපරීක්ශාකාරී ඇස තමන් වෙත යොමු ව ඇති බව – දන්නා ජීවිතයක් නිදහසේ විකසිත වෙන්නේ නෑ. ඒ වෙනුවට නරඹන්නාගේ පාලනයට ඍජු ව හා වක්‍ර ව අනුගත ජීවිතයක් නිර්මානය වෙනවා. හුදෙක් නැරඹීම ම පාලනයේ කොටසක්.
ඉතින් බොහෝ දෙනා මේ සියුම් නිරීක්ශනයට, සුපරීක්ශනයට පාත්‍ර වන මහා සිර මැඳිරි වන් අවකාශ තුලට කැමැත්තෙන් ඇතුලු වී – දැනට – සතුටින් කාලය ගත කරනවා. ස්නෝඩන් පෙන්වා දුන්නේ මේ අවකාශවලින් සියල්ල නො වේ නම් අතිබහුතරයක් දැන් එක්සත් ජනපදයේ NSA ප්‍රමුඛ ඔත්තුකාර ජනහතුරු සංවිධානවල ඍජු හා වක්‍ර ඇඟිලිගැසීම්වලට ලක් වන බව යි.
ස්නෝඩන් හෙලිදරව් කොට තිබෙන ආකාරයට, දැන් සිදු වන්නේ අපරාධකරුවන් ලෙස හඳුනාගත් ඉලක්කගත පුද්ගලයින් හෝ සංවිධාන සම්බන්ධයෙන් පමනක් නො ව මුලුමහත් ජනකායන් පිලිබඳ පුලුල් ඔත්තු බැලීමක්. සමස්තයක් හැටියට ඇමෙරිකාව තුල හා ඉන් පිටත දුරකථන ඇමතුම් පිලිබඳ දත්ත, අන්තර්ජාල ට්‍රැෆික් තොරතුරු, ඊමේල්, සමාජ ජාල, වෙබ් ඇප්ස්, සේවාවක් ලෙස සැපයෙන මෘදුකාංග භාවිතය යනාදී විවිධ වූ තොරතුරු බුරුතු පිටින් එක්රැස් කොට ගබඩා කර තැබීම සඳහා අතිමහත් ධනස්කන්ධයක් වැය කෙරෙනවා. ස්නෝඩන්ට පෙරත් නිදහස් මෘදුකාංග ව්‍යාපාරයේ ක්‍රියාධරයන් ද ඇතුලු ව බොහෝ දෙනා මෙවැන්නක් සිදු වෙමින් පවතින බව අඩුවැඩි වසයෙන් අනතුරු අඟවා තිබුනත්, ඒ පිලිබඳ යම් යම් තොරතුරු ප්‍රසිද්ධියට පත් වී තිබුනත්, ඉතා නිශ්චිත හා සවිස්තරාත්මක සාක්ශි සහිත ව මේ ක්‍රියාවලිය ඇත්තක් බව සනාථ කරන්න ස්නෝඩන්ගේ වික්‍රමාන්විත දායකත්වය නිසා ඉඩකඩ ලැබුනා. මෙය ලෝක ව්‍යාප්ත ගැටලුවක්; එමගින් නිසැක ව ම තවත් ව්‍යසන ගනනාවකට පාර කැපෙනවා.
සිව් වැදෑරුම් නිදහස
මෘදුකාංග පිලිබඳ නිදහස පැති හතරකින් යුක්ත යි:
කිසියම් මෘදුකාංගයක් ඕනෑ ම කාර්යයක් සඳහා භාවිත කිරීමට තිබෙන සීමා රහිත නිදහස.
එම මෘදුකාංගය ක්‍රියාත්මක වන ආකාරය අධ්‍යයනය කිරීමටත් එය වෙනස් කිරීමටත් තිබෙන නිදහස.
එම මෘදුකාංගය පිටපත් කොට නැවත බෙදාහැරීමේ නිදහස
එම මෘදුකාංගයේ වෙනස් කරනු ලැබූ පිටපත් බෙදාහැරීමේ නිදහස
නිදහස් මෘදුකාංගයක් නිකුත් වෙන්නේ ම ස්ථාපනය කිරීමේ ක්‍රමයක් (ස්ථාපකයක් – ඉන්ස්ටෝලරයක් හා බයිනරියක්) පමනක් සහිත ව නෙමෙයි. නිදහස් මෘදුකාංගයක් වීමට නම් එහි මූල කේතය හෙවත් සෝස් කෝඩ් එක (source code) ද ඒ සමග ප්‍රසිද්ධියට පත් කල යුතු නිසා එය පරීක්ශා කර බලා මෘදුකාංගයේ ක්‍රියාකාරීත්වය පිරිසිඳ දැනගැනීමේ ඉඩකඩ සැමට විවෘත වෙනවා. එය මොනයම් ම හෝ හානිකර ක්‍රියාකාරීත්වයක් පෙන්නුම් කරන්නේ නම් එය වැලකෙන පරිදි මෘදුකාංගය යලි සැකසීමේත් සැකසූ අනුවාදය නැවත බෙදා හැරීමේත් නිදහස තිබෙන නිසා ප්‍රශ්නයට විසදුමක් සම්පාදන කරන්න පුලුවන්. මෘදුකාංග නිදහසේ මෙකී ස්වරූප දෙස බලන විට පෙනී යන්නේ ඉහත විස්තර කෙරුනු ආකාරයේ මානව විරෝධී ඔත්තුබැලීම් හා ප්‍රකලන (manipulation) හඳුනාගෙන, මුහුන දිය හැකි අන්දමේ පිරිසැලසුමක් (design) සහිත ව නිපදවිය හැක්කේ නිදහස් මෘදුකාංග ම පමනක් බව යි. නිදහස් නොවන බලපත්‍රධාරී මෘදුකාංගවල ව්‍යාපාර මාදිලිය ම සැදී තියෙන්නේ විවිධ කඩුලු දමා මෙකී සිව් වැදෑරුම් නිදහස සීමා කිරීම මත යි.
මා භාවිත කරන පරිගනකයත් එතුල ධාවනය වන මෙහෙයුම් පද්ධතිය ඇතුලු මෘදුකාංගත් මට නොව වෙනත් පාර්ශ්වයකට සේවය කරන්නේ නම් එතැන මෘදුකාංග නිදහස ඇතැයි කියන්න බැහැ. අප ලියන්නේ, කියන්නේ, කතා කරන්නේ කුමක් ද යන්න පිලිබඳ සම්පූර්න පාලනය අප සතු ව තිබීමට නම්, අප ලිවීමට, කතා කිරීමට හා සන්නිවේදනයට යොදාගන්නා මෘදුකාංග මත අපේ ම පාලනයක් පැවතිය යුතු යි. මෘදුකාංග නිදහසේ හරය වන්නේ මේ පාලනය, මේ නිදහස පරිශිලකයාට ලැබීම යි. එවිට නිදහසේ අන් බොහෝ ස්වරූප හා ප්‍රභේදවලට දොරටු විවර වෙනවා.
ස්නෝඩන්ගේ එලිකිරීම් අතර කැපී පෙනුනු PRISM, XKeyscore, Tempora වැනි මහාපරිමාන ඔත්තුබැලීමේ වැඩසටහන්වලට මුහුන දිය හැකි හොඳ ම විකල්ප නිදහස් මෘදුකාංග ලෝකයෙන් බිහි වූ ඒවා යි.
පසුගිය අවුරුදු දහයක පමන කාලයක් තිස්සේ ක්‍රමානුකූල ව නිදහස් මෘදුකාංග භාවිතයට පුරුදු වුනු මට එහි ප්‍රතිඵලයක් වසයෙන් තවත් අවශ්‍යතාවක් ඇති වුනා; ඒ මෘදුකාංග නිදහසේ වැදගත්කම මා සමග වැඩ කරන සගයන්ට හා මිතුරු මිතුරියන්ට ඒත්තු යන අන්දමින් පෙන්වා දීම සහ නිදහස් මෘදුකාංග භාවිතයේ දී ඔවුන්ට උදව් වීම. අප අවට සිටින උදවිය මෘදුකාංග නිදහස භුක්ති විඳින්නේ නැත්නම් අප පුද්ගලික ව අත්විඳින නිදහසේ ද සීමා මායිම් හටගන්නවා. ඒත් මේ කාරනය ලේසි පහසු එකක් නෙමෙයි; බාධක බොහොම යි. ඇතැම් අවස්ථාවල බලපත්‍රධාරී මෘදුකාංගවල ඇබ්බැහි වන සුලු ආකර්ශනයක් තියෙනවා විය හැකි යි. සමහර වෙලාවට ඒවා නිදහස් මෘදුකාංගවලට වඩා පහසුවෙන් ක්‍රියාත්මක කරන්න පුලුවන්; “හොඳට වැඩ කරනවා”, “කෑලි හැලෙන්නෙ නෑ”. “මුල පටන්” ඉගෙනගන්න ලැබුන නිසා විවිධ අතුරු මුහුනත්වලට පුරුදු වී සිටීමත් තව බාධකයක්. මේ ලිපියේ ඉහත සැකෙවින් විස්තර කෙරුනු ආකාරයේ දේශපාලන හා සමාජීය ප්‍රශ්න ඒත්තු ගැන්වීම තවත් දුශ්කරතාවක්. “වරදක් කර නැති මට හංගන්න රහසක් නෑ” වැනි කතා කියන අයට දිය හැකි ඒත්තු යන පිලිතුරු මොනවා ද?  එවැනි කරුනු පැහැදිලි කිරීමේ දී එකී “විශාල චිත්‍රය” අපේ හිතවතුන්ට, තනි තනි පුද්ගලයින්ට සැබෑ අදාලත්වයක් තිබෙන යථාර්ථයක් ලෙස පැහැදිලි කල හැක්කේ කෙසේ ද? සිංහලෙන් කියවන හිතන මේ පිරිසට මේ කාරනා පිලිබඳ නිරාකූල ලෙස පැහැදිලි කරන ලිපි ලේඛන, පොත්පත් සපයා දිය හැකි ද? දිනගනන් හිසරුජා හදා නොගෙන පහසුවෙන් ක්‍රියාත්මක කල හැකි විසඳුම් හා උපදෙස් සැපයිය හැකි ද? පරිගනක තාක්ශනය පිලිබඳ විශේශ හුරුවක් නැති, විවිධ ක්ශේත්‍රවලින් පැමිනෙන සාමාන්‍ය මිනිසුන් සමග මෘදුකාංග නිදහස, පුද්ගලිකත්වය, ආරක්ශාව හා එමගින් විවෘත වන සංස්කෘතික සමාජීය හා දේශපාලන අවකාශ ගැන කතා කරන්නේ කොහොම ද? මේ ලිපිය පවා ලියැවෙන්නේ සීමිත පිරිසකට වැටහෙන පාරිභාශික ශබ්ද යොදාගෙන! මේ කරුනු කාරනා ගැන කල්පනා කල මම මෘදුකාංග නිදහස සහ ඒ හා බැඳී පවතින සංස්කෘතික, සමාජීය හා දේශපාලනික ගැටලු හැකි තාක් සරල ව විස්තර කරන සටහන් පෙලක් ලියන්න තීරනය කලා. ඒවා අද පටන් දින 31ක් තිස්සේ නිදහස් 31 නමැති බ්ලොග් අඩෙවියේ පල කරන්න යි අදහස.
ඔබ සැමට සුබ මෘදුකාංග නිදහස් දිනයක්!
වැඩිදුර කියැවීම සඳහා
මෘදුකාංග නිදහස යනු කුමක් ද?
නිදහස් මෘදුකාංග යනු මොනවා ද?
නිදහස් මෙහෙයුම් පද්ධතියක් තෝරාගන්න!
නිදහස් මෘදුකාංග නාමාවලිය
වින්ඩෝස්වලින් මිදෙන්න
PRISM Break – අන්තරායකර මෘදුකාංග සහ ඒවා සඳහා නිදහස් විකල්ප
“ජාතික ආන්ඩුවක්” පිහිටුවනු ලැබූ බවත් මින් ඉදිරියට පවතිනු ඇත්තේ “සම්මුතියේ” පාලනයක් බවත් පසුගිය දිනවල මහ ඉහලින් නිවේදනය කෙරුනා. ජනපතිවරනයේ දීත් මහමැතිවරනයේ දීත් “පවුල් පාලනය” පරාජය කිරීම ඒකායන අරමුන කරගෙන වැඩට බට වමේත් දකුනේත් පිරිස් තව මත් – යම් යම් පසුබට වීම් තිබුනත්- මේ “ජාතික” කටයුත්තට හිස නමමින් හුරේ දමමින් ඉන්නවා. “ජාතික ආන්ඩුව” ජාතිය තරම් ම ලොකු වීම ස්වභාවයක් නිසා දෝ දිනපතා ඇමති, නියෝජ්‍ය ඇමති, රාජ්‍ය ඇමති ආදී පත්වීම් ද දීගෙන දීගෙන යනවා. මේ ඇමති පත්වීම් ගැන හදිසියේ කම්පනයට පත් වෙන ඇතැමෙක් යන්තම් කෙඳිරියක් නැඟුවත් එයින් මේ ආන්ඩුව “යන ගමනට” හානියක් කරන්න ඔවුන්ගේ කැමැත්තක් නෑ. කලකිරීම උත්සන්න ම මට්ටමට නැඟුන විටක වුනත් ‘ආන්ඩුව පත් කරපු ජනතාව ඉවත් කර වෙනත් ජනතාවක් පත් කරගැනීම’ වැනි අපබ්‍රංස වැඩ සඳහා බර්ටෝල්ට් බ්‍රෙශ්ට්ගේ ප්‍රතිරූපය ඔසවා වනවනා හිඳීමෙන් ඔබ්බට යන කැරැල්ලක් මේ වීරයින්ගෙන් පැන නඟින පාටක් නෑ.
ඒ අතර ජාතික ආන්ඩු ගැන ලියන ඇතැමෙක් පාන්ඩිත්‍යයෙන් අනූන ව එවැනි ආන්ඩු අටවනු ලැබූ අවස්ථා ඉතිහාසයෙන් ගෙන හැර පාමින් “විවිධ අර්බුද අවස්ථාවල” ජාතික ආන්ඩු පිහිටුවන්න ලොව විවිධ පාලකයින් පෙරට ආ බව කීවත් දැන් අප මුහුන පා සිටින්නේ කෙබඳු අර්බුදයක් දැයි කියන කෙනෙක් පේන්න නෑ. මේ “ජාතික ආන්ඩුව” මගින් විසඳාගැනීමට අදහස් කරන අර්බුදය කුමක් ද? “අපට” ජාතික ආන්ඩුවක් අවශ්‍ය ඇයි? එකමුතු වී වැඩ කිරීම “හොඳ ලමයින්ගේ” ගුනයක් නිසා වත් ද?
ශ්‍රී ලංකාව අනන්‍ය – අපරතන්ත්‍ර ආකාස කුසුමක් ලෙස (නොහොත් මාලු ටැංකියක් ලෙස)
ජාතික ආන්ඩුව ගැන ලියන ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍යකරුවනුත්, දේශපාලන විශ්ලේශකයිනුත් ගන්නේ පසුගිය ජනාධිපතිවරනයේ දී ගත්තාට සමාන ප්‍රවිශ්ටයක්. මේ ශ්‍රී ලංකාද්වීපය අනන්‍ය – අපරතන්ත්‍ර ඒකකයක් බවත්, ලෝක ගෝලයේ සිදු වන දේශපාලන හා සමාජ-ආර්ථික චලනයන්ට අසම්බන්ධිත ක්‍රියාවලියක් ඒ තුල සිදු වන බවත් මොවුන් විශ්වාස කරන බව පේනවා. අඩු තරමින් පාඨක අපට ඒත්තු ගන්වන්න හදන්නේ එහෙම යි. ජනාධිපතිවරනයෙන් පසු හටගත් පාලනතන්ත්‍ර මාරුව අතිසරල ලෙස “රාජපක්ශ පවුල් පාලනය” බිඳ වැටීමක් හැටියට, “ජනතා ජයග්‍රහනයක්” හැටියට “ප්‍රජාතන්ත්‍රවාදයේ ජයක්” හැටියට ගෙන හැර පෑමෙන් ඔවුන් තෘප්තියට පත් වෙනවා. කලාකරුවන්, “ක්‍රියාධරයින්”, “බුද්ධිමතුන්” ඇතුලු විවිධ රැඩිකල් කොටස් මේ චිත්‍රය නිර්මානය කරන්න දායක වෙනවා. ඔවුන්ට අනුව දැන් කල යුත්තේ මේ ජනතා ජය “ආපසු හරවන්න” ඉඩ නො දී “රැක ගැනීම” යි. ජනාධිපතිවරනය දක්වා කටක් නොහොල්ලා සිටීම “වෙනසක් අපේක්ශා කරන” සැමගේ වගකීම බව මොවුන් තිර කොට කියා සිටියා. වෙනත් විවේචනයක යෙදීම රාජපක්ශ සමාගමට වාසි ගෙන දෙනු ඇති; එහෙයින් ඡන්ද කඩා “පොදු” විපක්ශය දුර්වල කොට රාජපක්ශගේ බලය තහවුරු කිරීම නමැති අපරාධය නොකට යුතු යුතු බව “පොදු අපේක්ශකයාගේ” දේශපාලනය විවේචනය කරන අයට ලැබුනු අවවාදය යි. ජනවාරි 8 ට පෙර සහ පසු දෙකේ දී ම හැසිරිය යුත්තේ කෙසේ ද යන්න ගැන දැඩි, ඇතැම් විට ප්‍රචන්ඩ පවා වූ “අවවාද” දෙන්න ඉදිරිපත් වුනු මේ පිරිස් දැන් කියන්නේ මැතිවරනයට පසු “පුරවැසි වගකීම” ගැන යි. පෙනෙන විදිහට නම් දිගින් දිගට ම හොඳ කීකරු ලමාලපටි පිරිසක් අවශ්‍ය පාලන තන්ත්‍රයක් මේක.
මේ ගැන විකල්ප පැහැදිලි කිරීමක් නැද්ද?
ජනවාරියේ දී සිදු වූ ආන්ඩු මාරුව පසුපස පැවැති කලාපීය බල තුලනය පිලිබඳ ගතිකයන් සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ භූමිකාව අනාවරනය කරමින් මැදිහත් වෙන්න සමත් වුනේ ලෝක සමාජවාදී වෙබ් අඩෙවිය සහ සමාජවාදී සමානතා පක්ශය පමන යි. ඔවුන් මෙරට භාවිත වන ප්‍රධාන භාශා තුනෙන් ම නිරවුල් ව කරුනු පැහැදිලි කලා විතරක් නෙමෙයි මේ මැතිවරන දෙකට ම තරගත් කලා. නමුත් ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය සහ “යහ පාලන චින්තකයින්”, දිගහැරෙමින් පැවතුනු පෙරලිය පිලිබඳ WSWS විශ්ලේශනය හිතාමතා ම යට ගැසූ බව මිස අනෙකක් මට නම් සිතාගත නොහැකි යි.
ආසියාකරය තුල යුද තර්ජනය සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ භූමිකාව
සමාජවාදී සමානතා පක්ශය සිය විශ්ලේශනය ආසියාකරයේ වැඩෙමින් පවතින යුද අන්තරාය පිලිබඳ හා ලෝක ආර්ථික අර්බුදය පිලිබඳ සන්දර්භයේ තැබුවා. චීනය වටා ඉන්දු-ආසියා-ශාන්තිකර කලාපය තුල යුද්ධයක් නොපවතින සමයක පැවත ඇති ඉහල ම වාර්තාගත මිලිටරි පෙලගැසීම සහිත ව ඇමෙරිකා එක්සත් ජනපදය අවි අමෝරාගෙන ඉන්නේ විනෝදය පිනිස නෙමෙයි. මේ මිලිටරිවාදය 2008 මෙපිට නොකඩවා පුපුරා ඇද වැටෙමින් පවතින ලෝක ආර්ථික පද්ධතියේ තත්වය පිලිබඳ ප්‍රකාශනයක්. සිය අර්බුදයෙන් ගොඩ ඒමේ මඟ හැටියට ඇමෙරිකා එක්සත් ජනපද පාලක පන්තියේ සැලකිය යුතු කොටසක් දකින්නේ මිලිටරිමය ආකාරයකින් චීනය දනගස්සා සමස්ත කලාපය ම සිය ඍජු අධිකාරයට නතු කරගත යුතු බව යි. චීනය තුල ප්‍රසාරිත ආර්ථිකයෙහි වැඩි “අයිතිය” ඇමෙරිකානු සමාගම් සතු වුවත්, එයින් නතර විය හැකි තත්වයක එක්සත් ජනපදය අද නැහැ. කඩා වැටෙන ආර්ථිකය විසින් ලොව පුරා පාලක පන්තීන් තුල ජනනය කර තිබෙන හිස ගිනිගත් කඩිකුලප්පුව (desperation) පිලිබඳ දර්ශකයක් ඒක. චීනය මිලිටරිමය ආකාරයෙන් වටලෑමට හා ඊට සමාන්තර ව එරට රාජතාන්ත්‍රික ව හුදෙකලා කොට කලාපීය බල තුලනය රූපාන්තරනය කිරීම එක ම ක්‍රියාවලියේ පැතිකඩ දෙකක්.
රාජපක්ශ පාලන තන්ත්‍රය චීනය සමග පවත්වාගෙන ගිය සමීප සම්බන්ධය බිඳීමට හැකි හැම වෑයමක් ම දරමින් සිටි එක්සත් ජනපදය හදිසි ජනපතිවරනයක් නිවේදනය කිරීමෙන් උදා වූ අවස්ථාව සිය වාසියට ඩැහැගත්තා. ක්ලින්ටන් පදනම සහ ඇමෙරිකානු පාලක ප්‍රභූ කව සමග සමීප සම්බන්ධතා පවත්වමින් සිටි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග, එක්සත් ජාතික පක්ශ නායක රනිල් වික්‍රමසිංහ සමග මේ තන්ත්‍ර මාරු වැඩපිලිවෙල සම්බන්ධ “කපුකම” සිදු කල ප්‍රධාන කාරිකාවක්. ඔවුන් එතෙක් රාජ්‍ය නායකත්වයට විවෘත ව හිමිකම් කියා නොපෑ, රාජපක්ශ තන්ත්‍රය තුල සිටි දෙවන පෙල නායකයකු සුදු පිලි අන්දවා රහසින් පේ කොට දොරට වැඩැම්මූ ආකාරය අතිශය නාටකීය යි; ක්‍රමන්ත්‍රනකාරී යි. රාජපක්ශගේ අපේක්ශකත්වය නිවේදනය කරන අවසන් මොහොත දක්වා සිය සූදානම රහසිගත ව පවත්වාගෙන ගිය මේ කල්ලිය, කිසිදු දුරදිග යන දේශපාලන විශ්ලේශනයකින්, පැහැදිලි කිරීමකින් තොර ව එක රැයින් “පවුල් පාලනයට” එරෙහි පොදු අපේක්ශකයා කරලියට ගෙන ආවා. මේ කරුනු කියා පෑම රාජපක්ශ තන්ත්‍රයේ සුදුහුනු ගෑමක් නෙමෙයි; රාජපක්ශ පාලනයට එරෙහි ව වැඩී අවුත් තිබුනු පුලුල් මහජන විරෝධය නැතැයි කීමකුත් නෙමෙයි. පාලන තන්ත්‍ර මාරුව පිලිබඳ දේශපාලන වාතාවරනය සම්පූර්නයෙන් දැකගන්න මේ සියලු සාධක නැතුව බැහැ. ඒත් මෙරට සංස්ථාපිත මාධ්‍ය කටයුතු කලේ සම්පූර්නයෙන් ම මෙකී සාධක ගැන වගේ වගක් නැතුව යි.
ආසියාකරයේ සහ ලෝකපරිමාන ව පැන නැඟී ඇති යුද අවදානම විහිලුවක් බවත් ධනවාදය පෙරලා දැමීමේ අටියෙන් කම්කරු පන්තිය ප්‍රමුඛ පීඩිතයින් සඳහා ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැඟීම මනස්ගාතයක් බවත් කියමින් යහපාලන චින්තකයින් යෝජනා කලේ එවැනි “ලොකු වැඩ” ජනවාරි 8 න් පසු, සහ නැවතත් අගෝස්තු 17 න් පසු ගොඩගන්නා තුරු වල දමන ලෙස යි! ඔවුන්ට අනුව කල යුතු, ඊට වඩා හදිසි, “ප්‍රායෝගික” වැඩ බොහෝමයක් තිබුනා. දැන් ඔවුන් අනුදැන වදාරන්නේ අලුත් පාලනය තුල “පුරවැසි” භූමිකා ගැන යි. හොඳ පුරවැසියන් වන සැටි යි.
“පොදු අපේක්ශකයාගේ” දේශපාලන වාර්තාව
රාජපක්ශ ආන්ඩුවෙන් එලියට බැස සිය අපේක්ශකත්වය නිවේදනය කරන මොහොත දක්වා මෛත්‍රීපාල සිරිසේන වැඩ කලේ ජනාධිපති රාජපක්ශගේ අග්‍ර ශ්‍රාවකයෙක් හා අන්තේවාසිකයෙක් හැටියට යි. කොටින් ම එල්ටීටීඊයට එරෙහි යුද්ධයේ අවසන් දිනවල විදේශගත වූ රාජපක්ශ වෙනුවට මිලිටරියේ ඉහල ම අනදෙන නිලධාරියා හැටියට රැඳවීමට පවා විශ්වාසය තබනු ලැබුවේ ඔහු මත යි. සෞඛ්‍ය ක්ශේත්‍රයේ වැඩවර්ජන බිඳීමට හමුදාව යෙදවීමෙන් කුප්‍රකට වූ මොහු රාජපක්ශ පාලන තන්ත්‍රය ආරම්භයේ සිට අන්තිම මොහොත දක්වා ම කල සියලු අපරාධවල හවුල්කරුවෙක්. මෛත්‍රීපාල සිරිසේනගේ දේශපාලනය එම තන්ත්‍රයෙන් හා එහි පිලිවෙත්වලින් වෙන් කල හැක්කේ ඉතිහාසය යනු ජනාධිපතිවරනය කැඳවීමෙන් පසු ආරම්භ වූවක් හැටියට සලකන්නෙකුට පමන යි. ඒත් යහපාලන මාධ්‍ය-කලාකාර-විද්වත් පරපුර එක හඬින් අපට නිර්දේශ කලේ මොහු “පොදු අපේක්ශකයා” බවත් “යහ පාලනය” පිලිබඳ සුදෝ සුදු යහ ප්‍රාර්ථනා ඔහු තුලින් මූර්තිමත් වන බවත් පමන යි. විධායක ජනාධිපති ක්‍රමය අවසන් කොට යහ පාලනය තහවුරු කරන තුරු දේශපාලන සාකච්ඡා, විකල්පයන් ඉල්ලා හඬනැඟීම් නවත්වා දමන මෙන් මේ විද්වත්තු අපට නිර්දේශ කලා. එම යහපාලන පෙරහරේ ප්‍රධාන කසකරුවකු වුනු ගාමිනී වියන්ගොඩ ගිනි ගෙන දැවෙනා නිවෙස පිලිබඳ දෘශ්ටාන්ත කතාව/කවිය සමග අඹරා (තවත් වරක්, බර්ටෝල්ට් බ්‍රෙශ්ට් සමග කලතා) මහජනතාවට ඉදිරිපත් කල මේ ගුලිය පොදුවේ යහපාලන “චින්තකයින්ගේ” දෘශ්ටිය සම්පින්ඩනය කරන්නක්. විධායක ජනාධිපති ක්‍රමය “අවසන්” කල ආකාරය ගැනත්, “ගිනි නිවමින්” ගත කල දින සීයේ “යහපාලනය” ගැනත් දැන් අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ, කවුරුත් දන්නවා.
තොත්ත බබුන්, විසකුරු සපුන් සමග අවංක පන්ඩිතයෝ
මෙතන දී කෙනෙක් අතුරු ප්‍රශ්නයක් අහන්න පුලුවන්, එතකොට මාධ්‍යවල ඉන්නේ තොත්ත බබ්බු ද? මේ දේශපාලන විශ්ලේශකයෝ, ක්‍රියාධරයෝ ඒ කරුනුකාරනා ගැන පාරප්‍රාප්ත විද්වත් උදවිය නෙමෙයි ද? මම හිතන්නෙ එයින් සමහරු තොත්ත බබ්බු තමයි. සමහරු දැනුවත් ව ඉතා සූක්ශ්ම ආකාරයෙන් මහජනතාවගෙන් මේ කරුනු වසන් කරන්න වැඩ කලා; තවදුරටත් වැඩ කරගෙන යනවා. ඉතා දැනුවත්, කෛරාටික ප්‍රතිගාමීත්වයක් පෙන්නුම් කරන කොට්ඨාසයක් ඒ. මීට අමතර ව ඇමෙරිකා එක්සත් ජනපද මැදිහත් වීම සාධනීය, ප්‍රජාතන්ත්‍රවාදී හා “යහපාලන” වර්ධනයකට හිතකර සාධකයක් හැටියට සලකන මාධ්‍යවේදීන් හා විශ්ලේශකයින් ද නැතැයි කියන්න බැහැ. එහෙම අය ඉන්නවා. ඉතින් සමස්ත චිත්‍රය නිර්මානය කරන්න මේ සියලු දෙනා අඩු වැඩි වසයෙන් දායක වුනා. ඒත් සිදු වූ දෙයත්, දැනට දිගහැරෙමින් පවතින දේශපාලන භූදර්ශනයත් තක්සේරු කරගත යුත්තේ එයට සහභාගී වන හා එය පැහැදිලි කිරීමෙහි යෙදෙන පාර්ශ්වයන්ගේ අවංකකම, පක්ශපාතීකම පාදක කරගෙන නෙමෙයි, එකී වර්ධනයන්ට අදාල වෛශයික නියාමයන්, ප්‍රවනතා හා සන්තතීන් පරීක්ශා කිරීමෙනුයි. ඒ ඒ සහභාගීන්ගේ අවංකත්වය හෝ අරමුනුවලින් ස්වාධීන ව ලෝක ආර්ථිකය එයට ආවේනික නියාමයන්ට අනුකූල ව චලනය වෙනවා. එම තත්වය තුල ඉහත වර්ග තුනේ ම උදවියට එක පසුපස එක එනු ඇත්තේ විස්මයෙන්, අන්දුන්කුන්දුන් වීමෙන්, තක්කුමුක්කු වීමෙන් පමනක් මුහුන දීගත හැකි සිදුවීම් පමන යි. ඊනියා සම්මුති කැබිනට්ටුව සමග ඒකාබද්ධ වෙමින් සිටින පැරනි හා අලුත් පාලක පක්ශ දෙකේ ඇමතිවරුන් වනාහි එහි ඉතා සුලු ආරම්භක සලකුනක් විතර යි. මීලඟට විදේශ සේවයේ තීරනාත්මක පත් කිරීම් හා වෙනස් කිරීම්, රාජ්‍ය අංශයේ “ප්‍රතිසංවිධාන”, අධ්‍යාපන හා සෞඛ්‍ය ක්ශේත්‍රවල දුරදිග යන වෙනස්කම් සහ කප්පාදු එක පසුපස එක පැමිනෙන විට මොවුන්ට සිදු වෙන්නේ එක්කෝ කිසිදු පූර්වාපේක්ශාවක් හෝ ඉදිරි දැක්මක් නැතුව දේශපාලනික ව ගල් වී හිරි වැටෙන්න; එහෙමත් නැත්නම් නැවතත් අලුත් කුලප්පුවකින් යුතු ව අලුත් අදූරදර්ශී උප්පරවැට්ටියක් වාත්තු කරගන්න.
“ජාතික ආන්ඩුව” සමග ඉදිරිය කෙබඳුද?
මහින්ද රාජපක්ශ පාලනය අවසන් කොට ඔහු සාමකාමී ව ගෙදර බලා යන බවට සහතික කිරීමට “දුර සිට” මැදිහත් වූ එක්සත් ජනපද පාලනාධිකාරය, ඉන් පසු රාජ්‍ය ලේකම්වරයා එවිමෙනුත් ඉදිරියේ දී ජනපති බැරැක් ඔබාමාගේ ම සංචාරයකිනුත් සංඥා කර තිබෙන්නේ සිදු වුනු හා සිදු වෙමින් පවතින වෙනස්කම් කෙතරම් අර්ථභාරී ද යන්න යි. විදෙස් පිලිවෙතේ පැහැදිලි ලෙස පෙනුනු ප්‍රතිසංවිධානය මගින් මේ ආන්ඩුව තමන් ඇමෙරිකා එක්සත් ජනපදයේ සුවච ආධාරකරුවන් බවට සියලු කොඩි උස්සා තහවුරු කර අවසාන යි. මේ ගනුදෙනු මාලාවේ ම ඊලඟ අදියර හැටියට එතෙක් මෙරට යුද්ධයේ අවසාන අදියරේ සිදු වූ යුද අපරාධ පිලිබඳ ජාත්‍යන්තර පරීක්ශනයක් කල යුතු බවට තමන් එතෙක් කරමින් සිටි කැඳවුම අත්හැර දැමුනු බව සහකාර රාජ්‍ය ලේකම් නිශා බිස්වාල් කොලඹ දී ම නිවේදනය කර සිටියා. මේ ඊනියා ජාත්‍යන්තර පරීක්ශනය පිලිබඳ රැවිලිගෙරවිලි එක්සත් ජනපදයට අවශ්‍ය වුනේ චීනයට එරෙහි කොල්ලකාරී මෙහෙයුමේ දී ශ්‍රී ලංකාව හිටගන්නේ මොන පැත්තේ ද යන්න තහවුරු කරගන්නා තුරු පමන යි!
ඒත් එතැන් පටන් යන ගමන ගැටුමින් ප්‍රතිවිරෝධයෙන් තොර ව යන්නක් නෙමෙයි. පාර්ලිමේන්තු මැතිවරනයට රාජපක්ශ කන්ඩායම නැවත තරග වැදීමෙන් ම පෙන්නුම් කරන්නේ එය යි. ඒත් අවසන් මොහොත දක්වා රාජපක්ශ අගමැති බවට පත් වෙමින් ලබන ජයක් හොඳින් හෝ නරකින් වලකන බවට එලිපිට ම ප්‍රකාශ කරමින් සටන් කරන තැනකට ජනාධිපතිවරයාත් අලුත් ආන්ඩු පක්ශයත් ගියේ ඇයි? කල් යල් බලා එලියට අදිනු ලැබූ මිනීමැරුම් නඩු, දූශන වංචා විමර්ශන ඇතුලු ජනමාධ්‍ය අබිමුව රඟදැක්වුනු ව්‍යාජ රංගයන් හැටියට පමනක් කෙලවර වුනා. ඒත් මැතිවරන ජය තහවුරු කරගත හැකි තාක් දුරට ඒ රංගනයන්ගෙන් උපරිම ප්‍රයෝජන ගන්න “යහපාලන” ආන්ඩුව සමත් වුනා.
ප්‍රධාන ධනපති පක්ශ දෙක ඒකාබද්ධ කරමින් අටවනු ලැබූ ආන්ඩුව තේරුම් ගැනීමට එම ක්‍රියාවලිය සමග දිගහැරෙමින් පවතින අනෙකුත් ක්‍රියාවලීන් ද උදව් වෙනවා. දින සීයේ වැඩපිලිවෙලින් අඩ වසයෙන් සංඥා කෙරුනු, දැන් පැහැදිලි ලෙස කරලියට ගනිමින් තිබෙන පිලිවෙත් ක්‍රියාවට දැමීම සඳහා පිටිය පිරිසිදු කරගත යුතු තත්වයක ආන්ඩුව ඉන්නවා. ඒ පිරිසිදු කිරීමේ දී චීනය සමග පෙල ගැසී සිටි, එයින් ලාභ පොදි තර කර ගත් පාර්ශ්ව දේශපාලන පිටියේ තීරනාත්මක තැන් සියල්ලෙන් අතුගා දැමීම සිරිසේන-වික්‍රමසිංහ තන්ත්‍රයේ වෑයම බව පේනවා. එහෙම නොකර ඔවුන්ට එක්සත් ජනපද ආන්ඩුවේ කලාපීය සගයන් හැටියට පෙනී ඉන්න හැකියාවක් නැහැ. නමුත් වත්මන් ආන්ඩුව රාජපක්ශ තන්ත්‍රයෙන් පීඩාවට පත් ව සිටි පුලුල් ජනකායන්ගේ (ගොවීන්ගේ , කම්කරුවන්ගේ, ශිශ්‍යයින්ෙග් සහ වෙනත් පීඩිත කොටස්වල) අවශ්‍යතා නියෝජනය කරන විකල්පයක් ද? මේ සියලු සාධක සලකා බලන කෙනෙකුට ගත හැකි අනිවාර්ය නිගමනය එය එසේ නොවන බව යි. දැනට මත් පුවත්පත් මර්දනය පිලිබඳ ප්‍රතිගාමී නීති පනගන්වාගැනීමට කිසිදු හිරිකිතයක්, පසුබට වීමක් තමන්ට නොමැති බවට ආන්ඩුව සංඥා කර අවසන්. දින සීයේ කාලය තුල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ඉල්ලා සිටි, එහෙත් ප්‍රතික්ශේප වුනු අරමුදල් සම්පාදනය කරගන්න නම් දැවැන්ත කප්පාදු වැඩපිලිවෙලකට යා යුතු යි. මෙය, කලිනුත් කී පරිදි රාජ්‍ය සේවය, සෞඛ්‍ය, අධ්‍යාපන හා ෙවනත් සුභ සාධන අංශවල කෙරෙන මහා පරිමාන කප්පාදුවක්. ඒ අතර සංවර්ධනය නමින් පෙර ආන්ඩුව චීනයට තුරුලු වී ක්‍රියාවට දැමූ වැඩ ම දැන් ඇමෙරිකා එක්සත් ජනපද අධිරාජ්‍යවාදයට හේත්තු වී ඉදිරියට ගෙනියන්න අලුත් “යහපාලන” ආන්ඩුව සැරසෙනවා. මහා නගර සංවර්ධනය, ස්ම්ාර්ට් සිටි, මෙගා සිටි, මෙගාපොලිස් යනාදී රූපයන්ගෙන් පැරනි තනුව ම වෙනත් “විදග්ධ” මුහුනුවරකින් දොරට වඩම්මනවා. සමාජයේ පහල ස්තරවල, දාරවල, පරිධියේ වෙසෙන ජනයාට උන්හිටි තැන් අහිමි කොට පලවා හරිමින් කරගෙන ආ “සංවර්ධනය” යලි පනගැන්වෙන අන්දම දැනටමත් දැකගත හැකි යි. ඊනියා ජාතික ආන්ඩුවේ “සම්මුතිවාදය” මේ වැඩපිලිවෙලට අනුමති මුද්‍රාව තබා ක්‍රියාවට දැමීම පිනිස මිස වෙන දෙයකට නෙමෙයි; පැහැදිලි ව ම අපි ඉන්නේ අඳුරු කාලපරිච්ඡේදයක මුව විට.
දැන් ඇමති මන්ඩලයට පත් කෙරුනු පැරනි ආන්ඩුවේ මදාවි ඇමතියන් ඉවත් කරන මෙන් කෙඳිරිලි නැඟීම වැනි ඉතා දියාරු වැඩවලට මේ යහපාලන චින්තකයින්ගෙන් සැලකිය යුතු පිරිසක් පල්ලම් බහිමින් ඉන්නවා. තවත් ඇතැමෙක් තමතමන් උත්සුකයක් දක්වන අමාත්‍යාංශවල ඇමතිවරුන් බලපෑම් දමා මාරු කරගන්න පුලුවන් වේ ය යන මනස්ගාතයෙන් යුතු ව සංවිධානය වෙනවා. මේ වැඩවල පදනමේ පවතින්නේ “මහත්වරුන්”(සහ “නෝනාවරුන්!), “ශිලාචාර දේශපාලකයින්” පාර්ලිමේන්තුවට/කැබිනට්ටුවට යවා, ඇතැයි කියන ඊනියා පාර්ලිමේන්තු සම්ප්‍රදායන් ඔසවා ශක්තිමත් කිරීමෙන් සෙතක් උදා වේය යන මිථ්‍යාව යි. ඇත්ත, පාර්ලිමේන්තුවට යන ඒ “මහත්වරුන්ට” සෙතක් උදා වෙන බව ඇත්ත! නමුත් පාලන තන්ත්‍රයට සම්බන්ධ නැති පොදු මහජනතාව  කලාපීය වසයෙනුත් දේශීය වසයෙනුත් කබලෙන් ලිපට වැටීමක් මේ “ජාතික ආන්ඩුවෙන්” සලකුනු කෙරෙනවා.
“චීන ලේඛන ව්‍යවහාරය නවීකරනය කිරීමේ ගෞරවය හිමිවන්නේ කවියෙක්ද ඉතිහාසඥයෙක්ද දාර්ශනිකයෙක්ද පසුව රාජතාන්ත්‍රිකයෙක්ද වූ හූ ශිහ් (1891 – 1926) හටයි. චීන සාහිත්යික පුනරුදයේ පියා ලෙස අද ඔහු සැලකුම් ලබනවා.
“කට වහරින් ඇරෙන්න කවි නොලියන්න ඔහු 1916දී අධිශ්ඨාන කරගත්තා. ඔහු ඇමරිකා එක්සත් ජනපදයේ අධ්‍යාපනය ලබමින් සිටියදී ජනතාවගේ බස – ජීව භාශාව – පදනම් කොටගත් නව ජාතික සාහිත්‍යයක් ගොඩනැංවීමේ හදිසි අවශ්‍යතාව තම චීන ජාතික මිතුරන් හා සාකච්ඡා කල බව සඳහන් වෙනවා. භාශාව පිලිබඳ තමා දැරූ අදහස් ශැංහයිහි පල වුනු කීර්තිමත් මාසික සඟරාවක් වූ ‘ශිං චිං ඤෑං’ (නව තරුනයා) මගින් 1917 දී ඔහු පලමු වරට රටට ප්‍රකාශ කොට සිටියා. ඔහුගේ ‘චීන දර්ශන ඉතිහාසය’ (1919) පල වීමත් සමග මේ අලුත් ලේඛන ව්‍යවහාරය එලි දැක්කා. ඒ පොත ඔහු මුලුමනින්ම ලියා තිබුනේ චීන (මැන්ඩරින්) කථිත ව්‍යවහාරය පාදක කොටගෙන. ශාස්ත්‍රීය ග්‍රන්ථයක් ඊට පෙර කවදාවත් එහෙම ලියවෙලා නෑ. නවීකරනයට ප්‍රතිපක්ශ වූ ටික දෙනෙක් ඇරෙන්න නවීනයෝ සහ ප්‍රවීනයෝ බොහෝ දෙනෙක් එතෙක් භාවිත කල මහ වදයක් වූද දරදඬු වූද ග්‍රන්ථගත ව්‍යාකරය ඉවත ලා හූ ශිහ් ලියා පෙන්නූ ව්‍යවහාර රීතිය පිලිගත්තා. ලූ ශුං (1881 – 1936), මා ඕ දුන් (1898 – 1981), ලාඕ ශේ (1899 – 1966) සහ බා ජින් (1904 – ) මේ මගට පිලිපන් කීර්තිමත් ලේඛකයින් සිව් දෙනෙක්. අලුත් වාර සඟරාත් ප්‍රවෘත්ති පත්‍රත් මේ මගට වන් විට පොතට සීමා වූ පැරනි චීන ව්‍යාකරනයේ ආධිපත්‍යය අවසන් උනා. 1921 දී මේ ජීව භාශා ලේඛන ව්‍යවහාරය ‘ක්වෝ යූ’ (ජාතික භාශාව) ලෙස නම් කොට රාජ්‍ය ලේඛන ව්‍යවහාරය වශයෙන් පිලිගනු ලැබූ අතර රට කොමියුනිස්ට් උනාට පස්සේ එය ‘පූ තුං හුවා’ (පොදු බස) ලෙස සම්මානනීයත්වයට පත් උනා.”
අජිත් තිලකසේන
(රැලි සුලි, සමනල ප්‍රකාශකයෝ සහ මුද්‍රන ශිල්පියෝ, කැලනිය, 1991 අප්‍රේල්. 49 – 50 පිටු.)
අලුතින් යෝජනා වෙමින් පවතින “ජාතික” සංස්කෘතික ප්‍රතිපත්තිය පිලිබඳ මීට පෙර සටහන පල කරන්න උත්තේජනය සැපයුනේ එම ප්‍රතිපත්ති කෙටුම්පත් යෝජනාව සකස් කල කමිටුවේ සාමාජිකයකු වන එම්. සෆීර් මහතා සමග ඊට සුලු මොහොතකට පෙර කෙරුනු දුරකථන සංවාදයකිනුයි. ඒ කතාබහ අහම්බයක්; සංස්කෘතික ප්‍රතිපත්ති පිලිබද අදහස් හුවමාරු කරගන්නා කරන අටියෙන් කෙරුනක් නෙමේ. නමුත් කතාබහ අතර ඔහු එම කෙටුම්පත් සම්පාදන ක්‍රියාවලිය “බොහොම හොඳින්” කෙරීගෙන යන බව සඳහන් නිසා මමත් ඒ කතාවට ප්‍රතිචාර දක්වන්න වුනා.
මේ කෙටුම්පත සමාජගත කරනවා කිව්වට ඒක කෙහේවත් හොයාගන්න නැත්තේ මොකද කියලා මම ඔහුගෙන් ඇහුවා. එවිට ඔහු කිව්වේ ලියවිල්ල ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන මහතා සිය Facebook පිටුවේ පල කර තිබෙන බව. ඒත් හාරා හොයාබැලුවත් එවැන්නක් එහි තිබුනේ නෑ. ඒ වෙනුවට තිබුනේ මාධ්‍ය නිවේදනයක්. අදාල ලියවිල්ල “ජනගත” කිරීමේ අවස්ථාව පිලිබඳ මාධ්‍ය නිවේදනයක්. ඒ වුනත් එම “ජනගත” කිරීම සිදු වෙන්නේ කවර ස්ථානයක, කවර වේලාවක දැයි එහි සඳහන් ව නෑ. ඊට පෙර දින දෙකක දී එකී “යෝජනා සහ නිර්දේශ” ඇතුලත් කෙටුම්පත ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට ඉදිරිපත් කල බව ද එහි සඳහන් වෙනවා. එමෙන් ම එම Facebook නිවේදනයට ප්‍රතිචාර දක්වමින් (comment කරමින්) සිය ඊමේල් ලිපිනය එහි සටහන් කරන අයට සුනිල් විජේසිරිවර්ධන මහතා එම ලේඛනයේ පිටපත් යවන්න ඉදිරිපත් ව සිටින බවත් පෙනී ගියා. ඊට අමතර ව අදාල “ජනගත” කිරීමේ දී ගනු ලැබූ ඡායාරූප කිහිපයක් ද – එම අවස්ථාවෙන් පසු පල කරුනු – තවත් Facebook සටහනක දකින්න ලැබුනා. ඒ Facebook පිටුවේ මීට අදාල ව මට දකින්න ලැබුනේ එපමනක් බව කියාසිටි විට අදාල කෙටුම්පතේ පිටපතක් ලැබෙන්න සලස්වන්න සෆීර් මහතා පොරොන්දු වුනා. මගේ සටහනේ ලියා තිබෙන අදහස් මම ඔහුටත් කිව්වා: “ඕනෑකමක් තියෙනවා නම් මේ වගේ ලියවිල්ලක් බාගන්න සලස්සන එක බොහෝම ලේසි වැඩක්. ඕක Word document එකක් හරි PDF එකක් හරි වෙන්න ඕන නේ. ඇයි ඒක සංසරනය කරන්න ඔච්චර අමාරු?”. ඔහු අදාල ලියවිල්ල සොයා මට ඊමේල් කරන අතර මා මේ සටහන ලියා පල කලා; එම සටහනේ අවසන් වැකිය හැර සෙසු කොටස මගේ Facebook පිටුවේත් පල කලේ මේ ලේඛනයේ සම්පාදකවරුන්ගෙන් ඇතැමෙක් (“එලිමහන්” අන්තර්ජාලයේ වෙනුවට) සිය Facebook ගිනුම් මගින් මේ සම්බන්ධ කරුනු කාරනා යම් මට්ටමකින් සන්නිවේදනය කරමින් සිටිනු දකින්න ලැබුනු නිසා. ඊයේ සුනිල් විජේසිරිවර්ධන මහතා මගේ අදහසට ප්‍රතිචාර දක්වා තිබුනා.
ඒත් මම Facebook සංවාදකරුවෙක් නොවන නිසා එලිමහන් අන්තර්ජාලය මට වඩා ප්‍රිය යි. ඒ විතරක් නෙමෙයි, බ්ලොග් අඩෙවියක පල වූ දෙයක්, හටගත් සංවාදයක් හෝ සාකච්ඡාවක් වඩා විධිමත් ව ගොනු වී තියෙනවා; පසු කාලයක පහසුවෙන් හොයාගන්නත් පුලුවන්. ඒ නිසා ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන සිය Facebook බිත්තියේ ලියා තිබෙන ප්‍රතිචාරය මෙතැනත් උපුටා දක්වන්න කැමති යි:
“අපි කැමති වුනත් නැතත් රාජ්‍යය සහ එහි සංස්කෘතික ආයතන රටක කලාවේ පැවැත්මට බලපානවා. එතනින් යට, සමාජය කලාවට සම්බන්ධ වන ආකාරය තීරණය කරන සමාජ- සංස්කෘතික සාධක රාශියක් තියෙනවා. ඉතින් කල්පනා කරන මිනිස්සු එකතු වෙලා මේ ගැන සොයල තත්ත්වය දියුණු කරගන්න අවශ්‍ය නැද්ද?. රජය කළ යුතු දේ නොකොට නොකළ යුතු දේ කරන කොට එයට අන්ධව ඉන්න එකද හරි? ඔබේ සැකය සාධාරණ නමුත් මේ කාරණය කියන්න කැමතියි. මම මේ කෙටුම් පත් කමිටුවේ සාමාජිකයෙක්. නමුත් මේ කමිටුව ස්වෙච්චා කණ්ඩායමක්, ඒ නිසා අහවල් තැනින් කෙටුම් පත ගන්න කියල ආයතනයක් නම් කරන්න අපට බැහැ. මේ කෙටුම් පත අපි ප්‍රසිද්ධියේ ජනතාවට ඉදිරිපත් කලා පසුගිය 29දා කොළඹදී. එතනදී අපි විශේෂ email ලිපිනයක් සහ තව contacts ලබා දුන්නා මේක ගෙන්න ගන්න අවශ්‍ය කෙනෙකුට භාවිතා කරන්න. මේක රහසේ කරපු වැඩක් නෙමේ, මීට කළින් කලාකරුවන්ගේ ප්‍රසිද්ධ සභා ගණනාවක දි මේ ගැන කරුණු ඉදිරිපත් කරලා තියෙනවා. ඉදිරි මාස 06දි අපිම සංවිධානය කරන සාකච්චා සම්මන්ත්‍රණ ගණනාවක් තියමින් රට පුරා යන්න අපි බලාපොරොත්තු වෙනවා, මේ කෙටුම් පත සාකච්චා කරලා එය සංවර්ධනය කිරීමේ බලාපොරොත්තුවෙන්. ‘මම එතැන නැත්නම් ඒක වැරදියි’ කියල නොහිතන අය අපට ආරාධනා කරනවා සාකච්චා සඳහා ; කැලණිය විශ්ව විද්‍යාලය, පේරාදෙණිය විශ්ව විද්‍යාලය ඒ අතර. මීගමුවේ ජනාවබෝධ කේන්ද්‍රය ඇතුළු සමාජ සංස්කෘතික සංවිධාන කිහිපයක් එකතුවෙලා ජූනි 14දා සම්මන්ත්‍රණයක් පවත්වනවා.., ඉදිරියේ එවැනි සිදුවීම් බොහෝ වෙයි. මහාචාර්ය සුමනසිරි ලියනගේ ලියා තිබුණා මේක ආකර්ශනීය ආරම්භයක් ; ප්‍රතිපත්ති සම්පාදනය දේශපාලකයින්ගෙන් ජනතාව /සිවිල් පරදු දරන්නන් අතට ගැනීමේ අභියෝගය සම්බන්ධයෙන් හිතන විට – ඔහුත් ආර්ථික ප්‍රතිපත්ති ගැන සාකච්චා කෙටුම් පතක් සකස් කිරීම සඳහා උත්තේජනයක් ලැබුවා කියා. එහෙමත් මේ ගැන හිතන්න පුළුවන් – ඔබ හිතන විදිහට විරෝධය දක්වන්නත් පුළුවන්. මේක කෙටුම් පතක් පමණයි, අපේ උත්සාහය දකුණේ සහ උතුරේ හැකි තරම් විශාල පිරිසක් කරා මේ අදහස් මාලාව ගෙන ගොස්, තෙරපුමක් ප්‍රතිපත්ති තීරකයන් මත ඇතිකරන්න. නිසැකින්ම ඔබට ඉඩ තියෙනවා පැත්තක් තෝරා ගන්න. මේක පිටු 12-13 ක ලේඛණයක් ; උත්සාහ කරනවා එය පහසුවෙන් ගන්න ක්‍රමයක් සකස් කරන්න.”
“කලාව හා සංස්කෘතිය සඳහා වූ නව ජාතික ප්‍රතිපත්තියක් සදහා ධවල පත්‍රිකාව”
එම්. සෆීර් මහතාගෙන් ලැබුනු කෙටුම්පතින් PDF ගොනුවක් සකස් කොට මෙතැනින් බාගන්න සලස්වන්න මම කල්පනා කලා. සම්පාදකවරුන් එය හඳුන්වන්නේ “කලාව හා සංස්කෘතිය සඳහා වූ නව ජාතික ප්‍රතිපත්තියක් සදහා ධවල පත්‍රිකාව” යන නමින් (බාගැනීම සඳහා මෙතන ක්ලික් කරන්න) ඔවුන්ට අනුව මේ 2015 මැයි 08 වැනි දින සංස්කරනය.
අදාල කෙටුම්පත අධ්‍යයනය කර අදහස් දක්වන්න දැන් පෙරට වඩා වැඩි දෙනෙකුට ඉඩ ලැබේ ය කියලා මම හිතනවා. ඇත්තට ම මේ ලියවිල්ල සකස් කරපු පිරිස මැදිහත් වුනා නම් මීට වඩා එලිමහනට, වැඩි දෙනෙක් අතට ඒක යවන්න හැකියාව ලැබෙන්න තිබුනා. මේ අදහස් හුවමාරුවෙන් එවැන්නකට උත්තේජනයක් ලැබුනා නම් ඒක ගැන සතුටු යි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මම ලියූ අදහස් වඩා සමබර සන්දර්භයකට ගේන්න මේ සියල්ල පල කිරීමෙන් යම් තරමකට හැකි වුනා කියලත් මම කල්පනා කරනවා. යෝජිත ප්‍රතිපත්ති ලේඛනය ගැන වැඩිදුර අදහස් දක්වන්න නම් ඒක කියවන්න වෙනවා, අධ්‍යයනය කරන්න වෙනවා.
අදාල පැරනි සටහන්:
* අපි නොදන්න ජාතික සංස්කෘතික ප්‍රතිපත්තිය – අංක 2
* අපි නොදන්න ජාතික සංස්කෘතික ප්‍රතිපත්තිය
අලුතින් කෙටුම්පත් කරගෙන යනවාය කියන ඊනියා ජාතික සංස්කෘතික ප්‍රතිපත්ති පිලිබඳ ලේඛනය (ධවල පත්‍රිකාව/කෙටුම්පත/draft එක, “අරක”, “මේක”) සමාජගත කරලා සාකච්ඡාවට ලක් කරනව කිව්වට ඒක හොයාගත හැකි තැනක් තියෙනව ද? ඒක බාගත හැකි වෙබ් අඩෙවියක් තියෙනව ද? නැත්නම් ඒ පිලිබද සාකච්ඡාව විවෘත ඒක සකස් කරන උදවියගේ හිතමිත්‍රාදී කල්ලිවලට විතර ද? Word document එකක්, PDF ගොනුවක් බාගන්න සලස්සන්න (අවශ්‍ය නම්) අද මොන තරම් ක්‍රම තියෙනව ද?
ඉහලින් කඩාපාත් කරන “ජාතික” ප්‍රතිපත්තිවලට මම කිසිම සහයෝගයක් දෙන්නෙ නෑ. ඒ වෙනුවට පහලින් “පැල කරලා” හදාවඩාගත්තා වුනත්, “ජාතික” පිලිවෙත් කියන්නේ බොහෝම විසකුරු ආහාරයක් කියලයි මම නම් පුුද්ගලික ව විශ්වාස කරන්නේ. කලාකරුවන්, සංස්කෘතික ක්‍රියාධරයින් හා ඔවුන්ගේ ක්‍රියාකාරකම් රාජ්‍ය තන්ත්‍රය සමග විධිමත් ව සම්බන්ධ කර ගැටගහන, නියාමනය කරන “ජාතික” ප්‍රතිපත්තිවලට මගේ කිසිම මනාපයක් වත් එකඟතාවක් වත් නෑ. ඒත් අපට “ලබාදෙන්න” යන “ප්‍රතිපත්තිය” මොකද්ද කියල දැනගන්න මටත් (මට වගේ ම මේ රටේ සෙසු ජනතාවටත්) අයිතියක් තියෙනවා. මේ ලියවිල්ල සකස් කරපු උදවිය මම අඳුනන අය නිසා ඒ අයට පුද්ගලිකව කතා කරලා මට මේක “ඉල්ලගන්න” පුලුවන් ඇති. ඒක නියම ක්‍රමය. “අපේ” “සංස්කෘතියට” ඒක හොඳට ගැලපෙනව. නියම ජාතික ක්‍රමයක් ඒක.
ප.ලි:
මීට කලින් තිබුනු ආන්ඩුවත්, ඔවුන්ගේ ගෝලබාල-අනුගාමික-හෙංචයි සනුහරයත් සංස්කෘතික පිලිවෙත් හදා ක්‍රියාත්මක කල හැටි අපට හොඳට මතක යි.
“නෙළුම් පොකුණ අපට අභිමානයක්. එහි මිල අඩු කළොත් නූගතයි, උගතයි හැම කෙනාම ඇවිත් මේක විනාශ කරන්න පුළුවන්. රඟහලක කටයුතු ගැන අපි දැනගෙන ඉන්න ඕනෑ. අපි එයට යන්න පෙර පුහුණුවීම් කළ යුතුයි. රඟහලක හැසිරෙන ආකාරය, එහි මෙවලම් පාවිච්චි කරන ආකාරය අපි ඉගෙනගත යුතුයි. නැතුව ඒවාට බැණ වදින එක නොවෙයි කළ යුත්තේ. අද කලාකරුවන්ගේ විනයක් නෑ. තමන්ගේ වැඩේ කරගන්නවා විතරයි. අනෙක් අය ගැන බලන්නේ නෑ. ඒක විශාල අභාග්‍යයක්”
පසුගිය සිකුරාදා (2014 මැයි 2) ලංකාදීප පුවත්පතේ රසවින්දන අතිරේකයට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් පටාචාරා නෘත්‍ය නාට්‍යයේ අධ්‍යක්ශිකා ජානකී හිල් ගර්ජනා කර තිබුනේ එහෙම යි. ඇගේ කෘතිය දෙවැනි වතාවටත් නෙලුම් පොකුන (ආන්ඩුවේ වියාකරනයට අනුව නෙළුම් පොකුණ) මහින්ද රාජපක්ශ ජාතික රඟහලේ වේදිකාගත වීමේ මූල්‍ය ශක්තිය ලබලා. මංගල දැක්මට ගිය වියදම රුපියල් කෝටියක් ලු! ඉහත උපුටාගත් කතාවට ඉලක්ක වුනේ නාට්‍යවේදී පරාක්‍රම නිරිඇල්ල කර තිබූ ප්‍රකාශයක්. සංවාදය මෙහෙයවූ සමන්ත යහම්පත් ඇසූ ප්‍රශ්නය මෙහෙම යි: “වේදිකා නාට්‍යවලට නෙළුම් පොකුණ සුදුසු රඟහලක් නොවන බව පසුගියදා පරාක්‍රම නිරිඇල්ල නාට්‍යවේදියා සඳහන් කර තිබුණා, මේ පිළිබඳ ඔබ දරන මතය කුමක්ද?”
පරාක්‍රම නිරිඇල්ල මහතා මෙවැනි ගර්ජනාවක් අහගන්නා තැනට වැඩ සිද්ද කරගත් අන්දම ගැන වෙනම ලිපි පෙලක් ලියන්න වටිනවා. ජානකී හිල්ට අනුව පරාක්‍රම නිරිඇල්ල කියන්නෙත් තමුන්ගේ මට්ටමේ කෙනෙක් නෙමෙයි. මේ වගේ වැදගත් තැන්වලට යන විදිහ දන්නේ නැති නූගතෙක්.
මේ ආන්ඩුවේ සංස්කෘතික පිලිවෙතේ අතිශයින් ම තිරශ්චීන ප්‍රකාශන තව ම එලියට එන්න පටන්ගත්තා විතර යි. ස්ත්‍රීන්ගේ ගවුම්වල දිග ගැන නිර්දේශ සපයන්න මහාචාර්යවරයකුගෙන් යුත් ඒකපුද්ගල කමිටු පත් කරන විට, නාට්‍යවල දුම්බීමේ දර්ශන අල්ලන්න ලයනල් වෙන්ඩ්ට් රඟහලට පොලිසියෙන් පනින විට ගොඩක් අය හිතුවේ වෙන්න තියෙන නරක ම දේ වෙලා ඉවරයි කියලයි. ඒත් මට පේන විදිහට දේවල් වෙන්න පටන්ගත්තා විතර යි. මේ අමන සංස්කෘතික පිලිවෙත්වලට උපත සපයන දේශපාලන දෘශ්ටීන්ට අනුගත වුනු කලාකරුවන් ම තමුන්ගේ දේශපාලන හා මිලිටරි හාම්පුතුන් වෙනුවෙන් බුරන්න ඉදිරිපත් වීම ඇරඹූ විට තත්වය කෙතරම් ජුගුප්සාජනක ද යන්න දැන් පේන්න පටන්ගෙන තිබෙනවා. ඉස්සර මෙවැනි අය හිටියේ නාට්‍ය අනුමන්ඩලය, සාහිත්‍ය අනුමන්ඩලය වැනි තැන්වල විතර යි. නමුත් මේ විදිහට බුරන්නේ නැතුව තමුන්ගේ වැඩේ කරගන්න බැරි බව අන්තර්ඥානයට හසුකරගන්නා ඇතැම් “බුද්ධිමත්” “කලාකරුවෝ” ඔය බුරන වැඩේට අතගහන යුගය ඉස්සරහට එනවා.
හිල්ට අනුව නෙලුම් පොකුන මේ තරම් “අස්ප ගනන්” වීම හරි ම හොඳ දෙයක්. මොකද “නූගතයි, උගතයි” හැම එකා ම ඇවිත් මේ අගනා සංස්කෘතික අවකාශය විනාශ කිරීම ඒ නිසා වැලකෙනවා! මේක ඇත්තට ම ඉතා වැදගත් ප්‍රකාශයක්. කවුරුත් මේක නැවත වාරයක් කියවා බැලීම වටිනවා. ඇය එම සාකච්ඡාව තුල නෙලුම් පොකුනේ හමුදා පරිපාලනය ප්‍රශංසාවට ලක් කරනවා. ඒකත් නාට්‍යකරු පරාක්‍රම නිරිඇල්ලගේ චෝදනාවකට ප්‍රතිචාරයක් හැටියට:
“මගේ නාට්‍යයේ වැඩිපුරම ඉන්නේ ගැහැනු ළමයි. ඒ අය තරුණ අය. සාමාන්‍ය රඟහලකට ගියොත් මෙවැනි ළමයින්ට උසුළු විසුළු කරන අය දකින්න පුළුවන්. මෙතැන සිටින්නේ හමුදාවේ අය. ඔවුන්ට මනා විනයක් තියෙනවා. ඒක අපට ලොකු පහසුවක් වුණා. නැත්නම් ගැහැනු ළමයින් ආරක්ෂා කරගන්න අපට වෙනම කණ්ඩායමක් පත් කරන්න වෙනවා. අනෙක අප එතැනට යන විට ඒ ගැන දැනුම්වත් වී යා යුතුයි. එයට කලින් පෙරසූදානම් විය යුතුයි. කලාකරුවන් එහෙම නොවී එතැන වැඩ කරන්න ගියොත් අපහසුතා ඇති වෙන්න පුලුවන්.” නාට්‍ය රඟදැක්වීමට පවා ඉඩ නොදී වේදිකාව “ආරක්ශා කරන” මේ හමුදා “විනය” කලාවේ මුරකාරකමට සුදුසුකමක් හැටියට සහතික දෙන පිරිස ඉදිරියේදී තවත් ඉහල යාවි.
පසුගිය වකවානුව පුරා ක්‍රමයෙන් වැඩී ප්‍රකාශයට පත් වුනු මොවුන්ගේ ආන්ඩුවේ සංස්කෘතික ප්‍රතිපත්තිය නිරීක්ශනය කරන කෙනෙකුට පැහැදිලි ව පේන්න තිබුනු දෙයක් තමයි “උගතටයි – නූගතාටයි” හිතේ හැටියට කලා නිර්මාන කරන්න, ඒකරාශී වෙන්න, සංවාදයේ යෙදෙන්න තිබුනු අවකාශ සියල්ලක් ම පාහේ බුල්ඩෝසර් කර හකුලා දමන්න කටයුතු කෙරුනු අන්දම. ඉතුරු වුනු බොහෝ තැන්වල ඔත්තු බලන්න CCTV කැමරාත් “ලංකාව රක්නා” බලකායනුත් රඳවනු ලැබුවා. රුපියල් පන්දහසක පමන මුදලකට, ආලෝකකරන උපකරන හා ශබ්ද වාහිනී ද සමගින් රඟහලක් ලබාගන්න තිබුනු අවසාන අවස්ථාව ජෝන් ද සිල්වා රඟහල සමග මරා දමනු ලැබුනා. දැන් “කොල්ලටයි බල්ලටයි උගතටයි නූගතාටයි” හැමෝටම කලාව “විනාස කරන්න” අමාරු වේගනයි එන්නේ. ඒ වෙනුවට මුදල් ගෙවිය හැකි වැදගතාට කලාව නිර්වචනය කොට, රැකගෙන, නියාමනය කරගෙන පවත්වාගෙන යාමේ අවකාශය විවර වේගන යනවා. ඒ උදවිය තමයි සංස්කෘතියේ භාරකාරයෝ.
මරා දැමූ ජෝන් ද සිල්වා රඟහලට යාබද ඉඩමේ තියෙන නෙලුම් පොකුනේ ප්‍රධාන රඟහලේ වත්මන් ගාස්තු මෙහෙමයි:
පලමු දර්ශනය සඳහා රුපියල් 840 000
දෙවැනි දර්ශනය සඳහා රුපියල් 672 000
අතිරේක පැයකට රුපියල් 168 000
පෙරහුරු සහ සංවිධාන කටයුතු සඳහා පැයකට රුපියල් 112 000
අාපසු ගෙවනු ලබන තැන්පතුව රුපියල් 150 000
ජානකී හිල්ගේ මුවින් පිට වෙන අදහස්වලින් පිලිබිඹු වෙන්නේ අද මෙරට විවිධ නිල කලා සංස්ථාවන්ට හා කර්මාන්තයන්ට අරක්ගත් බහිරවයින්ගේ පිලිවෙත. “හැම කොල්ලටම – බල්ලටම” පොත් ලියන්නත් පල කරන්නත් තියෙන නිදහස වැට බැඳ නියාමනය කරන්න පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ ගුනසේන විතාන ප්‍රමුඛ ප්‍රවනතාවක් ඉදිරිපත් වී ඉන්නවා. ඔවුන්ගේ අරමුනත් මීට සමාන යි. ගුනසේන විතාන මහතා රිවිර පුවත්පතට ප්‍රකාශ කර තිබූ අන්දමට නම් මේ උප්පරවැට්ටිය ක්‍රියාවට දැමීමේ දී රජය සමග අත්වැල් බැඳගන්නත් ලොකු උද්‍යෝගයක් එතුමාට තියෙනවා. ස්ටැලින්වාදී සෝවියට් සංගමය සෙට්ටපෝච්චි වී යනතුරු ම එයට දනගසා වන්දනාමාන කරමින් සමාජ සත්තා යථාර්ථවාදය නමැති රාජ්‍ය කලා මතවාදය ප්‍රචාරය කල කල ඔහු වැන්නෙකුට පතපොත සංස්කරනය හා ප්‍රකාශනය නියාමනය වෙනුවෙන් රාජ්‍ය තන්ත්‍රය සමග අත්වැල් බැඳගැනීම ඉතා රුචිය වඩවන දෙයක් වුනත් පොත් ප්‍රකාශකයින්ගෙන් බහුතරයක් ඒ අදහසට එකඟ වේය කියා හිතන්න අමාරුයි. ඒත් මේ නියාමන වැඩපිලිවෙල පෙරට දැමීම ගැන ඔවුන් බොහෝ සෙයින් ඒකමතික අදහසක ඉන්න බව පේනවා. මේ යටතේ පොතපත පල කිරීමට ප්‍රථම ප්‍රකාශන ආයතනය (සහ ගුනසේන විතානට අනුව රජයේ මැදිහත් වීමෙන්) සංස්කරන ක්‍රියාදාමයකට යටත් කිරීම, ලේඛකයින් හා ප්‍රකාශකයින් අතර ගිවිසුම් යනාදී විධිවිධාන ඇතුලත් “ජාතික” ප්‍රඥප්තියක් ගෙන ඒමට යෝජිත යි. මේ අතර එක්තරා මන්ත්‍රීවරයකුගේ පෞද්ගලික යෝජනාවක් වසයෙන් මීට සමාන යමක් සැකසී පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුනු බව ද දැනගන්න තියෙනවා. ඇත්ත!: කර්තෘ ප්‍රකාශන හැටියට “හිතුමතේ, හිතෙන හිතෙන දේ ගැන” පොත් ගහන “කොල්ලන්ට බල්ලන්ට” මේකෙන් වැට බඳින්න පුලුවන්.
“ප්‍රමිතිකරනයට”, ජාතික ප්‍රතිපත්තිවලට, ප්‍රඥප්තිවලට මුවා වී නිදහස් අදහස් හා නිර්මාන පල වීමේ අවකාශ අහුරාලීමේ නැඹුරුව එක විදිහක විලාසිතාවක් වගේ එක ස්තරයක් අතර පැතිරීගෙන යනවා. සමහරු බෞද්ධ ප්‍රකාශන නියාමනය කරන්න හඩනඟනවා. මේ නියාමනය කෙරෙන්නේ කාගේ බුද්ධාගමට අනුකූල ව දැයි තව ම නිර්වචනය කරගෙන නෑ. තවත් පිරිසක් ගීත සම්බන්ධයෙන් ද මෙවැනි නියාමනයක් ඉල්ලා හඬ නඟනවා. ඊනියා “කොපිරයිට්ස්” ගැන විශේශඥයින් හැටියට රඟපාමින් අලුත් උජාරුවකින් ලියන ඇතැම් ලේඛක භවතුනුත් මේ වගේ. හැමෝම අපට ගිලින්න ආරාධනය කරන ලනු සමානයි. “අර අරහේ” තියෙන දියුනු රටවල වැඩ කෙරෙන විදිහ මේක යි. ඉතින් අපිටත් දියුනුවෙන් දියුනුවට යන්න, ආසියාවේ ආශ්චර්යය වෙන්න නම් මේ දියුනු ක්‍රම සහ විධි පාවිච්චි කරන්න ඕනෑ. ඔය වගේ බනක් තමයි නිතර අහන්න ලැබෙන්නේ. මේ කතා අහන අයගෙන් සුලුතරයක් දෙනා වත් මේවා ඇත්තද, එහෙමත් නැත්නම් අමු කෙප්ප ද කියලා ටිකක් නැවතිලා හොයා බැලීම වටිනවා. රටක් වුනාම කිසිම කෙනෙකුට මුදලට ගන්න බැරි ජාතික රඟහලක් තියෙන්න ම ඕනැ ද? එවැනි රඟහල් ඉදි කිරීම ලෝකේ දියුනු රටවල ක්‍රමය ද? මහධන රංග කලා නිකේතනවලට අමතර ව ලොව වටා විකල්ප රඟහල්, නිදහස් අවකාශ පිලිබඳ තත්වය මොකක් ද? පොත් ප්‍රකාශන ආයතන වටේ ලේඛකයන් බැඳ දඬුකඳේ ගසාගැනීමට නීති ගිවිසුම් විධිවිධාන දියත් කිරීම අද ලෝක ප්‍රවනතාව ද? මෙවැනි ප්‍රවේශයන් පොත් ප්‍රකාශනයේ දියුනුවට හේතු වුනා ද? එහෙමත් නැත්නම් ඒකේ අනිත් පැත්ත ද? අද කාලේ ලේඛකයින් ප්‍රකාශන ආයතන (publishing houses) කේන්ද්‍ර කරගත් මුද්‍රන/ප්‍රකාශන කර්මාන්තයෙන් ඔබ්බට යන්න උත්සාහ කරනවද නැද්ද? කර්තෘ ප්‍රකාශන/ස්ව-ප්‍රකාශන (self publishing) වැනි දේවල් අලුත් ප්‍රවනතාවක් හැටියට ලොව පුරා ඉදිරියට එමින් තියෙනවද, නැද්ද? මේවා ගැන හොයන විමසන උදවිය ඉන්නා තාක් දුරට මේ පන්ඩිතයින්ට (කේවට්ටයින්ට) හිතේ හැටියට නටන්න ඉඩක් ලැබෙන්නෙ නෑ. ඒ විතරක් නෙමෙයි, එහෙම හොයා බැලුවොත් මේ පන්ඩිතයින් – දැන හෝ නොදැන – හැසිරෙන්නේ සිය මිලිටරි හාම්පුතුන්ගේ සංස්කෘතිය වෙනුවෙන් බුරන ඔඩොක්කු කුක්කන් හැටියට බවත් අනාවරනය වෙන්න ඉඩ තියෙනවා.
පච්ච කෙටීමත් හංවඩු ගැහීමත් දෙක ම අපේ සංස්කෘතියේ බොහෝ දුර ඈත අතීතයේ පටන් පැවතගෙන එන දේවල්. රාජ්‍ය බලය සහ බුදු සසුන ප්‍රචන්ඩ සන්ධානයකට ගොස් සිටි තවත් එක්තරා අවිචාර සමයක මහාවිහාරයේ අදහස්වලට විපක්ශ මතිමතාන්තර (වෛතුල්‍යවාදී අදහස්) දැරූ භික්ශූන්(දුසිල් මහනුන්!?) පිරිසකගේ සිවුරු අරවා පිටේ හංවඩු ගසා පිටුවාහල් කල සිදුවීමක් පිලිබඳ අහන්න ලැබෙනවා. මේ හංවඩු ගැහීම කලේ ඒ පිරිසට නැවතත් ආපහු එන්න බැරි වෙන්න, ජීවිතාන්තය දක්වා දුන් දඬුවමක් හැටියට. දෙවැනි ලෝක යුද සමයේ යුදෙව්වන්ට එරෙහි නාසි මර්දනය හා සංහාරය තුල විවිධ වර්ගවල හංවඩු ගැසීම් භාවිත වුනා. එකල අවුශ්විට්ස් වැනි කඳවුරු තුල රැඳවියන්ගේ මිනිසත් බව අවප්‍රමාන කරන්න යොදාගැනුනේ හංවඩු ගැසූ අංකයක්. අපේ පැරැන්නෝ ගව මහිසාදීන්ගේ අයිතිය තහවුරු කරගත්තේත් ඒ සතාගේ පිටේ හංවඩුවක් ගහලයි.  පිට පුලුස්සන්නේ නැතුව වුනත් පහුගිය කාලේ ගහපු කොටි ත්‍රස්තවාදී හංවඩුව නිසා බොහෝ දෙනෙකුට රටේ ඉන්න බැරුව ගියා.
හංවඩු ගැහිල්ල බලවත් පාර්ශ්වයක් සිය බලයට යටත් පිරිස් හඳුනාගන්න, බැහැර කරන්න, අවමන් කරන්න එහෙමත් නැතිනම් පාලනය කරන්න යොදාගන්න ක්‍රමයක් බවත් අනිත් අතට පච්ච කෙටිල්ල කැමැත්තෙන් සිය සිරුරට එකතු කරගන්නා අලංකරනයක් – විභූශනයක් බවත් ඒ පද දෙකේ භාවිතයෙන් දැන් තහවුරු වෙලා තියෙනවා. සමකාලීන සිංහල බසට එකතු වී ඇති අලුත් පදය වන ටැටූ එක මීට වඩා නාගරික, සමකාලීන, පොප් වැඩ ගනනාවක් ඇඟවුම් කරනවා. මේ “ටැටූ සංස්කෘතිය” ඇතුලේ පච්චයේ පන්ති පදනම, බලපුලුවන්කාරකම පවා වෙනස් වෙලා ඒක ප්‍රධාන ධාරාවකට ඇවිත්.
මගේ මිත්තනියගේ ඤාති සහෝදරයෙක් එක් උරහිසක බුදුරුවත් අනෙක් උරහිසේ මොනර රුවකුත් පච්ච කොටාගෙන හිටි හැටි මට මතක යි. ඒ කාලේ තවත් ඇතැම් ගැමියෝ ගාථා කොටස්, ඇතැම් මන්ත්‍රවල කොටස් යනාදියත් පච්ච කොටාගත්තා. බෞද්ධ දර්ශනය පිලිබඳ කීර්තිධර පේරාදෙනි මහාචාර්යවරයෙකුත් මේ විදිහට බෞද්ධ පච්චයක් පපුවේ කොටාගෙන හිටි බවට කයිකතන්දරයක් අපි පාසැල් ගිය කාලේ පැතිරිලා තිබුනා! ඒ පච්ච කතාවේ ඇත්ත නැත්ත කෙසේ වුනත් කතන්දරෙන් ඇඟවුනේ ඔහු කෙතරම් දැඩි විදියට අදහස්වල එල්ලිලා හිටියද කියන එකයි. ආගමික රූප හා වැකි පච්ච කොටාගැනීම දහමට හා අදහස්වලට සිය පක්ශපාතීත්වය දිවි හිමියෙන් ප්‍රදර්ශනය කරන අදහසින් කරන දේවල්. පසුගිය සතියේ ලංකාවට පැමින පොලිස්-රාජ්‍ය අඩන්තේට්ටම්වලට ලක් ව පිටුවාහල් වෙන්න සිදු වුනු සංචාරිකාව කර තිබුනු අපරාධය වුනේ සිය බාහුවේ බුද්ධ රූපයක් පච්ච කොටාගෙන තිබීම. වාර්තා වෙන පරිදි ඇයත් බෞද්ධයෙක්. වෙනත් “බෞද්ධ රටවල්” ගනනාවක ආගමික ස්ථානවල සංචාරයේ යෙදී පලපුරුදු බෞද්ධයෙක්. බුද්ධ රූප සහිත පච්ච කොටාගත් සංචාරකයන් ගැන මේ විදිහේ ම හාහෝවක් තායිලන්තයේත් කලකට පෙර ඇති වුනා. මෙහේ වගේ ම බුද්ධිමත් සංස්කෘතික ඇමති කෙනෙක් එහෙත් ඉන්න වග මම දැනගත්තේ ඒ ගැන කියවනකොට යි. ඒ වුනත් ඒ තායිලන්තයේ මත් තවත් ඇතැම් ඇතැම් අග්නිදිග ආසියාතික රටවලත් බෞද්ධ භික්ශූන් වහන්සේලාගේ සිරුර පුරා “බෞද්ධ පච්ච” තිබෙනු දකින්න පුලුවන්. තායිලන්තයේ ඇතැම් බෞද්ධ නිකායක භික්ශූන් ඉතා බැරෑරුම් ආගමික වතාවතක් හැටියට සක් යන්ත් නමැති පච්ච කෙටීමේ චාරිත්‍රය කරනවා. භීක්ශුවක් ලවා මේ වර්ගයේ පච්ච කොටාගැනීම මහත්ඵල ලබාදෙන්නක් බව ඇතැම් බෞද්ධයින් විශ්වාස කරනවා. මේ පච්ච උත්සවශ්‍රීයෙන් සමරන අවස්ථාත් තියෙනවා.
මෑතක දී බුද්ධ රූපය පුවත්පත්වල මුද්‍රනය තහනම් කල යුතු බවටත් එක්තරා බෞද්ධ භික්ශුවක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති බව වාර්තා වුනා. විවිධ ඇදුම් පැලඳුම් මත බුද්ධ රූපය මුද්‍රනය කර ඇති අන්දම ගැනත් මේ හා සමාන විරෝධයක් වරින් වර පල වෙනු දකින්න පුලුවන්. මේ සියල්ල සිදු වෙන අතරවාරයේ ලොව ලොකු ම, උස ම, පලල ම, දිග ම, ගලෙන් හදපු ලොකු ම, ගඩොලින් හැදූ ලොකු ම යනාදී වසයෙන් විශාලතම බුද්ධ ප්‍රතිමා හැදීමේ තරගයක පෙරමුනේ ලංකාව ඉන්නවා.
බුදුන්ගේ “සංස්කෘතිය” සහ අපේ සංස්කෘති
ඉතින් විවිධ සංස්කෘතීන්ට සහ ඓතිහාසික අවධීන්ට අනුව බුද්ධ රූපයට දක්වන ප්‍රතිචාරය සහ ඒවායේ අරුත් වෙනස් වෙන බව අමුතුවෙන් තර්ක කර පෙන්වා දිය යුත්තක් නෙමෙයි. පැරනි බුදුසමයට අයත් සේ සැලකෙන ලියවිලි පරීක්ශා කරන කෙනෙකුට බුද්ධ රූප වන්දනාව බුදුන් අනුදැන වදාල දෙයක් නෙමේ කියලත් තර්ක කරන්න පුලුවන්. වෙනත් වචනවලින් කියතොත් ප්‍රතිමා වන්දනාව “බුදුන්ගේ කාලේ” “බෞද්ධ සංස්කෘතියට” අයිති දෙයක් හැටියට තිබුනෙ නෑ කියල තර්ක කරන්න බැරිකමක් නෑ. බුදුන්ට “සංස්කෘතින්” රැකීම හා පවත්වාගෙන යාම ගැන උනන්දුවක් තිබුනද වගේ ප්‍රශ්නයකුත් ඒ එක්ක ම මතු වෙනවා. ඒත් අද වෙද්දී බොහෝ “බෞද්ධ සංස්කෘතීන්” තුල විවිධ ස්වරූපයෙන් බුද්ධ රූපය වන්දනයට පාත්‍ර වෙනවා. “බෞද්ධ වීම” පිලිබඳ ප්‍රකාශනයක් හැටියට, ආගමික හෝ දෘශ්ටිවාදී අනන්‍යතාවක් ප්‍රකාශ කරන්න, බෞද්ධ අවකාශයක අනසක සලකුනු කරන්න බුදු රුව යොදාන්නවා. බුද්ධ රූපය බිත්තියේ එල්ලනවා, ගෙලේ පලඳිනවා, පච්ච කොටාගන්නවා, හන්දි ගානේ හිටුවනවා. මේ එක් එක් සංස්කෘතීන්ට සාපේක්ශ ව බුද්ධ රූපය නෙලා හෝ චිත්‍රනය කර ඇති ස්වරූපයත් වෙනස්. ඇතැම් භාවනා සම්ප්‍රදායන් තුල බුද්ධ රූපය මනසින් මවාගැනීම හෝ තමන් අබියස බුදු රුවක් තබාගෙන ඒ කෙරෙහි ඒකාග්‍ර වීම අනුදැන වදාරනවා. ඒ ඒ යුගවලට අයත් බුද්ධ රූපවලින් ඉතිහාසයේ විවිධ අවධීන්ගේ සමාජ පිලිබඳ බොහෝ දේ කියවාගන්න පුලුවන්. දැන් වුනත් ඔය හන්දියක් හන්දියක් ගානේ දැකගන්න තියෙන පිලිමවල ප්‍රතිමාවේදය හා සෞන්දර්යවේදය අපේ යුගය ගැන, බලධාරී සංස්කෘතිය ගැන මොන තරම් දේ විචිත්‍ර ව කියා පානවද?
“ෆේස්බුක් මාරයා” ගැන විචිත්‍ර අධියථාර්ථවාදී සිතුවම් මවන, “වලහා එනවෝ”යි නිතර මොර දෙන, “ඔබේ දුව-පුතා අන්තර්ජාලයෙන් බේරාගන්නේ කෙසේ ද” යන්න ගැන පරිකල්පනයෙන් අනූන ලිපි කොටස් වසයෙන් ලියන, අපේ (සිංහල) පත්තර වීරයින් හාට්බ්ලීඩ් (Heartbleed) ව්‍යසනය ගැන පාඨකයින් දැනුවත් කලේ නෑ. එක පත්තරයක මේක වෛරසයක් කියල ලියල තිබුණා. ඒක හරියට පැපොල කියන්නේ දෙයියන්ගෙ ලෙඩක් කිව්ව වගේ කතාවක්. එනිසා ම දෝ මගේ මිතුරන් වැඩි දෙනෙක් හාට්බ්ලීඩ් ගැන මොන ම දෙයක් හෝ අසා තිබුනේ නැති බවත්, මේ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගෙන නැති බවත් අද උදේ තේරුම් ගියා! මෙන්න ඒ ගැන ලියැවුණු එක ම හරිහමන් සිංහල ලිපිය, බ්ලොග්කරු සමීර ශාකුන්තලගෙන්. මෙවැනි දෑ ඉතා නිරවුල් ව නිවැරදි ව ලිවීමට සමත් ඔහු දක්ශ සන්නිවේදකයෙක්: http://blog.shaakunthala.com/2014/04/heartbleed.html
“වැඩි විස්තර වලට යන්න කලින් කෙටිම හැඳින්වීමක් කළොත්, “හාට්බ්ලීඩ් කියන්නේ අන්තර්ජාලයේ වෙබ් අඩවි වලින් තුනෙන් දෙකක පමණ තොරතුරු ආරක්ෂාව පිළිබඳ මෘදුකාංගයක පවතින, දීර්ඝ කාලීනව හඳුනා නොගත් දෝෂයක් හේතුවෙන් රහසිගත දත්ත සූක්ෂම අයුරින් බාහිර පාර්ශව අතට පත් වීමේ අවදානමක්” ලෙස හඳුන්වන්න පුළුවන්.”
“… කවුරුත් දන්නවනේ HTTPS කියන එක ගැන. Facebook යද්දි වෙබ් බ්‍රවුසරේ අර ඉබ්බා (padlock) මාක් එකක් එන්නේ…  සාමාන්‍යයෙන් අපි දන්න හැටියට මේ ඉබ්බා තියෙනව කියන්නෙ ඒ වෙබ් අඩවිය ආරක්ෂිතයි….”
“හැබැයි, මෑතකදි පර්යේෂකයින් කණ්ඩායමක් හොයාගෙන තියෙනවා ඔය ඉබ්බා කඩන්න පුළුවන් කියල! නරකම ආරංචිය තමයි, ඉබ්බා කඩන්න පුළුවන් කියල ප්‍රසිද්ධියේ කවුරුත් නොදැන අවුරුදු දෙකක්ම ගෙවිලා ගිහින් කියන එක. ඒ කියන්නේ ඉබ්බා කඩන්න පුළුවන් කියල කවුරුහරි හොරෙක් (හැකර් කෙනෙක්) දැනගෙන, ඒ බව ප්‍රසිද්ධ නොකර හිටියා නම් ඒ හොරා සෑහෙන ප්‍රයෝජනයක් ඒ හැකියාවෙන් අරන් තියෙන්න ඉඩ තියෙනවා….”
“ඊළඟ නරක ආරංචිය තමයි, ඉබ්බා කැඩුවා කියල අහු වෙන්නෙ නැතුව හොරෙකුට ෂේප් වෙලා යන්න පුළුවන්කම. ඒකත් මේ ආරක්ෂක දුර්වලතාවයෙ හැටියක්. සාමාන්‍යයෙන් වෙනින් ජාතියක හැක් කිරිල්ලක් නං, දක්ෂ හොරෙකුගෙ වැඩක් නෙමෙයි නං වැඩේ මාට්ටු වෙනවා. නමුත් මේක එහෙම ලේසියෙන් මාට්ටු වෙන ඉබ්බො ඇරිල්ලක් නෙමේ කියල තමයි තතු දත් අය කියන්නෙ. ඊළඟ නරක ආරංචිය, ලෝකෙ තියෙන වෙබ් අඩවි වලින් තුනෙන් දෙකකම මේ අවදානම තියෙනවා. ඒ කියන්නේ, අපි එදිනෙදා පාවිච්චි කරන වෙබ් අඩවි වලිනුත් සැලකිය යුතු ප්‍රමාණයක අවදානම තියෙනවා/ තිබුණා කියල එක. ලොකුම උදාහරණයක් තමයි Yahoo සහ Flickr. (මේ වෙලාව වෙනකොට නම් Yahoo සහ Flickr මේ අවදානම් තත්වය මඟඇරල අළුත් ඉබ්බෙක් දාලයි තියෙන්නෙ :) )”
මේක ආරක්ශාවේ සිදුරක්. “ෆේස්බුක් මාරයා” ගැන පත්තරකාරයින් ලියූ මනස්ගාත වගේ නෙමෙයි, මේක සැබෑ අවදානමක්. මේක අනාවරනය වුනේ අප්‍රේල් මාසේ මුල් සතියේ වුනත් එතරම් පුලුල් දැනුවත් කිරීමක් දේශීය භාශාවන්ගෙන් සිදු ව නැති වීම ඛේදජනක තත්වයක්.
මේ දෝශය නිසා අපේ මුරපදත් තවත් බෙහෝ දත්තත් බාහිර පාර්ශ්ව (හොරුන් තක්කඩින් කොල්ලකරුවන්) අතට පත් වී ඇතැයි අනුමාන කල හැකි නිසා මේක භයානක තත්වයක්. ඉතින් අප සතු වැදගත් සහ තීරනාත්මක දෑ සියල්ල ඒ අතර තියෙනවා විය හැකි යි. ඊමේල්, social networking අඩෙවි, බැංකු ගිනුම් යනාදී සියල්ලට මේ අවදානම අදාල යි! මේ වන විට ඔබේ yahoo, gmail, facebook, twitter, ඇතුලු බොහෝ මුරපද හතර අතේ අනුන් අතට ගිහින් තියෙන්න හොඳට ම ඉඩ තියෙනවා.
හාට්බ්ලීඩ් ගැන පසුබිම් විස්තර සහ තාක්ශනික තතු දැනගන්න ශාකුන්තලගේ සටහන සම්පූර්නයෙන් කියවන්න.
විසඳුම කුමක් ද?
ඔබේ මුරපද (passwords) සියල්ල අලුත් කරන්න!
“කරන්න තියෙන්නෙ පොඩි දෙයයි. අන්තර්ජාලයෙ අපි පාවිච්චි කරන වෙබ් අඩවි එකින් එකේ පාස්වර්ඩ් වෙනස් කරන්නයි ඕනේ. හැබැයි හදිසි නොවී පොඩ්ඩිත්තක් ඉවසන්න වෙනවා. Heartbleed ගැටළුව තවමත් විසඳා නැති වෙබ් අඩවි වල පාස්වර්ඩ් වෙනස් කළාට වැඩක් නැහැ.”
ඔබ මුරපදය වෙනස් කරන වෙබ් අඩෙවිය හාට්බ්ලීඩ් සිදුරු වසාදමා (ශාකුන්තලගේ වචනවලින් කියතොත් අලුත් ඉබ්බෙක් දමා) සුරක්ශිත කර තිබේදැයි දැනගන්න මෙන්න මේ වෙබ් අඩෙවිය යොදාගන්න පුලුවන්. ඔබ මුරපදය වෙනස් කිරීමට අදහස් කරන අඩෙවියේ ලිපිනය (නිදසුන් yahoo.com හෝ facebook.com) එහි ටයිප් කොට විමසීමක යෙදෙන්න: https://filippo.io/Heartbleed/
වඩාත් භාවිත වන වෙබ් අඩෙවි අතරින් මේ අවදානමට ලක් ව ඇති අඩෙවි සහ මුරපද වෙනස් කිරීමෙන් ආරක්ශාව තහවුරු කරගත හැකි අඩෙවි ලැයිස්තුවක් මේ පිටුවේ දැක්වෙනවා: http://mashable.com/2014/04/09/heartbleed-bug-websites-affected/
ඉතින් එක වර අලුත් මුරපද දුසිම් ගනනක් මතක තබාගන්න අමාරු නම් ඊට උපකාර වන මෘදුකාංගයක් යොදාගන්න.
Password Safe: http://passwordsafe.sourceforge.net/
KeePassX: https://www.keepassx.org
KeePass: http://www.keepass.info
මේ ගැන මා කියැවූ තවත් අංගසම්පූර්න ලිපියක්
Heartbleed and Passwords
හාට්බ්ලීඩ් ගැන ගැඹුරින් http://heartbleed.com/
ඔබ ඔබේ මුරපද වෙනස් කොට ආරක්ශාව තහවුරු කරගත යුත්තේ ඔබේ තොරතුරු සහ පුද්ගලිකත්වය ගැන හිතා පමනක් නෙමෙයි. ඔබ සතු ව ඔබේ මිතුරන් සහ වෙනත් අය එවූ දේත් තියෙන නිසා මෙවැනි අවස්ථාවක ආරක්ශාව සහ පුද්ගලිකත්වය ගැන සැලකිලිමත් වීම සමාජ වගකීමක් ද වෙනවා.
මේ සතියේ The Sunday Leader පුවත්පත වාර්තා කර ඇති පරිදි ශ්‍රී ලංකාවේ ආන්ඩුව ස්ත්‍රී දූශන “පිටු දකින අටියෙන්” අරුම පුදුම නීති කිහිපයක් යෝජනා කරනවා.
ඒ අතර දූශනයට ලක් වූ තැනැත්තියගේ කැමැත්ත තිබේ නම් අනිවාර්යයෙන් ඇය විවාහ කරගැනීමට දූශකයා නීතියෙන් බැඳී සිටීම, දූශනයට ලක් වූ තැනැත්තිය බාලවයස්කාරියක නම් ඇයට නිසි වයස (18) සම්පූර්න වන තුරු බලා සිට විවාහ කරගැනීම අනිවාර්ය වීම වැනි නීති ද පවතින බව අදාල වාර්තාවේ සඳහන්.
මේ සියලු නව යෝජනා නීති කෙටුම්පත් ලෙස සැකසීම පිනිස අධිකරන අමාත්‍යාංශයට යැවීමට නියමිත බවත් ඉන් පසු කැබිනට් මන්ඩලයේ අනුමැතිය සඳහා යොමු කෙරෙන බවත් වැඩිදුරටත් සඳහන්. ඇතැම් විට මේ යෝජනාවලට දැනටමත් එල්ල වෙමින් පවතින බලගතු ප්‍රතිරෝධය හමුවේ ඒවා අකුලාගන්න ආන්ඩුවට සිදු වේවි. ඒත් අදාල කාරනය ඒක නෙමෙයි. මෙවැනි යෝජනාවකට උපත දිය හැකි අමාත්‍යාංශයක් ලමා සංවර්ධන හා කාන්තා කටයුතු නමින් මහජන මුදලින් පවත්වාගෙන යාම යි!
මේ යෝජනා සියල්ල කන්‍යාභාවය පිලිබඳ තිරශ්චීන වූත් ආචීර්න කල්පික වූත් අදහස් උදහස් මත පිහිටා නිර්මානය කල ඒවා බව පැහැදිලි ව පේනවා. තව ද ස්ත්‍රිය යනු ස්වතන්ත්‍රතාව අහිමි, පුරුශයා මත රඳා පවතින, දෙවැනි පන්තියේ සත්වයකු සේ සැලගෙන සුපුරුදු දෘශ්ටිවාදය ඊට පිටුබලය සපයනවා. “දූශනයකට”/“කෙලෙසීමකට” ලක් වූ තැනැත්තියකට තියෙන එක ම “පිලිසරන” එම දූශනය කල තැනැත්තා ම බවත්, “කෙලෙසුනු” ස්ත්‍රියක “භාරගැනීමට” සමාජීය වසයෙන් හෝ පෞද්ගලික වසයෙන් අන් කිසිදු පාර්ශ්වයක් නැති බවත් මේ නීතියේ පදනමේ පවතින අදහස යි. එම අදහසේ ම අවියෝජනීය අංගයක් වන අනිත් තර්කය විවාහ සංස්ථාව පිලිබඳ මිථ්‍යාව යි. දූශනයට ලක් වූ ස්ත්‍රිය [දූශකයා සමග ම!] විවාහ සංස්ථාවට ඇතුලත් කරවීම ඇයට යුක්තිය ඉටු කර දීමක් හැටියට අමාත්‍යාංශය කල්පනා කරනවා (ලු).
පසුගිය වකවානුවේ අවස්ථා ගනනාවක දී ම දූශනයට ලක් වූ ස්ත්‍රීන්ට අධිකරනය හමුවේ පවා මුහුන පාන්න සිදු වුනේ මෙන්න මේ දෘශ්ටි කෝනයෙන් එල්ල වෙන අඩන්තේට්ටම්වලට. “අවිවාහක,” “නිදහස්,” ජීවිත ගත කරන “සුරූපී” ස්ත්‍රීන් තමන් ම “පිරිමින් පොලඹාගනිමින්” දූශනයට ලක් වීමට පාර කපාගන්නා බව ඇඟවුම් කෙරෙන ප්‍රකාශ විනිශ්චයකාරවරුන්ගේ මුවින් පවා නිකුත් වුනා. ඉන් පසු අදාල “පුවත්” වාර්තා කරන ජනමාධ්‍ය එම පල් වල ම ඉහගෙන කමින් කුනු රසය බෙදන්න ගත්තා. ඉතින් මෙන්න අමාත්‍යාංශයෙන් කදිම විසඳුමක්!
අමාත්‍යාංශයට ම පටන්ගත හැකි තවත් වැඩක් මට කල්පනා වෙනවා. ඒ තමයි අවිවාහක පිරිමින් විවාහයට දිරිමත් කරලීමේ සේවාවක්, මංගල සේවාවක්! Rape a woman, earn a woman! වගේ උද්‍යෝග පාඨයක් සහිත ව මේක ඉහලින් ආරම්භ කල හැකි යි. මොකද මේ නීති ක්‍රියාත්මක වුනොත් ස්ත්‍රී දූශකයාට හිර දඬුවම් වෙනුවට තමාට ම “අයිති” ස්ත්‍රී ශරීරයක් නීත්‍යනුකූල ව ම ලබාගන්න පුලුවන්. එනිසා කැමති ස්ත්‍රිය තෝරාගෙන වහා දූශනය කිරීම පිරිමින්ට විවාහයට කෙටි මඟක් හැටියට අනුදැන වදාරන්න අමාත්‍යාංශයට පුලුවන්.
මේ සියල්ලෙන් නැඟෙන නරුම හාස්‍යය මොහොතකට නවතා සිහිබුද්ධියෙන් විමසා බැලුවොත් අපට පැන නඟින තවත් වැදගත් ප්‍රශ්නයක් තියෙනවා. තමන් අපයෝජනයට දූශනයට ලක් කල පිරිමියා කසාද බඳින්න කැමති වෙන්නේ මොන ස්ත්‍රිය ද? එවැනි තීරනයක් හොඳ සිහියෙන් කෙනෙකුට ගන්න පුලුවන් ද? ලමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශයට ස්ත්‍රීන් පිලිබඳ තියෙන ආකල්පයත් මේකෙන් නැවත වතාවක් විදහා දැක්වෙනවා නේද? කාන්තාවන්ට පරිපාලනයේ ඉහල තනතුරු ලබා දුන් විට ඔවුන් එකිනෙකා කෙරෙහි ඊර්ශ්‍යා පරවශ වී වැඩකටයුතු අවුල් කරගන්නා බවත්, එමගින් ආයතනවල කටයුතු පරිහානියට යන බවත් එහෙයින් ප්‍රධාන තනතුරු පිරිමින්ටත් සහායක තනතුරු ස්ත්‍රීන්ටත් දිය යුතු බවත් කියාසිටියේ ද මේ අමාත්‍යාංශය ම යි! හැබැයි මේ යෝජිත නීති ක්‍රියාත්මක වුනොත් උසාවිවල පොලිසිවල අද සිදු වෙන තිරශ්චීන ක්‍රියා තව පියවරකින් ඉදිරියට යාම නියත යි. අදටත් අහස පොලොව නූහුලන මේ අපරාධවල වින්දිතයන්ට අපරාධය සඟවා යටගැසීමට, සමාදාන වීමට, යටත් වී නිහඬ වීමට බලගතු සමාජ හා සංස්කෘතික පීඩනයක් එල්ල වන බවත් ඒ පීඩනය ක්‍රියාවට නැඟීමේ යාන්ත්‍රන හැටියට උසාවි හා පොලිසි ක්‍රියාත්මක වෙමින් තියෙන බවත් රහසක් නෙමෙයි. ඉතින් මේ අපරාධකරුවන් සමග සමාදානයෙන් විවාහ ජීවිතයකට ඇතුලත් වීම විනා අනාගතයක් නැති බව “ඒත්තුගන්වන්නත්” මේ ආයතන ම ක්‍රියාත්මක වේවි. සාමාන්‍යයෙන් මෙවැනි අමාත්‍යාංශයක් ආන්ඩුවකට අවශ්‍ය වෙන්නේ ස්ත්‍රීන්ට එරෙහි පීඩනය, මර්දනය සදාකාලික හා හැකිතාක් ස්වාභාවික දෙයක් හැටියට පෙන්වා පවත්වාගෙන යන්න තමයි. ඒ අතින් මේක ඉතා කාර්යක්ශම අමාත්‍යාංශයක් බව කිසි ම පැකිලීමකින් තොර ව කියන්න පුලුවන්.
“සංස්කෘතික ඇමති ඇඳලා දෙන කොටු ඇතුලෙ අඹ ඇට පනින්න මම ගිහිල්ලත් නෑ, යන්නෙත් නෑ.”
මම ඒ පිලිතුර දුන්නේ මෙවර රාජ්‍ය නාට්‍ය උලෙල නැරඹීමට පැමිනෙන්නේ දැයි විමසූ මිතුරෙකුට. ඔහු ඒ ප්‍රශ්නය හැම අවුරුද්දේ ම අහනවා; මාත් මීට සමාන උත්තරයක් දෙනවා. රාජ්‍ය නාට්‍ය උලෙලට “දමනු පිනිස” අලුතින් නාට්‍යයක් හදන්න යන තවත් මිතුරෙකුටත් ඒ පිලිතුර ම වඩාත් විස්තරාත්මක ව දෙන්න මේ සතියේ දී ම සිදු වුනා.
මා ජීවිතයේ කිසි ම දිනෙක රාජ්‍ය නාට්‍ය උලෙල නැරඹීමට ගොස් නෑ. රාජ්‍ය නාට්‍ය උලෙලට සහභාගී වන අටියෙන් පමනක් නිර්මානය කෙරෙන නාට්‍යවලට සම්බන්ධ වෙලත් නෑ. ඒත් නාට්‍යය යනු සාමූහික කලාවක් නිසා මා සහභාගී වන නාට්‍යයක් රාජ්‍ය නාට්‍ය උලෙලට යාමට තීරනය කල හොත් මා කරන්නේ මගේ නම එහි නම් ලැයිස්තුවෙන් ඉවත් කරගැනීම යි. එය නාට්‍ය කන්ඩායමක් තුල අන්‍යෝන්‍ය ගරුත්වයට හානි නො වන අන්දමින් සිදු කරන්න බැරි නෑ. ඇතැම් අවස්ථාවල නාට්‍යයේ වැඩකටයුතු ආරම්භ වන අදියරේ දී ම අධ්‍යක්ශවරයා සමග සාකච්ඡා කොට පිලිවෙතක් හැටියට එය රාජ්‍ය නාට්‍ය උලෙලට නොයන නාට්‍යයක් බවට පත් කරගන්න උත්සාහ ගත් අවස්ථාත් එම යෝජනාව ඉහලින් ම පිලිගැනී සාර්ථක වුනු අවස්ථාත් තියෙනවා.
පාසැල් වියේ දී මුලින් ම රාජ්‍ය නාට්‍ය උලෙල ගැන උනන්දුවක් ඇති වුනේ අප පාසැලේ ගුරුතුමකු නිර්මානය කල කෘතියක් එම උලෙලේ අවසන් වටයට තේරුනු වග දැනගන්න ලැබුනු විට යි. විදුහල්පතිතුමා ඇතුලු සියලුදෙනා බලවත් උද්දාමයට පත් වී සිටි අතර නාට්‍ය ගුරුතුමාට පෙර නොලැබුනු ගරුසැලකිල්ලක් ලැබෙන්න කරුනු යෙදුනා. ඒත් නොබෝ කලකින් ම මට වැටහී ගියේ මේ රාජ්‍ය නාට්‍ය උලෙල යාන්ත්‍රනය නාට්‍යවලටත්, නාට්‍යකරුවන්ටත්, රසිකයින්ටත් අත් කරදෙන සෙතක් නැති බව යි. “රාජ්‍ය නාට්‍ය උලෙල වර්ජනය කල යුත්තේ ඇයි?” යන මැයින් පාසැල් වියේ දී ම විස්තරාත්මක ලිපියක් ලියන්නත් මම පෙලඹුනා. අවුරුදු ගනනාවකට පසු මට තව මත් පෙනී යන්නේ එම ලිපියේ තිබුනු පාසැල් වියට ආවේනික ආවේගශීලී ස්වභාවය හැරුනු විට අන් සියලු තර්කවලට මා අද ද එකඟ වන බව යි.
පුදුම අතිපන්ඩිතකමක් නේ? ඔයා ඔච්චර ලොක්කෙක් ද? ඕක මහ ලාමක විරෝධයක් නෙ?
කෙනෙකුට ඔහොම හිතෙන්න බැරි නෑ. සමහරු මට මූනට ම එහෙම කියලත් තියෙනවා. ඒත් ඔය උලෙලට රිංගමින් රාජ්‍යය විසින් ඇඳ දෙන කොටු අතර අඹ ඇට පනින උදවිය පාන අතිපන්ඩිතකම් හමුවේ මටත් මගේ අතිපන්ඩිතකමට අයිතියක් තියෙන බව යටහත් ව කියන්න හිතෙනවා. අනික මේ මම බලහත්කාරයෙන් අන්‍යයන් මත ආරෝපනය කරන/කරවන පිලිවෙතක් නෙමෙයි. සාධාරන ය යි මට වැටහෙන හේතු නිසා එම සැනකෙලියට සහභාගී වීමෙන් වැලකෙන්න මම තීරනය කර තිබෙනවා. අනිත් අතට, සෑම සියලු දෙනා ම රාජ්‍ය නාට්‍ය උලෙලට “කැමති වී” එයින් “සතුටට පත් විය යුතු” බව කීම තරම් අතිපන්ඩිතකමක් සහ ලාමකකමක් තවත් නෑ කියලයි මට හිතෙන්නේ.
රාජ්‍ය නාට්‍ය උලෙල යනු කුමක් ද?
රාජ්‍ය නාට්‍ය උලෙල ආරම්භ කෙරෙන්නේ අතිශය සංකීර්න හා ඓතිහාසික වසයෙන් වැදගත් සන්ධිස්ථානීය අවධියක. ලංකාවට “නිදහස” (ඩොමීනියන් තත්වය) ලැබීමෙන් පසු මෙරට පාලක පන්තිය අලුත් උත්සුකයක් ඇති ව කරට ගත් “ජාතිකත්වය” පිලිබඳ ව්‍යාපෘතියේ කොටසක් වසයෙන් “දේශීය” හා “ජාතික” කලා “සම්ප්‍රදායක්” සමග ඉදිරිදැක්මක් නිර්මානය කරන්න වෑයම්  දරපු සමයක් ඒක. මේ “ජාතික” ව්‍යාපෘතියේ පාලනයට නාට්‍ය කලාව ඇතුලත් කරගැනීමේ හා නියාමනයේ ක්‍රියාවලිය තව මත් අධ්‍යයනය කල යුතු විශය ක්ශේත්‍රයක් හැටියට පවතිනවා. මෙතන, මේ ලිපියේ දිගපලලේ සීමාව තුල කිව හැක්කේ නාට්‍යය/ප්‍රසංග කලා ක්‍රියාකාරකම රාජ්‍යය විසින් දිගපලල හා නීතිරීති නිර්නය කරන අවකාශයක් තුලට කැඳවාගනිමින් නියාමනය කිරීමට රාජ්‍ය නාට්‍ය උලෙල මුල සිට ම (වරින් වර නම සහ නාට්‍ය තරගයේ ස්වරූපය වෙනස් වුනත්) යොදාගනු ලැබ තිබෙන බව යි.
ඒ සූක්ශ්ම රාජ්‍ය අධිකාරය පිලිබඳ සාකච්ඡාව වෙනත් ගැඹුරු අධ්‍යයනයකින් විස්තරාත්මක ව හා විශ්ලේශනාත්මක ව පැහැදිලි කරන තුරු කල් දැම්මත් අපට පැහැදිලි  හා සරල ව පෙන්වා දිය හැකි තවත් පැති කීපයක් තියෙනවා. රාජ්‍ය නාට්‍ය උලෙල පවත්වනු ලබන්නේ 1952 හඳුන්වා දෙනු ලැබූ කලා මන්ඩල පනතට අනුව පත් කරනු ලබන නාට්‍ය අනුමන්ඩලයක් විසින්. මේ අනුමන්ඩලයේ ස්වභාවය හා සංයුතිය සෑම කල්හි ම නිර්නය වුනේ ඒ ඒ අවධියේ බලයෙහි සිටින දේශපාලන පක්ශයේත් පාලක ප්‍රභූවේත් අවශ්‍යතා හා සබඳතා අනුව. එම මන්ඩලයට පත් වන පිරිස් බොහෝ විට නාට්‍ය කලාවට සම්බන්ධ උදවිය වුනත් ඔවුන් පත් කෙරෙන්නේ එම හේතුව නිසා පමනක් නො ව ඊට ප්‍රථම කාලපරිච්ඡේදය තුල අදාල ආන්ඩුවේ දේශපාලන ව්‍යාපෘතියට දැක්වූ සම්බන්ධයේ හා සහභාගීත්වයේ තරම අනුව බව පැහැදිලි ව පෙන්වා දෙන්න පුලුවන්. මේ පිරිස සංස්කෘතික ඇමතිවරයා විසින් පත් කරනු ලබන අතර ආන්ඩුව සමග හොඳහිත පවතින තාක් දුරට ඒ තනතුරු දැරීමේ අවකාශ තියෙනවා.
මේ මන්ඩලය අඛන්ඩ ව හා ප්‍රධාන වසයෙන් සිදු කර තිබෙන කර්තව්‍යය වන්නේ වසරක් පාසා රාජ්‍ය නාට්‍ය උලෙලක් – නාට්‍ය තරගයක් – සංවිධානය කිරීම යි. උලෙලට වරින් වර “ජාතික නාට්‍ය උලෙල” වැනි සුලු වසයෙන් වෙනස් නම් ආරෝපනය කරනු ලැබුවත් සමස්තයක් වසයෙන් ගත් කල එය හරයෙන් වෙනස් වුනේ නෑ.
ඉතින් මේ නාට්‍ය උලෙලේ දී සිදු වෙන්නේ කුමක් ද? උලෙල සංවිධානය කරන ආයතන හා එහි තරග වදින පුද්ගලයින් භාවිත කරන වචනවලින් නො ව වෙනත් ආකාරයකට උලෙල නිරීක්ශනය කලොත් මෙහෙමයි: විවිධ ප්‍රවීන හා ආධුනික නාට්‍යකරුවන් විශාල සංඛ්‍යාවක් තමුන් ලියූ හෝ පරිවර්තනය කල නාට්‍ය පිටපත් නාට්‍ය අනුමන්ඩලයට – ඒ හරහා ඔවුන් පත් කරන විනිශ්චය මන්ඩලයට – එනයින් අවසාන විග්‍රහයේ දී අදාල ආන්ඩුවේ සංස්කෘතික ඇමතිවරයාට පෙන්වා “හොඳද සර් මේක?” කියා විමසනවා. මෙසේ හොඳනරක රාජ්‍යතන්ත්‍රයෙන් අසාගැනීමට ඉදිරිපත් වූ අය අතර නම් වසයෙන් කියතොත් එදා මෙදා තුර ඉතිහාසය පුරා සුගතපාල ද සිල්වා, හෙන්රි ජයසේන, සයිමන් නවගත්තේගම, කේ. බී. හේරත්, පරාක්‍රම නිරිඇල්ල, ප්‍රියංකර රත්නායක යනාදී අතිදක්ශ අග්‍රගන්‍ය නාට්‍යකරුවන් ඉන්නවා. මේ අනුමත වීම සිය ජීවිතයේ සන්ධිස්ථානයක් හැටියට සලකන අයත් මේ අතර නැත්තේ නැහැ. ඒ අතර නාට්‍යය හොඳ ද නැද්ද අනුමත කරන පැත්තේ ඉන්නේ ටී. බී. ඒකනායක වැනි ඇමති කෙනෙක් සමග ඔහුට යටත් අනුමන්ඩලය හා විනිශ්චය මන්ඩලය. ඉතින් සමහර පිටපත් අනුමත වෙනවා. සමහර පිටපත් අනුමැතිය නොලැබීම නිසා අභාවයට යනවා. මෙහි දී අනුමැතිය නොලැබෙන පිටපතක් නිශ්පාදනයට කෙනෙක් පෙලඹී ඇත්තේ ඉතා කලාතුරකින් බව ඉතිහාසය විමසා බලන විට පෙනී යනවා.
“තෝරාගැනුනු” නාට්‍ය පිටපත් නිශ්පාදනය කොට නැවත විනිශ්චය මන්ඩල හරහා රාජ්‍යයේ අනුමැතිය හා අනුග්‍රහය ලබාගන්නවා. එය ඇතැම් අවස්ථාවක වට කීපයකින් කෙරුනු බවත් දැන් බොහෝ විට වට දෙකකින් සිදු කෙරෙන බවත් පේනවා. ඒ නිසා මේ ක්‍රියාවලියට ඇතුලත් වෙන නාට්‍ය බහුතරයක් පවත්වන්නේ උපරිම වසයෙන් දර්ශනවාර දෙක යි: මුලින් විනිශ්චය මන්ඩලයට පෙන්වීම සඳහා “ප්‍රාදේශීය” වටය තුල දිනයක්. ඉන් පසු “අවසන් වටයට” තේරුනොත් කොලඹ රාජ්‍ය නාට්‍ය උලෙලේ දී රඟදක්වන්න පුලුවන්. රාජ්‍ය නාට්‍ය උලෙල වෙනුවෙන් ම නාට්‍ය හදන්න පුරුදුවෙලා ඉන්න නාට්‍යකරුවන් ඔය දෙකෙන් ඔබ්බට යෑමට උනන්දුවක් දක්වන්නේ ඉතා ම කලාතුරකින්. එනිසා ම නාට්‍යය රසිකයා ඉලක්ක කරනු වෙනුවට විනිශ්චය මන්ඩලය ඉලක්ක කර නිපදවන්නක් බවට පත් වෙනවා.
තරගයේ ඒ ඒ අදියරේ අනුමත වීම් සාමාන්‍යයෙන් එම අවධියේ පවත්නා ආන්ඩුවේ සාමාන්‍ය දේශපාලන හා සංස්කෘතික පිලිවෙත් සමග සමීප ව ගැටගැසී පවතිනවා. බොහෝ විට නාට්‍ය තරගයෙන් දිනන්න අවස්ථාව ලැබෙන්නේ දඩබ්බර නොවන, කීකරු, එහෙත් “ලස්සන” නාට්‍යයකට. මේ එක් එක් වට අතරතුර විනිශ්චය මන්ඩලය නාට්‍යකරුවන්ට උපදෙස් හා මගපෙන්වීම ලබාදෙනවා. නාට්‍යය ක්‍රමානුකූල ව රාජ්‍යය විසින් තීරනය කොට තිබෙන සීමා තුල රඳවාගන්න මේ ක්‍රියාවලිය නිසා හැකි වෙනවා. නාට්‍යයේ පිටපතේ අන්තර්ගතය, රංගනය හා සමස්තයක් වසයෙන් නාට්‍යයේ ස්වරූපය ම දැඩි පාලනයකට ලක් කෙරෙනවා. වේදිකාව සහ ප්‍රේක්ශකාගාරය උපයෝගී කරගත යුතු අන්දම යනාදී අතිශය මූලික කරුනුකාරනා දක්වා විනිශ්චය මන්ඩලයේ මැදිහත් වීම සිදු වෙනවා. මෙතන සිදු වන වාරනය රැඟුම් පාලක මන්ඩලයේ වාරනයට වඩා අතිශය සූක්ශ්ම ස්වරූපයක් ගන්නවා. රාජ්‍ය නාට්‍ය උලෙල අපේ නාට්‍ය ක්ශේත්‍රයේ ඉටු කරන කේන්ද්‍රීය ක්‍රියාකලාපය නිසා අද බිහි වන බොහෝ නාට්‍ය උපතේ දී ම  ඊට සරිලන සීමා තුල පිහිටුවන්න නාට්‍යකරුවන් පෙලඹෙන බව නිරීක්ශනය කල හැකි යි.
මේ ක්‍රියාවලියට නාට්‍යකරුවන් ඇතුලු කිරීම මගින් අතිශය පහත් මට්ටමේ ගැටුම්කාරී තරගයක කොටස්කරුවන් බවට ඔවුන්ව පත් කරන්නත් රාජ්‍යය සමත් වෙනවා. සිය සතුරා රාජ්‍යය නො ව අනෙක් නාට්‍යකරුවා බව සිතන කලාකරුවෙක් බිහිකරන්න මේ උලෙල සමත් ව තිබෙන බව සාමාන්‍යයෙන් රාජ්‍ය නාට්‍ය උලෙල අවසන් වූ පසු කලාකරුවන් අතනමෙතන හා පුවත්පත්වල කියාගන්නා දෑ දකින විට පැහැදිලි යි. ඊට අමතර ව “අසාධාරන” තීන්දුවලට එරෙහි ව මේ විනිශ්චය මන්ඩලයේ සාමාජිකයින් සමග ගැටෙන්න සමහර නාට්‍යකරුවෝ දුරදිග යනවා. සාමාන්‍යයෙන් චිත්‍රය ඕක යි.
මීට අමතර ව අර ඉහත සඳහන් කල ජාතික / දේශීය නාට්‍ය කලාව පිලිබඳ ව්‍යාපෘතිය ඉතා සූක්ශ්ම අන්දමින් මේ තුල ක්‍රියාත්මක වෙනවා. ඉතා මෑතක දී අතිශය නාට්‍යමය ස්වරූපයකින් අනාවරනය වුනු එක පැත්තක් උදාහරනයක් හැටියට දක්වන්නම්. මෑතක එක ම අංග රචනා ශිල්පියා සිංහල සහ දෙමල නාට්‍ය දෙකොටසේ දී ම හොඳ ම අංග රචනය සඳහා සම්මාන ලබාගත්තා. එහි දී අනාවරනය වුනේ දෙමල නාට්‍යය සඳහා ලබා දුන් ත්‍යාග මුදල සිංහල නාට්‍යවලට දෙන මුදලට වඩා බෙහෙවින් අඩු බව යි! මෙය “ජාතික” සියලු දෑ “සිංහල” සියල්ල සමග අනන්‍ය කෙරුනු ලංකාවේ පශ්චාත් විජිත නිල සංස්කෘතික ව්‍යාපෘතිය සමග මනා ව ගැලපෙනවා.
සමාජීය හා සංස්කෘතික ප්‍රපංච කෑලි කෑලි හැටියට වෙන් කර, පුද්ගලයන්ගේ හරි හෝ වැරදි තීරන හැටියට වෙන් කර ගැනීමේ අතිසරල පිවිසුම අතහැර මේ සියල්ල සිදු වන පුලුල් ඓතිහාසික සන්දර්භය දෙස බැලීම මෙහි දී වැදගත්. නාට්‍ය කලාව නියාමනයට මැදිහත් වන රාජ්‍යය ම මාධ්‍යවේදීන් හා කලාකරුවන් මරාදැමීම, රටින් පලවා හැරීම, නාට්‍ය තහනම් කිරීම, නාට්‍යවල කොටස් කපා දැමීම, පොලිස් පාට් දැමීම යනාදියෙහි නිරත ව සිටිනවා; අදහස් පල කිරීමේ අයිතියට වැට බඳිනවා. ඉතින් මේ රාජ්‍ය තන්ත්‍රයෙන් ම අපේ නාට්‍යවල හොඳ නරක විනිශ්චය කරවාගැනීමට වෑයම් කිරීම මට වැටහෙන අන්දමට නම් අතිශය අදූරදර්ශී ක්‍රියාවක්. පොලිසිය පැමිනීම පොලිස්පතිගේ වැරැද්දක් හැටියටත්, වාරනය රැඟුම් පාලක මන්ඩලයේ වැඩක් හැටියටත්, නාට්‍ය උලෙල විනිශ්චය මන්ඩලයේ පුද්ගලයින්ගේ වීරකමක් හැටියටත් ගැනීම නොමග යවනසුලු යි; අතිසරල යි. “වැඩක් කරන්න ඕනකමක් තියෙන” “හොඳ” ඇමති කෙනෙක් සමග සෙට් වී “හොඳ වැඩ ටිකක්” ඉටු කරගැනීමේ න්‍යාය පත්‍රයට අනුගත වීම මේ මංමුලාවේ ම තවත් පැත්තක්.
මතු සම්බන්ධයි
බ්ලොග් අඩෙවිය සංක්‍රමනය බොහෝ දුරට සාර්ථක ව සිදු වුනා. අලුත් ලිපිනය http://web.alochana.net
අලුත් පෝශකය http://web.alochana.net/atom.xml
DISQUS ප්‍රතිචාර පද්ධතිය පැරනි ලිපි සමග තව ම හරි හැටි වැඩ කරන්නේ නෑ. එය ඉඩ කඩ ලැබෙන පරිදි සකසාගන්න යි අදහස.
UPDATE : නව ලිපිනයට සංක්‍රමනය
වීම සාර්ථක යි.
නව ලිපිනය : http://web.alochana.net
නව පෝශකය : http://web.alochana.net/atom.xml
මේ අඩෙවිය දුර සිට කියවන ඔබේ බ්ලොග් කියවන සහ උපාංග ඒ අනුව සකස් කරගන්න.
මුල් ලිපිය
කලක පටන් කල් දමමින් සිටි වැඩක් දැන් නොකර බැරි තැනට එමින් තියෙනවා. ගූගල් සේවාවන්ට ඇතුලු වෙන හැම දොරක් ලඟ ම එල්ලා තියෙන්නේ මගේ බ්ලොග් එක, සපත්තු කුට්ටම, යූටියුබය, පින්තූර ඇල්බමය, කලිසම, ගූගල් ප්ලස් (Google+) සමග මාට්ටු කරන සැටි කියා දෙන ඉඟි. ඇතැම් මොහොතක වැරදීමකින් එබෙන්න ඉඩ තියෙන හැංගුනු බොත්තම්, බිම් බෝම්බ, බොරු වලවල් මගඅරිමින් තවදුරටත් යන්න අමාරු තත්වයකට දැන් වැඩේ ඇවිත්. පිකාසා ඇල්බමවලට සිදු වුනු සන්තෑසිය නිසා දැනටමත් සමහර ලිපිවල තිබුනු පින්තූර අතුරුදන්. බ්ලොග් අඩෙවිවල ස්වරූපයත් “බ්ලොග්” වෙනුවට සමාජ ජාලයක හැටි සිහිගන්වන තත්වයක් පේන්න තියෙනවා. ඒ වෙනසට කැමති අයත් ඇති. ඒත් මම අයිති ඒ ගොඩට නෙමෙයි.
ඒ අතරේ තමුන්ගේ දේවල් තමුන්ට පාලනය කරන්න පුලුවන් තැන්වලට දමාගැනීම වැදගත්කම විනාශකාරී විදියට සනාථ කල PRISM ජංජාලයටත් ගූගල් ගෑවිලා. මෙකී නොකී බොහෝ කාරනා නිසා බ්ලොග් අඩවිය (සහ අනෙකුත් සියලු දෑ) ගූගල් වෙතින් ඉවතට ගැනීම තවත් පමා කරන්න අමාරු යි. මට ඍජු හානියක් වී නැතත් එවැනි සමාගමක් සමග බ්ලොග්කරනයේ යෙදෙන්න අවශ්‍ය නැහැ. එවැනි සමාගමකින් සැපයෙන ඊමේල් නම් කොහොමත් නුසුදුසු යි, හානිකර යි.
blogspot වලින් පිටමං වෙන අය බොහෝ විට එක්කෝ Wordpress.com වලට යනවා. එහෙමත් නැත්නම් තමුන් ම Wordpress ස්ථාපනය කරගන්නවා. නමුත් මට මේ Wordpress වැඩේ අල්ලන්නෙ නෑ. ඒ වැඩේ අනවශ්‍ය සංකීර්නකමක් ඇති කරනවා. MySQL වැනි සංකීර්න දත්තපාදමක් මේ වගේ පොඩි බ්ලොග් අඩෙවියකට පාවිච්චි කිරීම හරියට අභ්‍යවකාශ යානයක නැඟී නුවර සිට කොලඹ යාම වගෙයි. අනවශ්‍ය නාස්තියක් සහ විනාශයක්. ඒ විතරක් ද, ඔය දත්තපාදම්වලට අමුක්කු සන්නිය හෙවත් සුදාරක රෝගය වැලඳීමේ අවදානම බොහොම ඉහල යි. එහෙම නැති නිරෝගී සර්වරයක් හොයාගැනීමත් බොහොම වියදම් අධික වැඩක්. Wordpress.com මත දී අපට ලැබෙන පාලනය ගූගල් මත දී තිබෙන තරමටත් වඩා අඩුයි කියලයි මට දැනෙන්නෙ. එනිසා ඒ විසඳුම් අතහැරියා.
ඉතින් මෙතනින් පිටමං වෙනකොට මට හොයාගන්න සිද්ධ වුනා Wordpress (drupal සහ තවත් එවැනි CMS ජාති) වලටත් විකල්පයක් වෙන බ්ලොග් ඇන්ජිමක්. ඩේටාබේස් එකකින් දත්ත අදිමින් පිටු ජීවමාන ව සකසන පද්ධතියක් වෙනුවට ස්ථිතික පිටු නිර්මානය කරන බ්ලොග් ඇන්ජිමක් තිබුනොත් බ්ලොග් අඩෙවිය ඕනෑ ම පිලිකන්නක හොස්ට් කරගන්න පුලුවනි. එතනිනුත් ඔබ්බට ගිහින් PHP වලිනුත් නිදහස් වෙන්න හැකි නම් ඇත්තට ම බ්ලොග් අඩවිය සියයට සියයක් ආරක්ශිත විදිහට පවත්වාගෙන යන්න පුලුවන්. ඒ වැඩේට විසඳුම් ගනනාවක් අතර සැරිසරලා අන්තිමේ දී මම නතර වුන තැන තමයි Jekyll. මේක Ruby භාශාවෙන් රචනා කෙරුනු බ්ලොග්-හිතැති ස්ථිතික පිටු ජනනය කරන මෘදුකාංගයක්; බ්ලොග්කරන මෘදුකාංගයක් නෙමෙයි parsing engine එකක්. කෙලින් ම, අමුවෙන් ම ගත්තාම මේකට මාරු වීම තරමක් සංකීර්න වැඩක්. ඒත් ඒ සංකීර්නකම අඩු කරලා මම වගේ අඳුරේ අතපතගාගෙන යන කෙනෙකුට වුනත් අටවාගන්න පුලුවන් විදිහට Jekyll සකස් කරලා Octopress හැටියට නිකුත් කර තිබෙනවා. දැන් මම කරන්න යන්නේ Octopress මතට මගේ බ්ලොග් අඩෙවිය මාරු කිරීම.
සංක්‍රාන්තිය
නව ලිපිනයකට මාරු වීම දැනටත් සිදු වී අවසන්. ඉදිරි දින දෙක-තුන තුල ඉතිරි වෙනස්කම් කාල වේලාව තිබෙන පරිදි කරන්න යි අදහස. අතරමැදි අවස්ථාවක මේ බ්ලොග් අඩෙවියේ පෙනුම වෙනස් වෙන්නත්, ප්‍රතිචාර සියල්ල තාවකාලික ව අතුරුදන් වෙන්නත් නියමිත යි. මාරුව අවසන් වූ පසු දැන් තියෙන ලිපිනයේ ම අඩෙවිය දැකගන්න පුලුවන්. blogspot පිටුවලට වෙනත් තැන්වලින් පැමිනෙන අයට පවා අතරමං වීමක් නැතුව අලුත් ලිපිනයේ අදාල පිටුවට ම ලඟා වෙන්න පුලුවන් විදිහට යි මාරුව කරන්නෙ. එනිසා කිසිම පිටුවක්, සබැඳුමක් කල් ඉකුත් වෙන්නෙ නෑ. (Cool URIs don’t change!) අපේ සමහර පත්තර නම් සතියකට වතාවක් සියලු ලිපි ඉවත් කරගනිමින් අන්තර්ජාලය කැත කරනවා.
වෙනස් වෙන්නෙ මොනවද?
මේ මාරුවෙන් පසු blogspot වෙතින් ලබා දුන් පැරනි rss සහ atom පෝශක නම් ඇන හිටිනවා. තව දුරටත් ඒවා භාවිත වෙන්නෙ නෑ. ඒ වගේ ම feedburner භාවිතයත් නවතා දමන්න යි යන්නේ. එනිසා මාරුවෙන් පසු අලුත් පෝශකයක් නිකුත් කෙරෙනවා. පුද්ගලික සහ පොදු බ්ලොග් කියවන සඳහා යොදාගත යුත්තේ එය යි. feedburner දිගටම යොදාගැනීමේ හැකියාව ඇතත් එයත් google සමාගම අවශ්‍ය වෙලාවට වසා දැමෙන්න ඉඩ තියෙන නිසා මේ වෙලාවේ එයිනුත් නිදහස් වෙන එක හොඳ යි. කෙටියෙන් කියතොත් අහිතකර බොහෝ දේවල් ඉවත් වී හොඳ දේ ටිකක් එකතු වී බ්ලොග් අඩෙවිය සරල වෙනවා.
මේ විදිහට බ්ලොග් අඩවිය Jekyll හෝ Octopress මතට මාරු කරගන්න කැමති අයට පියවරෙන් පියවර විස්තර කරන සටහනක් පසුව පලකරන්නම්. මට ජය වේවා!
පූර්විකාව
එදිරිවීර සරච්චන්ද්‍ර සූරීන්ගේ ජන්ම ශත සංවත්සරයත් සමග අලුතින් ඉහල නැඟුනු උද්‍යෝගයක් සහිත ව එතුමන්ගේ කාර්යභාරය පිලිබඳ සාකච්ඡා ඇති වෙමින් තිබෙනු දකින්න ලැබීම ඉතා හිතකර දෙයක්; සතුටට කරුනක්. මේ සංවාද අවකාශයට ඇතුලු වන ඇතැමෙක් අලුත් විචාර මිනුම් දඬු, දෘශ්ටි කෝන ආධාරයෙන් සරච්චන්ද්‍රයන්ගේ උරුමය නැවත විමසීමට ප්‍රයත්න දරන අතර ඇතැමෙක් පෙර සිට පැවත ආ පිලිවෙල ම අනුයමින් මේ මහා කලාකරුවා අභිවාදනය කරනවා. තවත් සමහරු සරච්චන්ද්‍ර නමැති නාට්‍යකරුවා, කවියා, දාර්ශනිකයා යනාදී වසයෙන් විවිධ පැතිවලින් විමර්ශනයේ යෙදෙනවා. මේ බොහෝ අදහස් හා විවරන අපේ සංස්කෘතික ජීවිතය අර්ථවත් කරන්න දායක වෙනවා. ඒ ගැන සැකයක්, විවාදයක් නැහැ. මේ කෙටි ලිපියෙන් මම අදහස් කරන්නේ ඒ සාකච්ඡාවට මැදිහත් වෙන්න නෙමෙයි, සරච්චන්ද්‍රයන්ගේ නාට්‍ය රසිකයෙක් හැටියට මට නිතර සිතුනු, කල්පනා වුනු එක් කරුනක් ගැන - ගෞරව සම්ප්‍රයුක්ත ව - “ශබ්ද නඟා හිතන්න” යි.
ලලිතා සරච්චන්ද්‍ර මැතිනිය බොහෝ දුශ්කරතා හා කම්කටොලු මැද එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ නිර්මාන සමුදාය රැකගන්නත් ඒ උරුමය පෙරට ගෙනියන්නත් උර දී සිටින බව අප කවුරුත් දන්නවා. ඒත් කලක පටන් එතුමිය ප්‍රකට කරමින් සිටින ප්‍රවනතාවක් ගැන නාට්‍ය රසිකයකු හැටියට මට තිබෙන්නේ බරපතල ප්‍රශ්නයක්. මෙකී ප්‍රවනතාව ආරම්භයේ දී දකින්න ලැබුනේ සරච්චන්ද්‍ර නාටක, ගීත හා පතපොත යනාදිය අනවසරයෙන් ප්‍රතිනිශ්පාදනය වීම, තැටි වසයෙන් විකිනීම හා නොගැලපෙන සන්දර්භවල ප්‍රසංග සඳහා යොදාගැනීම යනාදියට තියෙන විරෝධයක් හැටියට. ඉන් පසු එම නාට්‍යවල සිටි පැරනි ශිල්පීන් විවිධ අධ්‍යාපනික සහ/හෝ වානිජ කර්තව්‍යයන් සඳහා සන්නිදර්ශන වසයෙන් එම නාට්‍ය ගීත යොදාගැනීම පිලිබඳ විරෝධයක් ද පෙන්නුම් කෙරුනා. මේ විරෝධය පෑමට එතුමියට නෛතික මෙන් ම සදාචාරාත්මක අයිතියක් ද තිබෙනවා. ඊට අතිරේක ව පුද්ගලික හේතුත් ඇති. ඒ හේතු අසාධාරන ය යි මම කියන්නේ නෑ.
ඒත් එතුමියගේ විරෝධය තවත් අංශ කීපයකට ම පැතිර යමින් තිබුනු බව එදා පටන් ම නිරීක්ශනය කරන්න පුලුවන් වුනා. එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ නාට්‍ය පිටපත් උපයෝගී කරගනිමින් අලුත් නිශ්පාදන කිරීම ගැන කිසිම ප්‍රසාදජනක අදහසක එතුමිය නැහැ. ඒ විතරක් නෙමෙයි එම නාට්‍ය පරිවර්තනය කොට වෙනත් භාශාවන්ගෙන්, වෙනත් රංග ශෛලීන්ගෙන් ප්‍රයුංජනය වීම ගැනත් සරච්චන්ද්‍ර මැතිනිය ඉන්නේ දැඩි නිශේධාත්මක ආස්ථානයක බව ධර්මජිත් පුනර්ජීවගේ සිංහබාහු ඉංග්‍රීසි නිශ්පාදනයට දැක්වූ ප්‍රතිචාරයෙන් පෙන්නුම් කෙරුනා. මේ සියල්ල සිදු විය හැක්කේ එතුමියගේ අවසරය ඇතොත් පමනයි. එතුමියගේ විරෝධය දැන් තවත් තලයකට නැඟ තිබෙන බව පෙන්නුම් කෙරෙන සම්මුඛ සාකච්ඡාවක් පසුගිය බ්‍රහස්පතින්දා - අගෝස්තු 04 - ලංකාදීප පුවත්පතේ පල වී තිබෙනවා. සරච්චන්ද්‍ර මැතිනිය මෙහෙම කියනවා (දීර්ඝ වුනත් එතුමියගේ සම්පූර්න අදහසට ම සවන් දීම වැදගත්):
“අද මම තමයි සරච්චන්ද්‍ර මහතාගේ නාට්‍ය නැවත අධ්‍යක්ෂණය කරන්නේ. නාට්‍යවල තිබූ ගුණාත්මක භාවය ඉහළින් මිසක අඩුවෙලා නෑ. නළුවෝ අද දක්ෂයි. ඔවුන්ට දකින්න තිබෙන දේ වැඩියි. ඉතා හොඳට තමයි අද නාට්‍ය නිෂ්පාදනය කෙරෙන්නේ. හැමදේම මගේ අනුදැනුම මතයි යන්නේ
“නමුත් විශාල ප්‍රශ්නයක් දැන් ඇති වෙලා. පාසල්වලට සරච්චන්ද්‍ර මහතාගේ නාට්‍ය කරන්න කිව්වාට මේ අය මගේ අවසරයක් නැතුව “සිංහබාහු, මනමේ” කරනවා. කොළඹට නුදුරු බාලිකා පාසලක “මනමේ” කරලා. ඒ අය ඒක දින්නා කියලා ඒක ලොකු මාධ්‍ය ආයතනයක් මගින් පසුගියදා පෙන්නුවා. ඒක බොහොම වැරදි වැඩක්. එහෙම සැහැල්ලුවට ගන්න පුළුවන් දෙයක්ද? මුළු ලෝකෙම අපේ ජාතික වස්තුවක් ලෙස සලකන “මනමේ” අර නාට්‍ය තරගයකට ගිහින් දින්නයි කියලා මාධ්‍ය ආයතනවලින් පෙන්වීම වැරැදියි. “මනමේ” කුමාරයාට රඟපාන්නේ ගැහැනු ළමයෙක් කොයිතරම් වැරැදිද?
“අනික මේක වැඩිහිටි කතාවක්නේ ගැහැනු ළමයි දාලා පාසලක මෙය කරන එක වැරැදි වැඩක්. නරඹන එක වෙනම දෙයක්. නමුත් නාට්‍යයක් කිරීමේ දී ඒ චරිතය තුළට කිඳා බැසිය යුතුයි. මගේ කිසිම අවසරයක් නැතුව මේ අය කරපු දේ අනුමත කරන්න පුළුවන්ද? මට හරිම සංවේගයක් ඇති වුණා. මේ නොවැම්බර් මාසයේ 3 වැනිදාට “මනමේ” ට අවුරුදු 57ක් වෙනවා. මාධ්‍ය ආයතනවල තිබෙන්නේ ඒ තරගවලින් දිනූ ගැහැනු ළමයි කළ “මනමේ” පෙන්වන එක නෙවෙයිනේ. “මනමේ” තවම රඟ දක්වන නාට්‍යයක්. ඒක පෙන්වන්න පුළුවන්නේ. ඉතිං මේක හරි කොල්ලයක්. නොදන්න අයට වැඩසටහන් බාර දුන්නාම වෙන දේ ඕක තමයි මොකද ඔවුන් මෙහි වටිනාකම දන්නෙ නෑ.
“මේ ගැන ලොකු කලකිරීමක් මට තිබෙන්නේ. සරච්චන්ද්‍ර මහත්මයාට මම හිතින් කිව්වා. මේවා මට බාරදීලා ඇයි ගියේ? අද මේවා කොල්ල කනවා නේද කියලා. සාරධර්මවලට විරුද්ධයි. “මනමේ” මේ විදිහට කළ ගුරුවරු මගෙන් අවසර ගන්නේ නැතුව කරපු දේ වැරැදියි. මාධ්‍ය ආයතනවල මේවා අරගෙන පෙන්වීමත් වැරැදියි.
“මට තමයි සරච්චන්ද්‍ර මහත්මයාගේ සියලුම නිර්මාණවල අයිතිය තියෙන්නේ. එය අන්තිම කැමති පත්‍රයෙත් සඳහන් කරලා තියෙනවා. ඒ හැරුනු විට බුද්ධිමය දේපළ පනතක් තිබෙනවානේ. අපි මාධ්‍ය ආයතනවලට කියලා තිබෙනවා මගේ අවසරයක් නැතුව සරච්චන්ද්‍ර මහතාගේ නාට්‍ය පෙන්වන්න එපා කියලා. මාධ්‍ය ආයතන අද වැරැදි වැඩ කරනවා. ඔය මාධ්‍ය ආයතනවලට මුලින්ම නාට්‍ය සැපයුවේ අපියි. අපිටම දැන් කෙණහිලිකම් කරනවා. කොයිතරම් වැරැදිද? “මනමේ, සිංහබාහු” ආශ්‍රයෙන් මොනවා හරි නිර්මාණ කරන්න පුළුවන්. හැබැයි ඒ අයිතිය තියෙන්නේත් මට විතරයි.
“මගේ අයිතිය සරච්චන්ද්‍ර මහත්මයාට අගෞරව නොවන ආකාරයට මම පාවිච්චි කරනවා. මට දැන් නඩු හබ යන්න වෙලා. මේක හරි කරදරයක්. සමහරු අපේ නිර්මාණ අරගෙන ඒවා DVD වලට දමා විකුණන්න හදනවා. ඒක තව ප්‍රශ්නයක්. මම අධ්‍යාපන ඇමැතිතුමා හමුවෙලා මේ ගැන කියන්න හිතාගෙන ඉන්නවා. ළමයින්ට පාසැල්වල මේවා රඟපාන්න දෙන්න එපා කියලා. අඩුම ගණනේ “මනමේ, සිංහබාහු” දෙකවත් ආරක්ෂා කරන්න. ළමයින්ට පුළුවන් දේවල් නොවෙයි මේ. පාසල්වල විදුහල්පතිවරුන්ට, ගුරුවරුන්ට දඬුවම් කළ යුතුයි. අහන්නේ නැතිව මේ අය කරන වැඩේ ගැන කවුද කතා කරන්නේ?”
(ලංකාදීප 2013 අගෝස්තු 04 සිකුරාදා, රසවින්දන අතිරේකය, 3 - 4 පිටු. සංවාද සටහන සමන් යහම්පත් / අක්ශර වින්‍යාසය හා පද බෙදීම පුවත්පතට අනුව)
මතු සම්බන්ධ යි.
දෙස් විදෙස් සිනමා ලෝලීන් සිත් තුල පැහැබර අනාගත අපේක්ශා පුබුදුවමින් සිටින සම්මානිත සිනමාකරු සංජීව පුෂ්පකුමාරටත් ඔහුගේ කෘතිය Flying Fish චිත්‍රපටියටත් එරෙහි ව ආරක්ශක ලේකම්වරයාත් ස්වාධීන රූපවාහිනියත් ඊයේ රාත්‍රියේ යුද ප්‍රකාශ කලා. පහත දැක්වෙන්නේ ඒ පිලිබඳ පල කෙරුනු වියරු හා වෛරී “පුවත්” වාර්තාව යි:
මෙහි දක්නට ලැබෙන්නේ සිනමාකරුවාටත්, කෘතියටත්, ඊට දායක වූ සියලු පාර්ශ්වයන්ටත් කිසිදු නිදහසකට ඉඩක් හසරක් නොතබා සමස්තයක් හැටියට ම ගෙන කරන සාපරාධී, වෛරී හංවඩු ගැසීමක්. මේ අරුම පුදුම වාර්තාවට අනුව “දෙමල ඩයස්පෝරාව”, ඊනියා විදේශ බලවේග, “රටට එරෙහි” රාජ්‍ය නොවන සංවිධාන යනාදී සකල විධ බියකරු සතුරන්ට අපේ සිනමාකරුවා සම්බන්ධ යි!
අදාල “පුවතින්” ම හෙලි වන පරිදි මේ චිත්‍රපටියේ තිබෙන “රටත්, රට රැකගත් හමුදාවත්” අපකීර්තියට පත් කරනසුලු ගුනය ගැන ආරක්ශක ලේකම්වරයා දැනගෙන ඇත්තේ “පුවත” විකාශය කිරීමට යන්තම් දිනකට පෙර වුනත් ඔවුන් “හෙලිදරවු කරගෙන” තිබෙන “තොරතුරුත්” “හෙලි වෙමින් පවතින” තොරතුරුත් අප තුල ඇති කරන්නේ විස්මයක්. අපේ අංකුර සිනමාකරුවාගේත් කලාකෘතියට සම්බන්ධ වූ සියලු දෙනාගේත් ජීවිතවලට මෙමගින් එල්ල කෙරී පවතින තර්ජනය නො වේ නම් මෙය මහා හාස්‍යජනක විකාරයක් හැටියට බැහැර කරන්නත් පුලුවන්. නම් කරමින් හඳුනාගත හැකි රූප පල කරමින් අධ්‍යක්ශවරයා සහ නිශ්පාදකවරයාට එරෙහි ව එල්ල කරන තර්ජනය සුලුවෙන් තැකිය යුත්තක් නෙමේ. මෙවැනි වෛර ව්‍යාපාරයක පදනම හෝ හේතුව/අරමුන කවරක් වුනත් එහි ප්‍රතිඵලය වන්නේ ඔවුන්ගේ නිදහසටත් ආරක්ශාවටත් එල්ල වන බරපතල අවදානම යි.
මේ ප්‍රහාරය එන්නේ සාමාන්‍යයෙන් කලා කෘති වාරනයටත් කලාකරුවන් මැඬිමටත් නිල වසයෙන් පිහිටුවා තිබෙන ව්‍යුහයන්ටත් ඉහලින්. වාරනය මෙරටට අලුත් දෙයක් නොවුනත් දැනට පවත්නා පාලන තන්ත්‍රය එය අලුත් ස්වරූපයකින් පෙරට ගෙන යාමට සමත් ව සිටිනවා. ඔවුන් පුවත්පත්, පතපොත, අන්තර්ජාලය, සිනමාව, වේදිකාව යනාදී සෑම තැනකට ම මේ නිල ව්‍යුහයන්ටත් ඉහලින් කඩා පැනීමෙන් කුප්‍රකට වී සිටින අතර එම මදාවි හමුදා ක්‍රමයට ම TIME සඟරාවේ අලුත් ම කලාපය වාරනයට ලක් කලේ මීට දින කීපයකට ප්‍රථම යි.
කලාව (එහි උසස් ම තලයට නැඟුනු කල්හි) බොරුව අනාථ කොට එලිදරවු කරන, එමෙන් ම සත්‍යය ඥානනය කරන මාර්ගයක් හැටියට ක්‍රියාත්මක වී තිබෙන බව කලාවේ ඉතිහාසය දෙස බලන විට පෙනී යනවා. සත්‍යයට තිබෙන බිය, එනිසා ම ඇතැම් විටෙක කලා කෘති කෙරෙහි වූ බියක්, විරෝධයක් හෝ පිලිකුලක් හැටියට පිටාර ගලන්න ඉඩ තියෙනවා. මේ සිදු වෙමින් තිබෙන්නේ එවැන්නක් දැයි නිගමනය කිරීමට හැකියාවක් තව ම මට නැත්තේ Flying Fish චිත්‍රපටිය නරඹන්න තව ම අවස්ථාවක් නොලැබුනු නිසයි.  ඒත් ගොනා හැරෙන්නේ පැලේ කන්න බවත් මේ චිත්‍රපටිය ඉතා දැඩි වාරනයකට ලක් වීමට ඉඩ ඇති බවත් සැකයක් නැහැ. මිලිටරිය කලා කෘති ගැන හා  කලාකරුවන් ගැන තීන්දු තීරන ගැනීමත්, කලා කෘති පරිශීලනයට අපට ඇති අයිතිය අවුරාලීමත් අප ඉවසිය යුතු ද? මේ චිත්‍රපටිය නැරඹීමට අපට ඇති අයිතිය අවුරාලීමට එරෙහි ව අප කොන්දේසි විරහිත ව හඬ නැඟිය යුතු නො වේ ද?  සිනමා රසික සහ පුරවැසි අප සියලු දෙනා අබියස කලාකරුවකු මෙවැනි අඩන්තේට්ටමකට ලක් වීම පෙරලා අභියෝගයට ලක් කල යුතු සිදුවීමක් නො වේ ද? කලාකරු සංජීව පුෂ්පකුමාරගේත් මේ සිනමාපටයට දායක වූ සියලු දෙනාගේත් නිදහස සහ ආරක්ශාව පිලිබඳ ප්‍රශ්නය අප සියලු දෙනාගේ ම ප්‍රශ්නයක් නො වේ ද?
බොදු බල සේනා සංවිධානයට එරෙහි ව “ධර්මය” නඟා සිටුවන බවට ශපථ කරමින් කැඳවුම් කෙරුනු විරෝධතාවක් ඊයේ පොලිසියේ මැදිහත් වීමෙන් අඩපන කොට විසුරුවා හරිනු ලැබුවා. Buddhists Questioning Bodu Bala Sena නමින් හැඳින්වුනු Facebook පිටුවක් වටා ගොනු වුනු මේ විරෝධතාකරුවන්ගේ ප්‍රකාශිත අරමුන “බොදු බල සේනා සංවිධානය ධර්මයට එකඟ ව ක්‍රියා කරන්නේ ද?” යනාදී ප්‍රශ්න ගනනාවක් මතු කොට “ධර්මය” සහ බොදු බල සේනාව අතර විසංසන්දනයක් පෙන්නුම් කිරීම බව පෙනී ගියා.
පොලිසිය සෑම විටක ම බොදු බල සේනාවට හිතපක්ශපාතී ආකාරයෙන් හැසිරෙන බවත් ඊට රාජ්‍ය අනුග්‍රහය ලැබෙන බවත් මෙතෙක් හටගත් සෑම සිද්ධියකින් ම පාහේ පැහැදිලි ව පෙන්නුම් කෙරුනා. බොදු බල සේනාවට “බෞද්ධ විරෝධී” සාප්පු, මුස්ලිම් ව්‍යාපාරික ස්ථාන යනාදිය වටලන්නත්, බඩුභාන්ඩ අත්අඩංගුවට ගන්නත් “පොලිස් බලතල” ලැබී තිබුනු සෙයක් පෙනී ගිය අතර පොලිසිය නිහඬ ව ඒ අසලට වී සිටිනු ද දකින්න ලැබුනා. ඉතින් මේ අවස්ථාවේ දීත් පොලිසිය ක්‍රියා කල ආකාරය තර්කානුකූල යි, උචිත යි. ඔවුන් බොදු බල සේනා විරෝධය අඩපන කරන්නත් විරෝධතාකරුවන් ත්‍රස්ත කරන්නත් විධිමත් ව මැදිහත් වුනා.
අදහස් පල කිරීමට, රැස්වීමට හා උද්ඝෝශනයට ඇති අයිතිය ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක අතිශය වැදගත් ලක්ශනයක්; අවශ්‍යතාවක්. මෙහි දී මර්දනයට පාත්‍ර වූ උද්ඝෝශකයන්ගේ අයිතීන් ආරක්ශා කිරීමට එක පැහැර අප ඉදිරිපත් විය යුත්තේ එනිසයි.
ඒත් ධර්මය නඟා සිටුවන අටියෙන් ද බොදු බල සේනාව ප්‍රශ්න කරන අටියෙන් ද පැවැත්වුනු මේ ධාර්මික ජනරාශිය හරියට ම බොදු බල සේනා සංවිධානයේ මධ්‍යස්ථානය ඉදිරිපිට සිදු කිරීමෙන් අදාල සංවිධායකයින් අපේක්ශා කලේ කුමක් ද යන්න මට ප්‍රශ්නයක්. මෙවැන්නකින් ප්‍රකාශිත පරිදි සාධනක (constructive), “බෞද්ධ” බලපෑමක් ඇති කල හැකි ද? එමගින් ඊයේ වැනි දිනෙක, කොලඹින් පිට ව සිටි දහස් සංඛ්‍යාත මහජනතාව ධර්මයෙහි පිහිටුවා උගන්වාගැනීමේ අවස්ථාවක් විවර වුනා ද? එහෙමත් නැත්නම් ඔවුන්ගේ අපේක්ශාව වුනේ බොදු බල සේනා සංවිධානය මෛත්‍රියේ බලයෙන් “දමනය” කරගැනීම ද? ප්‍රකාශිත අරමුනු කුමක් වුනත් සත්‍ය වසයෙන් ම සිදු වුනේ කුමක් ද? පොලිසිය ලවා අදාල උද්ඝෝශනයට එරෙහි ව ප්‍රතික්‍රියාවක් ජනනය කරගැනීම; බොදු බල සේනා සංවිධානය පැත්තෙන් ප්‍රචන්ඩ පිලිතුරක් ලැබීම (එය මීට වඩා ප්‍රචන්ඩ ස්වරූපයක් ගන්න ඉඩ නොතිබුනා නෙමෙයි); ශ්‍රී ලංකාව තුල සාමකාමී ව රැස්වීමට හා අදහස් පල කිරීමට අවකාශයක් නැති බව “ඔප්පු වීම” යනාදිය නෙමෙයි ද? මේ කිසිදු කරුනක් අලුතින් ඔප්පු කිරීමට ඇවැසි ව තිබුනු දෑ නෙමෙයි. අද උදෑසන වාර්තා වුනේ යාපනය උදයන් පුවත්පත් කාර්යාලය කිසියම් පිරිසක් විසින් ගිනි තබනු ලැබ ඇති බව යි. මේ සියල්ල අඛන්ඩ ව ඇවිල යන දේශපාලන අර්බුදයක ප්‍රකාශන. ඒවා “දේශපාලනයෙන්” තොර ව “ධර්මයෙන්” විසඳිය හැකි ප්‍රශ්න ද? කිසියම් අන්තවාදී සංවිධානයකට එරෙහි ව දේශපාලන ප්‍රශ්න මතු කිරීමකින් තොර ව “ධර්මයෙන්” සන්නද්ධ ව සංවිධානය වීමෙන් ලබාගත හැකි ප්‍රතිඵලය කුමක් ද? එකී අන්තවාදී සංවිධානය තමා ම ප්‍රකාශයට පත් කරගෙන සිටින අරමුනු එහි සැබෑ අරමුනු වසයෙන් ගනිමින්, එහි දේශපාලන අක්මුල් සාකච්ඡාවෙන් බැහැර කරමින් ගොඩනඟන විරෝධයක් අවසන් විග්‍රහයේ දී ප්‍රකාශයට පත් කරන දේශපාලනය කුමක් ද? එම විරෝධය අවසානයේ කෙබඳු දේශපාලනයක ගොදුරක් බවට පත් වේ ද?
මගේ අදහස නම් ඊයේ ප්‍රයත්නයෙන් කිසිදු “බෞද්ධ” ප්‍රතිඵලයක් නොලැබුනු බව යි. එසේ ම එවැනි “බෞද්ධ” හා “ධාර්මික” ප්‍රතිඵලයක් ලැබීමට නියමිත ව තිබුනු බවක් ද මුල සිට ම පෙනෙන්නට තිබුනේ නෑ. එය ස්වභාවයෙන් ම මෙවැනි (නැතහොත් මීට වඩා ප්‍රචන්ඩ) ප්‍රතික්‍රියාවක් බොදු බල සේනා පාර්ශ්වයෙන් අවුලුවාගැනීමේ හැකියාව, විභවය සහිත ව ආරම්භ වූවක්.
බොදු බල සේනාවේ “බෞද්ධ බව” ප්‍රශ්න කරන්නට ගිය පිරිසේ “බෞද්ධ බව” ප්‍රශ්න කිරීමට බොදු බල සේනා සාමාජිකයින් ඉදිරිපත් ව සිටිනු දකින්න ලැබීම තවත් උත්ප්‍රාසවත් කාරනයක්. දැන් මේ ලියන මම ඉහත ක්‍රියාවලියේ “බෞද්ධ බව” ප්‍රශ්න කරමින් ඉන්නවා. මට සිහි වෙන්නේ සද්ගුනවත් බූරුවා මහතාගේ ආගම ප්‍රශ්න කෙරුනු අවස්ථාව.
බල මාලු කෑමෙන් ජපනා බුද්ධිමතෙකු වූ සැටි අනාවරනය කරන්න ඇමැති විමල් වීරවංශ මහතා සමත් වීම ජාතියේ භාග්‍යයක්. මුල්ලේරියාව ප්‍රදේශයේ කිසියම් ස්ථානයක දී මේ පිලිබඳ අදහස් දක්වා ඇති අමාත්‍යවරයා ජපනාගේ දියුනුවේ රහස අධ්‍යාපනය සහ කෑම බීම රටාවේ වෙනස බව පෙන්වා දී තිබෙනවා. ලෝක යුද්ධයෙන් කුඩුපට්ටම් වී ගිය ජපානය දියුනුවෙන් දියුනුවට ගියේ එහෙමයි.
මේ වන විට අධ්‍යාපනය “වෙනස් කිරීමේ කටයුත්ත” සැලකිය යුතු දුරකට රැගෙන යන්න ආන්ඩුව සමත් වී ඇතත් ජනතාවට බල මාලු කැවීම වැනි වැදගත් අංශ අතපසු වී තිබෙන තත්වයක් තුල වීරවංශ මහතාගේ මැදිහත් වීම අතිශය තීරනාත්මක පුරෝගාමී කටයුත්තක් බව සඳහන් කල යුතු ම යි. මම හිතන්නේ බල මාලු පිලිබඳ ඇමති ධුරය එතුමාට ලබා දීමෙන් පශ්චාත් යුද ශ්‍රී ලංකාවේ ජනතාව ශක්තිමත් හා බුද්ධිමත් කරන්න කාලය ඇවිත්.
බල මාලු අනුභවයේ වැදගත්කම ගැන කතාබහ කරමින් ඉන්නා අතර මගේ මිතුරෙක් ෆේස්බුක් පැත්තේ දී ඇසූ කතාන්දරයක් මට කියාදුන්නා. කතාවට වාක්‍ය තුන යි:
“ඔන්න දවසක් මහින්ද රාජපක්ශ කියල මිනිහෙක් ගමනක් යනකොට වලස්සු දෙන්නෙක් මුලිච්චි වුනා. එක වලහෙක් දඩිබිඩි ගාලා ගහකට නැගල බේරුනා. අනිකා මැරුනා වගේ බිම නිදාගෙන ඉඳල බේරුනා.”
කමල හසන් අධ්‍යක්ශනය කල විශ්වරූපම් සිනමාපටය මුලින් තාවකාලික ව තහනම් කල ශ්‍රී ලංකා ආන්ඩුව පසු ව තහනම ඉවත් කර තිබෙන බවට ආන්ඩු ගැති, උද්දාමිත සිරස්තල ලියූ උදවිය පුවත ඇතුලේ මුල්ලක හංගා දැමූ, ඇතැම් විට නිසි සේත් නොලියූ කරුනක් තියෙනවා. ඒ තමයි දැන් චිත්‍රපටය නිල වසයෙන් ම මෙරට තුල වාරනයට ලක් ව තිබෙන බව. මා මෙහි දී අදහස් කරන්නේ චිත්‍රපටිය නිසා හටගෙන තිබෙන කිසියම් ආතතියක් නිසා ප්‍රදර්ශනය අත්හිටුවීම හෝ තාවකාලික ව තහනම් කිරීම නමැති වාරනය ගැන නෙමෙයි. චිත්‍රපටියට දීර්ඝ කාලීන ව බලපාන අන්දමින් කෘතිය වාරනයට ලක් කිරීම ගැන.
දැන් මෙරට පෙන්වීමට අවසර දී තිබෙන්නේ චිත්‍රපටකරුවා තැනූ කෘතිය නො ව දර්ශන දෙකක් වාරනයට ලක් කිරීමෙන් අනතුරු ව මෙරට ආන්ඩුව තැනූ චිත්‍රපටියක්. චිත්‍රපටියේ අලුත් සංස්කාරක මහේශ් නාරායනන් නො ව ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ රැඟුම් පාලක මන්ඩලය යි. එනිසා හරිහමන් සිරස්තලයක් ලියන්නේ නම් ලිවිය යුත්තේ චිත්‍රපටිය මෙරට වාරනයට ලක් කර තිබෙන බව නෙමෙයි ද?
වාරනයට (සහ තාවකාලික තහනමට යන දෙකට ම) හේතුව චිත්‍රපටිය තුල ගැබ් ව තිබෙන මුස්ලිම් විරෝධී අදහස්/හැඟීම්/දර්ශන බව අහන්න ලැබෙනවා. චිත්‍රපටිය දැක නැති අපට ඒ ගැන හරිහැටි නිගමනය කරන්න සාක්ශියක් නැහැ. ඒ වුනත් මේ අවස්ථාවේ අප සියලු දෙනාෙග් අවධානය යොමු විය යුතු සහ යොමු කල හැකි අංශයක් තියෙනවා. මේ ඊනියා මුස්ලිම් හිතපක්ශපාතකම ශ්‍රී ලංකාවේ පහල වෙන්නේ කුමන වාතාවරනයක් තුල ද? එලිපිට ම ආන්ඩුවේ සහකාර දේශපාලකයින්ගේ දෘශ්ටිවාදාත්මක හා දේශපාලනික තල්ලුව සේ ම, 1983 සිහිගන්වමින් පොලිසියේ නිහඬ සහයෝගය ද සහිත ව මුස්ලිම් විරෝධී වර්ගවාදී උත්සන්නියක් රටපුරා දෝරෙගලා යමින් තියෙන අවස්ථාවක් මේක. මුස්ලිම් ව්‍යාපාරිකයන්ට අයත් බව කියැවෙන ව්‍යාපාරික ස්ථාන පොලිසියේ නිහඬ අනුග්‍රහය සහිත ව වටලා අඩන්තේට්ටම් කිරීමේ සිට ආගමික ස්ථානවලට ප්‍රහාර එල්ල කරමින් මදාවිකම් පෑම දක්වා පුලුල් පරාසයක පැතිරුනු වර්ගවාදයකට ඉඩ හැර සිටින පාලන තන්ත්‍රයක් කලා කෘතියක් වාරනය කරමින් මුස්ලිම් ජනතාවගේ හැඟීම් ගැන සංවේදී වෙන්න දරන වෑයම දකින අපට සිහිවෙන්නේ කුමක් ද? කටේ නරිවාදම රෙද්ද පල්ලෙන් බේරෙන සැටි නෙමෙයි ද?
දැන් මේ ප්‍රශ්නයට විරුද්ධ ව කෙනෙක් විතර්කයක් මතු කරන්න ඉඩ තියෙනවා: “මේක අහවල් අහවල් රටවලත් තහනම් කරලයි තියෙන්නේ. ඒ වගේ ම කමල හසන් ඉන්දියාවේ දීත් දර්ශන වාරනය කරන්න එකඟ වෙලා ඉන්න බව වාර්තා වුනා. ඉතින් තමුන්නාන්සේට තියෙන කැක්කුම මොකද්ද? මේ ගැන ඔහොම ලියලා වැඩක් තියෙනව ද?”
මේ ගැනත් කලින් ම උත්තරයක් දිය යුතු යි. ඉන්දියාවේ තියා මොන තූත්තුකුඩියක වුනත් චිත්‍රපටියක දර්ශන නියෝග මගින් ඉවත් කෙරුනා නම් ඒක වාරනයක් බව නිවැරදි වචනවලින් සඳහන් කිරීම වැදගත්. කලාකරුවා මුලින් සකස් කල ස්වරූපයෙන් වෙනස් විකෘත නිර්මානයක් ප්‍රදර්ශනයට අවසර දීම කිසි සේත් පිලිගත නොහැකි, අනුමත කල නොහැකි තත්වයක්. ඒ ගැන යථා පරිදි නියම වචනවලින් ලිවිය යුතු බවත්, සිහිය පිහිටුවාගත යුතු බවත් මගේ අදහස යි. නිකම් ම “Ban lifted” කියා අතපිහදාගන්න එවැනි අවස්ථාවක හැකියාවක් තිබීම ම ප්‍රශ්නකාරී නැද්ද? එවැනි අවස්ථාවක ලියැවෙන ලිපිවල, වාර්තාවල, සිරස්තලවල ගුරුත්ව කේන්ද්‍රය යොමු විය යුත්තේ වාරනය දෙසට නෙමෙයි ද?
ඒ වගේ ම මේ හැම පාලන තන්ත්‍රයක් ම පාහේ කලාකෘතියක් බඳු සාපේක්ශ වසයෙන් “වැදගත්”, බුද්ධිමය හා “හානිකාරක නොවන” (වෙනත් වචනවලින් කියතොත් අඩුවෙන් “විනාශකාරී”) තලයක ක්‍රියාත්මක වන මාධ්‍යයකට වැට බඳිමින් මුස්ලිම් ජනතාවට ඇහුම්කන් දෙන බව පෙන්වන්න උත්සාහ කරනවා. ඒ වුනත් මහමග එලිපිට කායික තර්ජන එල්ල කරමින් වැඩී එන වර්ගවාදය සිය පාලනය ගෙන යනු පිනිස දඩමීමා කරගෙන ඉන්නවා. මේ කපටි ආරක්ශකයින්ට කෙලින් උත්තරයක් දෙන්න අද අපේ රට තුල මුස්ලිම් ජනතාවට අවකාශයක් නැහැ. විවිධ තැන්වල සිදු වෙමින් පවතින මුස්ලිම් විරෝධී අඩන්තේට්ටම්වලට එරෙහි ව සාමකාමී උද්ඝෝශනයක වත් නිරත වෙන්න පුලුවන්කමක් මුස්ලිම් ජනතාවට තියෙනව ද? ඔවුන්ට සිදු ව ඇත්තේ ප්‍රවේසමෙන්, හිස නමාගෙන මේ අවදානම් කාලපරිච්ඡේදය ගත කරන්න යි.
ඒරොන් ශ්වාර්ට්ස්ගේ මරනය පසුගිය මාසය පුරා අන්තර්ජාල වාසීන් අතර ආන්දෝලනයට මෙන් ම බලවත් සන්තාපයට ද තුඩු දුන් සිදුවීමක් වුනා. අද හැක්ටිවිස්ට් යනුවෙන් හැඳින්වෙන, අන්තර්ජාලය පාදක කරගත් ක්‍රියාධරයන් අතර ඔහු ප්‍රමුඛයෙක්. ගෙල වැල ලාගෙන සියදිවි හානි කරගන්නා විට ශ්වාර්ට්ස් ඉතා දුශ්කර නඩු විභාග ක්‍රියාදාමයක් තුලින් ගමන් කරමින් සිටියා. ඇමෙරිකා එක්සත් ජනපදයේ MIT ආයතනය තුල සිට JSTOR වෙබ් අඩෙවියෙන් ශාස්ත්‍රීය හා පර්යේශන ලිපි මිලියන 4.8 ක පමන ප්‍රමානයක් අධිවේගයෙන් බාගැනීමේ “වරදට” ඔහුට එරෙහි ව නඩු පවරනු ලැබුනා. ශ්‍රී ලංකාවේ රාවය වැනි ඇතැම් පුවත්පත් මෙන් ම විවිධ “ජාත්‍යන්තර” මාධ්‍ය ද ඔහු JSTOR අඩෙවිය “හැක්” කල බව ලියා තිබුනත් එය තාක්ශනික ව සත්‍යය නොෙවයි. දැන් දැන් අඹ ගහකට ගල් ගැහුවත් “අන්න හැක් කෙරුවෝ!” කියන පුරුද්දක් ජනමාධ්‍ය අතර වගාදිගා වේගන යනවා. ඒත් ඔහු සිදු කලේ සාමාන්‍ය පරිදි MIT ආයතනය තුලින් සැපයුනු සුජාත දොරටුවකින් එම අඩෙවියට පිවිසී ලිපි නීත්‍යනුකූල ස්වරූපයෙන් බාගැනීමයි. එහෙත් ඔහු සිය අවශ්‍යතාව නිසා එක වර ලිපි බොහෝ සංඛ්‍යාවක් බාගත හැකි ස්ක්‍රිප්ට් එකක් රචනා කලා. එමගින් එක වර සිදු කල බෑමේ තරම කෙතරම්ද කියතොත් JSTOR අඩෙවිය තාවකාලික ව අකර්මන්‍ය වුනා. ඉන් පසු හානිය අවම කරනු පිනිස MIT ආයතනයට ලබා දී තිබුනු JSTOR පිවිසුම තාවකාලික ව වසා දැමීමට පියවර ගැනුනා. මෙය JSTOR අඩෙවියේ රීති උල්ලංඝනය කිරීමක් බව නම් ඇත්ත.
මීට පෙරත් ඔහු මේ ආකාරයේ බාගැනීමේ මෙහෙයුමක් දියත් කෙරුවා. ඒ ඇමෙරිකා එක්සත් ජනපද අධිකරන පද්ධතියට අයත් ලියවිලි අත්පත් කරගනු පිනිස. අධික මිලක් ගෙවා ලබාගතයුතු ලියවිලි මේ ක්‍රමයට තොග පිටින් බාගත් ඔහු, ඒ සියල්ල නොමිලේ සියලු දෙනාට පිවිසිය හැකි හැකි සර්වරයකට පිටපත් කලා. එවර ඔහුට එරෙහි ව කිසිදු පියවරක් ගැනීමට බලධාරීන්ට හැකියාවක් නොලැබුනේ ඒ සියලු ලියවිලි ඇත්ත වසයෙන් ම නෛතික ව පොදු පරිමන්ඩලයට (public domain) අයත් වූ නිසා.
ශ්වාර්ට්ස්ගේ අරමුනු
JSTOR යනු ඩිජිටලීකරනය කෙරුනු ශාස්ත්‍රීය ප්‍රකාශන, ලිපි, පත්‍රිකා ආදිය ඇතුලත් වුනු දැවැන්ත ලේඛනාගාරයක්. දායකත්ව ක්‍රමය (subscription) ඔස්සේ ලැබෙන මුදල් කතුවරුන්ට නො ව ප්‍රකාශන කර්මාන්තයේ මහධන සිටුවරුන් වූ ප්‍රකාශකයන් අතට ගලා යන, පාඨකයාට වැට බඳින JSTOR සංස්කෘතිය ශ්වාර්ට්ස්ගේ තියුනු විවේචනයට පාත්‍ර වුනා. එහි මුරකාවල් ලා රැකගෙන තිබුනු බොහෝ පර්යේශන පත්‍රිකා සැබැවින් ම සම්පාදනය කෙරුනේ මහජන මුදලින් නඩත්තු කෙරුනු ව්‍යාපෘති මගින්. එහෙත් ඒ පර්යේශනවල ප්‍රතිඵල භුක්ති විඳීමේ අයිතිය මහජනතාවට අහිමි කරනු ලැබ තිබීම ශ්වාර්ට්ස් දුටුවේ අතිශය මානව විරෝධී කටයුත්තක් හැටියට යි.
ඉතින් සුපුරුදු පරිදි මිලියන ගනනක් ලිපි බාගැනීමෙන් ඔහු අපේක්ශා කලේ ඒවා නිදහසේ සංසරනය වීමට සැලසීම යි. JSTOR අඩෙවිය මත් පසු ව ශ්වාර්ට්ස් අපේක්ශා කල සංස්කෘතියට ප්‍රවිශ්ට වෙමින් සිය ලේඛනාගාරය සියලු දෙනාට ක්‍රමානුකූල ව විවර කිරීමට කටයුතු කිරීම අසිරිමත් සිදුවීමක්. එපමනක් නෙමෙයි, ඔවුන් ශ්වාර්ට්ස්ට එරෙහි ව සිවිල් නඩුවක් පවත්වාගෙන යන්න උනන්දු වුනේ නෑ. බාගත් ලිපි ලේඛන “නැවත භාරදී” සංසරනය අත්හිටවූ පසු ඔවුන් එම ක්‍රියාවලියෙන් ඉවත් වුනා. MIT ආයතනය පවා පසු ව ලිහිල් පිලිවෙතක් අනුගමනය කලත් ඇටර්නි ජනරාල් තැන, අධිකරනය සහ රාජ්‍ය තන්ත්‍රය මෙහි දී ක්‍රියා කලේ මෙවැනි “සොරකම්” කරන සියලු දෙනාට “පාඩමක්” උගන්වන ආදර්ශවත් නඩුවක් බවට මෙය පෙරලාගන්නා අටියෙන්. ඔවුන් දත්ත සොරකම් කිරීම, පරිගනක වංචා යනාදී චෝදනා ගනනාවක් යටතේ නඩු පවරා ඔහු පසුපස නොකඩවා ලුහුබැන්දා. එනිසා ම ශ්වාර්ට්ස්ගේ ගෙල නීතියේ දඬුඅඬුවට හිරවෙන්න පටන්ගත්තා. වරද පිලිගැනීමට සූදානම් නො වූ ශ්වාර්ට්ස් අබියස පැවැති සිරදඬුවම අවුරුදු 35ක් පමන වූ බව පෙනී යනවා. ඇතැම් විශ්ලේශකයකුට අනුව ඔහුට හිමි වීමට ඉඩ තිබුනු දඬුවම ඊටත් වඩා දිගු යි. මෙය ඇතැම් මිනීමැරුම් නඩුවක පවා නොලැබෙන අන්දමේ දරුනු දන්ඩනයක්.
මේ වාතාවරනය නිසා විශාදයට පත් ව සිටි ශ්වාර්ට්ස් ජනවාරි 11 වැනි දා සිය ජීවිතයට සමු දුන්නත්, ඔහු ඉල්ලා සිටි, සටන් වැදුනු පරමාදර්ශ පිලිබඳ උත්සුකය නව පනක් ලබා අලුගසා නැගිටින්න එම මරනය හේතුවක් වුනා. ලොව වටා විවිධ ක්‍රියාධරයන්, බුද්ධිමතුන් හා තරුන තරුනියන් විවිධ අන්දමින් ශ්වාර්ට්ස් අනුස්මරනයේ යෙදුනා. සුප්‍රකට ඇනොනිමස් කන්ඩායම සිය “යුතුකම” ඉටු කෙරුවේ කෙලින් ම MIT ආයතනයට අයත් අඩෙවි කිහිපයක් “හැක්” කිරීමෙන්.  හිටිවන ම පිබිද ආ අනුස්මරන ක්‍රියාකාරකම් අතර වඩාත් ආස්වාදජනක අංගය වුනේ ලොව දස දෙසින් විවිධ පොත්පත් සහ ශාස්ත්‍රීය පර්යේශන පත්‍රිකා ආදිය නිදහසේ අන්තර්ජාලයට මුදා හල #pdftribute ව්‍යාපාරය යි.
ශ්වාර්ට්ස් සටන් වැදුනේ කුමක් වෙනුවෙන් ද?
ඒරොන් ශ්වාර්ට්ස් යනු සරදියෙල් කෙනෙක් නෙමෙයි. ඔහු ඊට වඩා පුලුල් හා දැනුවත් ක්‍රියාවලියක කොටස්කරුවෙක්. ඔහුගේ වැඩකටයුතු හුදෙක් නිදහස් හා විවෘත ප්‍රවේශය - Open Access - පිලිබඳ ක්ශේත්‍රයට පමනක් සීමා වුනේ නැහැ. විකිලීක්ස් වෙබ් අඩෙවියට තොරතුරු සැපයූ බවට චෝදනා ලැබ සිටින බ්‍රැඩ්ලි මෑනිං පිලිබඳ ප්‍රශ්නයේ දී ශ්වාර්ට්ස් පෙන්නුම් කල නිර්භය බව මෙවර ඔහුට එරෙහි ව රාජ්‍ය තන්ත්‍රයෙන් එල්ල වූ දෘඪතර ප්‍රහාරයට තවත් හේතුවක් වන්නට ඇතැයි සැලකෙනවා. 2010 දී Freedom of Information Act නමැති පනත යටතේ නඩු මගට පිලිපන් හෙතෙම, බ්‍රැඩ්ලි මෑනිං බන්ධනාගාරගත ව සිටිය දී සැලකුම් ලබන අන්දම පිලිබඳ තොරතුරු ඉල්ලා සිටියා. රාජ්‍යය විසින් තිරය පසුපස ගෙනයනු ලබන සාපරාධී වදහිංසනයන්ට එරෙහි වීමේ දී ඔහු සිටගත්තේ විකිලීක්ස් සමග එක පෙලට.  පසුගිය වසරේ මුල් භාගයේ කූටප්‍රාප්තියට පත් වුනු SOPA විරෝධී අරගලයේ දී පුරෝගාමී මෙහෙවරක් ඉටු කල Demand Progress ව්‍යාපාරය ඔහුගේ සම-නායකත්වයෙන් නිර්මානය වූවක්. ශ්වාර්ට්ස්ගේ SOPA විරෝධය එක්සත් ජනපද පාලක ප්‍රභූව හා බලධාරීන් අතර ඇති කලේ ප්‍රසාදජනක ආකල්පයක් නෙමෙයි: ලද අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගෙන ඔහුව දඩයම් කරන්න තවත් හේතුවක්.
ඔහුගේ වැඩකටයුතු එක්තරා ආකාරයක රොබින් හුඩ්/ සරදියෙල් පන්නයේ වීර ක්‍රියාවකට සමාන කරන්න ගත් උත්සාහය නිසා ඉස්මතු වුනේ සත්‍යයෙන් එක් පැත්තක් විතර යි. ඔහු ගැටුනු බලවේග ඔහුට වඩා බෙහෙවින් දැවැන්ත ද සංවිධානාත්මක ද වූ නිසා පුද්ගලයකු හැටියට “විනාශය” කරා ගියත් ඔහු දැරූ අදහස් හා පරමාදර්ශ පරාජය වුනේ නැති බව පැහැදිලි යි.
නිදහස් සංස්කෘතිය, විවෘත පිවිසුම්, අන්තර්ජාල නිදහස, භාශනයේ නිදහස ආදී උත්සුකයන් පෙරදැරි කරගෙන සාමූහික වත් තනිතනි වත් වැඩෙහි යෙදී සිටි ලොව වටා විවිධ පිරිස්, ශ්වාර්ට්ස්ගේ කාර්යභාරය සම්බන්ධයෙන් පැතිරගිය මරනාපර කීර්තියෙන් අලුත් වුනු උද්‍යෝගය හා ආවේශය ඇති ව ඒකරාශී වෙමින් ඉන්නවා. එක් පැත්තකින් අන්තර්ජාල අපරාධ සම්බන්ධ අත්තනෝමතික නීති ඉවත ලීමටත් ප්‍රතිසංස්කරනයටත් උද්ඝෝශනය කෙරෙන අතර තවත් පැත්තකින් විවෘත ප්‍රවේශය සහිත ශාස්ත්‍රීය සඟරා හා ප්‍රකාශන පිලිබඳ කතිකාව වැදගත් මට්ටමකට නැඟෙනවා. ඒ අතර ම මෙයාකාර හැක්ටිවිස්ට් භාවිතයන් සංකල්පනයට, නිර්වචනයට හා දිශාගත කිරීමට දැරෙන ප්‍රයත්න ද දැකගත හැකි යි. එය හැක්ටිවිස්ට් ප්‍රජාව තමන් ගැන ම - සිය භාවිතාව ගැන ම - ප්‍රශ්න මතු කරමින් ශබ්ද නඟා සිතන මොහොතක්.
RSS, ක්‍රියේටිව් කොමන්ස්, මාර්ක්ඩවුන් සහ තවත් වැඩ
ශ්වාර්ට්ස් බ්ලොග්කරනයේ යෙදෙන අපට බෙහෙවින් වැදගත් වන RSS 1.0 නමින් හැඳින්වෙන වෙබ් පෝශක ප්‍රභේදය නිපදවීමෙහිලා ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කලා. ඒ වන විට ඔහුට යන්තම් වයස අවුරුදු 14ක් පමන යි! මාර්ක්ඩවුන් ලේඛන විධික්‍රමය (plain text formatting syntax) සම්පාදනය කිරීමටත් ඔහු දායක වුනා. මා බොහෝ විට මේ බ්ලොග් සටහන් ලියන්නේ මාර්ක්ඩවුන් යොදාගෙන. එය ඉතා ම සුපැහැදිලි හා නිරවුල් ක්‍රමයක්. බොහෝ ම පහසුවෙන් “පිරිසිදු” බ්ලොග් ලිපියක් හෝ වෙබ් පිටුවක් ලියාගන්න එයින් පුලුවන්. පසුව Reddit සමග ඒකාබද්ධ කෙරුනු Infogami සමාගමේ නිර්මාතෘවරයා වුනු ශ්වාර්ස් ඒකාබද්ධ කිරීමෙන් පසු බිහි වූ මව් සමාගමෙහි සම අයිතිකරුවකු බවටත් පත් වුනා.
Creative Commons ව්‍යාපාරය සමග සමීප සම්බන්ධයක් පැවැත්වූ ඔහු විකිපීඩියානුවෙක් ද වුනා. 2006 වසරේ විකිපීඩියා අධ්‍යක්ශ මන්ඩල නිලවරනයට තරග කල ඔහු ලියූ Who Writes Wikipedia හිසැති ලිපිය ඉමහත් ගෞරවයට පාත්‍ර වෙනවා. ඉතා ලාබාල වියෙහි දී ම අසාමාන්‍ය බුද්ධි ප්‍රභාවක් මෙන් ම නායකත්ව ලක්ශන ද පෙන්නුම් කල මේ පුරෝගාමියාගේ නික්ම යාම පිරියම් කල නොහෙන හානියක්. එහෙත් ඔහුගේ ජීවිතය විසින් මෙන් ම මරනය මගින් ද ඉගැන්වූ පාඩම් කවර මට්ටමකින් හෝ මේ ක්ශේත්‍රවල නිරත වන, නිදහස අගයන ගැහැනුන්ට හා මිනිසුන්ට අනුප්‍රානයක් සපයන බව නිසැක යි.
පහත දැක්වෙන්නේ ඔහු වෙනුවෙන් පල කෙරුනු ශෝක ප්‍රකාශ යනාදියෙන් සමහරක්. සබැඳුම් පල කරන්නේ මෙය කියවන කෙනෙකු දෙන්නෙකු හෝ වැඩි දුර සොයාවි කියවාවි කියා හිතලයි.
Farewell to Aaron Swartz, an Extraordinary Hacker and Activist
Remembering Aaron Swartz (1986-2013)
Aaron Swartz: cannon fodder in the war against internet freedom
Aaron’s Army
processing the loss of Aaron Swartz
Aaron Swartz
One Graduate Student’s Commitment to Open Knowledge
RIP, Aaron Swartz
“An Incredible Soul”: Larry Lessig Remembers Aaron Swartz
How to honor Aaron Swartz
ශ්වාර්ට්ස්ගේ වෙබ් අඩෙවිය http://www.aaronsw.com/
ශ්වාර්ට්ස් අනුස්මරන වෙබ් අඩෙවිය Remember Aaron Swartz
පහත දැක්වෙන්නේ අප SOPA නැවතූයේ කෙසේ ද? යන මැයින් ශ්වාර්ට්ස් පැවැත්වූ දේශනයක්
සේයාරුව විකිපීඩියා වෙතින්. CC-BY  Fred Benenson